මයිටොකොන්ඩ්රියල් DNA (විද්‍යා හා තාක්ෂණය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
පරම්පරාව තුල මයිටොකොන්ඩ්රියල් DNA ගමන් කරන්නේ කාන්තාවකගෙන් පහලට පමණයි. අපි හිතමු කාන්තාවකට පිරිමි දරුවෙක් සහ ගැහැණු දරුවෙක් හිටියා කියල. ඒ දරුවන් දෙදෙනාටම මව් පාර්ශවය හරහා මයිටොකොන්ඩ්රියල් DNA ගමන් කරනවා. නමුත් පිරිමි දරුවාගේ දරුවන්ට ඔහුගෙන් එම DNA ගමන් කරන්නේ නැහැ. එතනින් නවතිනවා. නමුත් අර ගැහැණු දරුවාගේ දරුවන්ට ඒක දිගටම ගමන් කරනවා. ඒ කියන්නෙ කාන්තාවන් හරහා පරම්පරාව තුල මයිටොකොන්ඩ්රියල් DNA එක දිගට ගමන් කරනවා.
මයිටොකොන්ඩ්රියල් DNA මගින් ඕනෑම කෙනෙකුගේ මව් පාර්ශවයේ ඉතිහාසය හොයන්න පුළුවන්. ඒ කියන්නෙ අම්ම, ආච්චි, ආච්චිගේ අම්ම ඔය විදියට පිටුපසට හොයාගෙන යන්න පුළුවන්. DNA දම්වැලේ ඒ සියලු දෙනා සටහන් වෙලා තියෙනවා.
මීට දශක කිහිපයකට පෙර මයිටොකොන්ඩ්රියල් DNA ගැන පර්යේෂණ කරන විද්යාඥයින් පිරිසකට මහා පුදුම තොරතුරක් හමුවුනා. ඕනෑම කෙනෙකුගේ මයිටොකොන්ඩ්රියල් DNA එක කියවාගෙන පරම්පරා හත් අට දහසක් පමණ පිටුපසට යනකොට හමුවන්නේ එකම එක කාන්තාවක්. ලොව පුරා විවිධ ජනවර්ග වලට අයත් මිනිසුන්ගේ DNA සාම්පල පරීක්ෂා කොට ඔවුන් මෙම ප්රතිඵලය තහවුරු කරගත්තා. ඒ කියන්නෙ ලොව ජීවත්වන සියලු මිනිසුන් පැවත එන්නෙ එකම මවකගෙන්. විද්යාඥයින් ඇයව බයිබල් මිථ්යාවේ එන ප්රථම කාන්තාව ඒව (ආදම් සහ ඒව කතාව) ගේ නමින් නම් කලා. එයා අප්රිකාවේ ජීවත්වූ කලු පැහැති කාන්තාවක් නිසා කලු අම්මා කියලත් හඳුන්වනවා. හැබැයි එයා පළමු මිනිස් කාන්තාව නෙමෙයි. ඇයට මවක් සිටියා. ඒ මවගේ පරම්පරාවත් තවත් අතීතයට ගමන් කරනවා.
කොහොමද මෙහෙම වුනේ. මානව විද්යාත්මක සහ ජෛව විද්යාත්මක තොරතුරු ඇසුරෙන් සෑහෙන්න පැහැදිලි චිත්රයක් මේ වනවිට තියෙනවා. දැනට ජීවත්වන සියලු මිනිසුන් අයත් වන හෝමෝ සේපියන්ස් සත්ව විශේෂය (හරියටම කිව්වොත් හෝමෝ සේපියන්ස් සේපියන්ස් සත්ව උප විශේෂය) බිහිවුනේ නැගෙනහිර අප්රිකාවේ. එක්තරා කාලයකදී මේගොල්ලො මොකක් හරි හේතුවක් නිසා අප්රිකාවෙන් එලියට ගමන් කරන්න ගත්ත. ඒ ඔක්කොම වගේ විවිධ අනතුරු උපද්රව වලට මුහුණ දෙමින් මියගියා. සාර්ථකව එලියට විසිරුනේ එක කුඩා කණ්ඩායමක් පමණයි. මේ කණ්ඩායම ඔක්කොම එකම කාන්තාවකගේ දරු මුනුපුරෝ. අන්න ඇය තමයි දැනට සියලුම මිනිසුන්ගේ ලඟම පොදු අම්මා වෙන්නෙ. අර කියපු කණ්ඩායම වර්ධනය වෙවී ලොව නන්දෙස විසිර ගොස් අවුරුදු ලක්ෂයක් පුරා වෙනස් තත්වයන් යටතේ පරිණාමය වී විවිධත්වයෙන් යුත් මිනිසුන්ගෙන් සමන්විත අද අප දකින මිනිස් සමාජය බිහිවී තිබෙනවා.
පහත පින්තුරයේ දැක්වෙන්නේ ඒ කළු අම්මා තමයි. එය දැනට තිබෙන සියලුම මානව විද්යාත්මක හා ජීව විද්යාත්මක දත්ත ඇසුරෙන් සිදුකල පරිගණක නිර්මාණයක්.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!