‘ සියලු දේට මුල් වන්නෙ තම මනසයි ‘ යන බුදු වදනෙහි අර්ථය වන්නෙ මිනිස් ජීවයක පැවැත්ම සදහා භෞතික ශරීරයටත් වඩා ලෞකික ශරීරය එනම්, තම මනස මුල් වන බවයි.අද ලෝකය තාක්ෂණයෙ ඉහල දියුණුවත් සමග මිනිස් ජීවිතයට අරමුණු බොහොමයක් සමග ජීවත් වන්නට සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මනසේ නීරෝගීබව නම් පිරිහී ගොස් ඇත.අතීතයට වඩා වර්තමානයෙ සියදිවි නසා බහුල වෙලා තියෙන්නෙ ඒ නිසයි.මේ වනවිට ලංකාවේ දස දෙනෙකුගෙන් ඉන් හතරදෙනකුම වගේ විෂාදය රෝගයෙන් පෙලෙන අතර අන් කවරදාකටත් වඩා මනෝවිද්‍යාව විෂයයන් අවශ්‍ය වෙලා තියනවා.
ආර්ථික ගැටලු, ශාරීරික ගැටලු, පවුල් ප්‍රශ්න, අධ්‍යාපනික ප්‍රශ්න ,සම්බන්ධතා ගැටලු වලින් පීඩා විඳින අයෙක් සදහා අවශ්‍ය මානසික සහනය, සත්කාරයන්, තෙරපි වර්ග,උපදෙස් ලබාදෙමින් මානසික ගැටලු වලින් පීඩා විදින අයගෙ මානසික සුවතාවය වෙනුවෙන් කටයුතු කිරීම සදහා සුදුසුකම් ලබාගන්නා අයවලුන් රැකියාවක් සදහා අධ්‍යාපනය ලබාගන්නවාටත් වඩා මෙය ඉතාමත් හැගීමෙන් යුතුව සිදුකල යුත්තකි.
ඉතින් මනෝවිද්‍යාව උපාධියක් වශයෙන් හදාරන්න කැමැත්තෙන් ඉන්න අයට සමාජ සේවයක් වගේම රැකියා අවස්ථා අනුව ගත්තද බොහොමයක් රැකියා අවස්ථා ලබාගන්න පුලුවන් ක්ෂේත්‍රයක්. නමුත් අනෙකුත් ක්ෂේත්‍රයන් වගේම තමන්ට තැනක් හදාගන්න නම් තමන්ගෙ skill එක දියුණු කරගන්නම වෙනවා.දැන් අපි බලමු මනෝවිද්‍යාව උපාධියක් වශයෙන් හැදෑරිමෙන් ලබාගන්න පුලුවන් රැකියා අවස්ථා.

- ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය – උපදේශන නිලධාරින්,සමාජ සේවා නිලධාරී,ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි,ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී, වනිතා කටයුතු නිලධාරීන්,මුල් ළමාවිය සංවර්ධන නිලධාරී,විදේශ කටයුතු සම්බන්ධ නිලධාරීන්,වැඩිහිටි නිලධාරී.
- පාසල් උපදේශන – ජාතික පාසල් හා පලාත් ගුරුවරුන්,ප්‍රාථමික අංශයේ ගුරුවරයෙක් වීමට,අධ්‍යාපන ඩිප්ලෝමාව සඳහා අධ්‍යාපන මනෝ විද්‍යාව හදාරා තිබීම,විද්‍යාපීට ගුරුවරුන්.
- ජාතික ළමාරක්ෂක අධිකාරිය – දිස්ත්‍රික් ළමාරක්ෂක අධිකාරිය, දිස්ත්‍රික් මනෝසාමාජීය නිලධාරි, ප්‍රාදේශීය ළමාරක්ෂක අධිකාරිය, ළමා රක්ෂක අධිකාරියේ රැකියා අවස්ථා.
- අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ උපදේශන නිලධාරීන් ,සහකරු උපදේශන නිලධාරින්.
- පරිවාස නිලධාරී – ප්‍රජා විශෝධන නිලධාරි,අධිකරණ පවුල් උපදේශන
- ත්‍රිවිධ හමුදාව සදහා උපදේශන නිලධාරින්,මනෝ විද්‍යාඥයින්,සායනික මනෝ මනෝවිද්‍යාඥයින්.
- සෞඛ්‍ය අමාත්‍යාංශයේ මනෝවෛද්‍ය සමාජ සේවා නිලධාරීන්.
- ඊට අමතරව මනෝ විද්‍යාව හදාරා ඇති පුද්ගලයින් බඳවා ගන්නා ස්ථාන – රෝහල්,පොලිස් ස්ථාන,ඇඟලුම් කර්මාන්තශාලා,moh කාර්යාල සඳහා,බොහොමයක් පෞද්ගලික ආයතන සඳහා.
මනෝවිද්‍යා උපාධියක් හැදෑරීමේදී ඔබට අධ්‍යයන කල යුතු විෂයයන් ( මෙම විෂයයන් ගෙන ඇත්තෙ මධ්‍යස්ථ වශයෙන් හැදෑරීමට සිදුවන විෂයයන් අනුවයි )

- මනෝ විද්‍යාව හැඳින්වීම
- පුද්ගලානුබද්ධ වෙනස්කම්
- අභිප්‍රේරණ සහ හැඟීම්
- මනෝවිද්‍යාවෙහි ආචාර ධර්ම
- මනෝවිද්‍යාවේ ශාස්ත්‍රීය ලිවීම
- මනෝවිද්‍යාව සදහා සන්නිවේදන කුසලතා
- සමාජ මනෝවිද්‍යාව
- ජීව විද්‍යාත්මක මනෝ විද්‍යාව
- උපදේශන මනෝවිද්‍යාව
- ළමා මනෝවිද්‍යව
- අසාමාන්‍ය මනෝවිද්‍යාව
- මනෝවිද්යාව තුළ සංඛ්යා ලේඛන
- මොලය සහ හැසිරීම
- මනෝවිද්‍යාව පිළිබඳ චින්තනයේ පාසල්
- සෞඛ්‍ය මනෝවිද්‍යාව
- කාර්මික සංවිධාන මනෝවිද්යාව
- මනෝවිද්‍යාවෙහි පර්යේෂණ ක්‍රමය
- අධ්‍යාපනික මනෝවිද්‍යාව
- නව යොවුන් විය පිලිබඳ මනෝවිද්‍යාව
- මානසික සෞඛ්‍යය සහ මනෝ සමාජීය යහපැවැත්ම
- ඉගෙනුම් න්‍යායාන් සහ හැසිරීම් වෙනස් කිරීම
- පර්යේෂණ ව්‍යාපෘති කළමනාකරණය
- උසස් පර්යේෂණ න්‍යායන්
- සායනික මනෝ විද්‍යාව
- වයසට යාම සහ මරණය පිළිබඳව මනෝ විද්‍යාව
- හරස් සංස්කෘතික මනෝ විද්‍යාව
- පාරිභෝගික සහ මාධ්‍ය මනෝවිද්‍යාව
- ස්නායු මනෝවිද්‍යාව
- මනෝ විද්‍යාව සහ නීතිය
- වෘත්තීය සෞඛ්‍ය මනෝවිද්යාව
- හැසිරීම් ජාන විද්‍යාව
- ඇබ්බැහිවීම් සම්බන්ධ මනෝ විද්‍යාව
- මනෝ පරාමිතික
- මානව ලිංගිකත්වය පිළිබඳ මනෝවිද්‍යාව
මනෝවිද්‍යා උපාධිය පේරාදෙණිය විශ්ව විද්‍යාලය ඇතුලු විශ්ව විද්‍යාලයන් කිහිපයකින්ම ලබාදීම සිදුකරන අතර ඒ අතරිනුත් පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ කැළණිය විශ්ව විද්‍යාලය මනෝවිද්‍යාව උපාධිය සදහා වඩාත් ජනප්‍රිය සහ ප්‍රමුඛ ස්ථානයක්