මැක්කා (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මෙය රුසියාවේ අධ්යාපනය සඳහා ගිය ලාංකික සිසුවෙකුට සිදුවූ දෙයක්. අධ්යාපන කටයුතු ආරම්භ කිරීමට පෙර රුසියානු භාෂාව ඉගෙනීම අනිවාර්ය වේ. ලිඛිත පරීක්ෂණ අවසානයේ දී වාචික පරීක්ෂණ පැවැත්වේ. එහිදී දෙනලද මාතෘකාව කට අදාලව රුසියන් බසින් කතා කල යුතුය. අප කතා නායකයා මැක්කන් ගැන රචනාවක් ලියා කටපාඩම් කරගෙන පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය. කරුමයට මෙන් ඔහුට ලැබුණු මාතෘකාව හාවා විය. මේ ඔහු කල කතාවයි.
” හාවා කියන්නෙ ඇඟපුරා ලෝම තියෙන සතෙක්. ඒ නිසා උගේ ඇඟේ මැක්කා ඉන්නවා, මැක්කා කියන්නේ……” කියලා පටන් අරන් අරං පාඩම් කරපු කතාව කිව්වා.
පරීක්ෂණ මණ්ඩලය ෆුල් හොල්මන්. ඒ අය සාකච්ඡා කරලා මූට කිව්වා, හරකා ගැන කතා කරන්න කියලා. මූ ඉතින් ලංකාවේ අණ්ඩපාල කෙනෙක් නේ. මූ කතා කරා,
” හරකා කියන්නෙ ඇඟපුරා ලෝම තියෙන සතෙක්. ඒ නිසා උගේ ඇඟේ මැක්කා ඉන්නවා, මැක්කා කියන්නේ……” ආපහු මැක්කා ගැන කතාව. ඒ පාර කිව්වා බළලා ගැන කතා කරන්න.
” බළලා කියන්නෙ ඇඟපුරා ලෝම තියෙන සතෙක්. ඒ නිසා උගේ ඇඟේ මැක්කා ඉන්නවා, මැක්කා කියන්නේ……” ඔන්න ආපහු පලු පැලෙන්න මැක්කා ගැන මූ කතා කරනවා. මූ ඇම්ඩන් කෙනෙක් බව දැනගත් පරීක්ෂණ මණ්ඩලය,මාළුවා ගැන කතා කරන්න කිව්වා.
” මාළුවා දියේ වාසය කරන්නේ. උගේ ඇගේ ලෝම නෑ. හැබැයි වැරදිලාවත් ලෝම තිබුනා නම් උගෙ ඇඟේ මැක්කා ඉන්නවා……” කියලා ආපහු මැක්කා ගැන කතාව. පරීක්ෂණ මණ්ඩලය හිනා වෙලා ඌට A + pass එකක් දුන්නා.
උපුටා ගැනීම: Wimalasena Kanankege

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!