මල් ගැන තියෙන රසවත් කතන්දර… (සංස්කෘතිය හා කළා නිර්මාණ)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අපි අද කතා කරන්න යන්නේ අර ඔයාලා හිතන මල් ගැන නම් නෙමෙයි. අපේ පරිසරය ලස්සන කරන්න දායක වෙන මල් ගැන. හැබැයි සමහර මල් නම් අපිට අහන්න ලැබෙන්නේ සාහිත්යය ලෝකය තුළ විතරයි. එහෙම නම් වැඩි කතාබහක් නැතුව අපි මල් ගැන කතාබහ ආරම්භ කරමු.
1. පරසතු
මේ අපිට ලෝකයේ දැකගන්න හම්බ වෙන මල් ජාතියක් නම් නෙමෙයි. මේ මල් ජාතිය තියෙනවා කියන්නේ දිව්ය ලෝකයේ. මේ මලේ සුවඳ ගව් සිය ගාණක් දුර දැනෙනවලු. ඒ වගේම මේ පරසතු ගහේ මල් පිපෙන කාලෙට දෙවියෝ සැණකෙළි කෙලිනවලු. මිනිස් ලෝකය ආශ්රිතව පවතින පුදබිම් වන්දනාමාන කරන්න එද්දී දෙවියෝ මේ මල් අරගෙන එනවලු.
2. මදාරා
මදාරා මලුත් තියෙන්නෙ දිව්ය ලෝකයේ. අපේ රටේ සමහර තැන් වල මදාරා ගස් තියෙනවයි කියල කිව්වට සාහිත්ය පොතපත වල සඳහන් වන ආකාරයට එහි කියැවෙන්නේ වෙනස්ම විදිහේ මල් ජාතියක් ගැන කියලා හිතන්න පුළුවන්. පරසතු මල් වගේම මදාරාත් මේ නිසාම අපේ රටේ කලාකාරයන්ගේ හිතේ චමත්කාරය මතු කරන්න සමත් වෙච්ච මල් වර්ග දෙකක්. කවි, ගීත විතරක් නෙමෙයි, ඇතැම් අවස්ථාවල චිත්රපටිවල නම් පවා මේ මල් ආශ්රයෙන් නම් වෙලා තියෙනවා.
3. කඩුපුල්
කඩුපුල් මල් අපේ ගෙවතු වලත් පිපුනට මේ මල් ගහේ උපන්බිම නාග ලෝකයලු. අද පවා නාගයින්ගේ පුද පූජා වලට ලක්වෙනවායි කියලා විශ්වාස කරන කැ​ළණි විහාර පුදබිමේ පොහෝ දිනවල උදෑසන මලසුන්වල උඩ පූජා කරපු කඩුපුල් මල් දකින්න ලැබෙනවලු. මේ මල් නාග ලෝකයේ පිරිස් විසින් පූජා කරන ලද මල් කියලා විශ්වාස කරන උදවියත් ඉන්නවා.
4. නාරිලතා මල
ඇතැම් අවස්ථාවල ලියතඹරා මල විදිහටත් හැඳින්වෙන නාරිලතා මල නාමයෙන්ම හැඟවෙන විදිහට කාන්තාවකගේ හැඩහුරුකම් සහිත මල් වර්ගයක්. මේ මල් පිපෙන්නේ හිමාලයෙලු (සමහර අවස්ථාවල මේ මල් වර්ගය කියලා විකාර ඡායාරූපයක් ෆේස්බුක් අවකාශයේ සංසරණය වෙනවා) නාරිලතා මල දකින තවුසන්ගේ දැහැන් බිඳදැමීමට මේ මල් වර්ගය හේතු වෙනවලු. නාරිලතා මල් පිළිබඳව පොත පතෙහි සඳහන් වන කරුණු අධ්යයනය කරපු ඇතැම් අය නම් කියන්නේ මේ මල් වර්ගය උඩවැඩියා විශේෂයක් කියලායි.
5. නාසිසස්
යුරෝපයේ ගංගා සහ වැව් ඉවුරු ආශ්රිතව දකින්නට ලැබෙන සුදු සහ කහ පැහැති මෙම මල් වර්ගය පිළිබඳව අපූරු ජනප්රවාදයක් පවතිනවා. සිය රූප සම්පත්තිය පිළිබඳව අතිශයින් උඩඟු බවින් යුතු නාසිසස් නම් තරුණයෙකු, වතුර බීම සඳහා විලකට නැඹුරු වීමේ දී සිය ඡායාව දිය මත දැක එයට වශී වී නොනැගිටම එදෙස බලා සිට තිබෙනවා. එනිසා දෙවිවරු විසින් ඔහුව මලක් බවට පත්කොට තිබෙනවා. නාසිසස්මය තත්ත්වයක් ලෙස මනෝ විද්යාව තුළ හැඳින්වෙන මානසික තත්ත්වය නම් කොට ඇත්තේ ද මෙම ජනප්රවාදය ඇසුරෙන්මයි.
6. ෆොගෙට් මී නොට්
බටහිර රටවල ජනප්රවාද වලට අනුව දෙවියන් වහන්සේ විසින් මවන ලද පාරාදීසයේ මෙම මල් වර්ගයත් ඇතුළත්ව තිබෙනවා. දිනක් එම උයනේ සක්මන් කරමින් සිටි දෙවියන් වහන්සේ, මෙම නිල් පැහැති මලෙන් “ඔබේ නම කුමක්දැයි” විමසා තිබෙනවා. අතිශයින්ම ලැජ්ජාශීලී, බිමට බරව වැඩෙන මලක් වන මෙම මලට එවිට තම නම අමතකව ගොස් තිබෙනවා. එහිදී සිනාසුන දෙවියන් වහන්සේ “ෆොගෙට් මී නොට්” යන නම එයට ලබා දී තිබෙනවා.
7. සූරියකාන්ත මල
පුරාණ දේව කතා වලට අනුව හිරු දෙවියන් කෙරෙහි පෙමින් බැඳුන කාන්තාවක් හිරු දෙවියන්ගේ දේවියගේ උදහසට ලක් වීම නිසා මිය ගොස් තිබෙනවා. නමුත් තම පෙම්වතියව අමරණීය කිරීමට සිතූ හිරු දෙවිඳු විසින් එම තරුණියව මලක් බවට පත් කොට තිබෙනවා. සූර්යයා සිටින ප්රදේශය අනුව ඒ දෙසට හැරෙන සූරියකාන්ත මල සිය ආදරය සදාකාලික බව ලෝකයට කියාපානවා. ග්රීක දේව කතා තුළ ඇපලෝ දෙවියාවත්, හින්දු දේව කතා තුළ ඉන්ද්ර දෙවියාවත් සම්බන්ධ කරගනිමින් මෙම ජනකතා බිහිව තිබීම එක්තරා දුරක විශේෂත්වයක්….
………………අන්තර්ජාලය ඇසුරෙනි…………….

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!