මගේ ප්රිය බිරිද පිලිපීන කාන්තාවක්. ඇය ඉතාමත් රූමත් මෙන්ම උද්යෝගීමත් කාන්තාවක්. මම එහි වාසය කරන කාලයේදී මට කිසිම අඩුපාඩුවක් නොවන්නට වග බලා ගැනීමට ඇය නිරන්තරයෙන් උත්සාහ කරනු ලැබුවා.
මේ කාලය අතරතුර මගේ පියා අප අතහැර ගියා. අවසන් කටයුතු සදහා මම සහභාගී වුවත් අධික වැඩ රාජකාරි හේතුවෙන් ඇයට ලංකාවට පැමිණීමට හැකි වූයේ නැහැ.
මා නැවතත් පිලිපීනය බලා යන විට පියාගේ රාමු කරන ලද චායාරූපයක් ගෙනයාමට කටයුතු කලා.මෙය මාගේ නිවසට ගෙනවිත් ලංකාවෙන් මිලදීගෙන පැමිණි කෘතීම මල්වැලකින් සැරසීමටත් කටයුතු කරනු ලැබුවා. මම ඒ දේවල් කරන ආකාරය බිරිද පසෙකට වී සිනාමුසු මුහුණෙන් බලා සිටියා. ඉන්පසු ඇය ඇයගේ භාශාවෙන් ඇයගේ මිතුරියක හා උවමනාවෙන් කතා බහ කල ආකාරය පෙනෙන්නට තිබුනා.
ඉන්පසු දින සේවා ස්තානය වෙත ගොස් ඒමට ටිකක් පරක්කු උනා. සති දෙකක නිවාඩු කාලය ඇතුලත නොපැමිණි බැවින් අධික රාජකාරි ප්රමාණයක් එකතු වී තිබුනා. එදින නිවසට පැමිණියේ අදික විඩාවක් සමගයි.
නිවසට ඇතුල් වූ විට මා දුටු දෙයින් ඇතිවූ කම්පනයෙන් එතනම තිබුණු පුටුවේ මන් වාඩි උනා.
” මාගේ බිරිද විසින් පියාගේ චායාරූපයට එහා පැත්තේ මගේ චායාරූපයක් තබා ඒකටත් මල් වැලක් දාලා” 

ඇය සිතා තිබුනේ තමන්ගේ චායාරූපයට මල් වැල් දැමීම ලංකාවේ සංස්කෘතික අංගයක් ලෙසය. ඇය සෑමවිටම උත්සාහ කලේ ලංකාවේ මෙන්ම එහිදීද ඉතා පහසුවෙන් වාසය කිරීමට හැකි වන පරිදි වටපිටාව සකස් කිරීමයි.
පසුව එම වරද නිවැරදි කිරීමට ඇය කටයුතු කලේ සමාව ඉල්ලීම් සිය ගනනක් මැද්දේය.
ස්තූතියි මම තවමත් සනීපෙන්…..
ප.ලි. වැරදි වලට කමා කරත්වා.
උපුටා ගැනීම: Rusiru Thishakya Kanakanamge