ශිෂ්‍යත්වෙ පාස් වුණත් බලාපොරොත්තු වෙච්ච කොළඔ ඉස්කෝලවලට යන්න ලකුණු දෙක තුනක් මදි. තාත්තා කිව්වා ප්‍රශ්නයක් නෑ ගම්පහ සුපිරි ඉස්කෝලයක් තියෙනවා ඒකට දාලා දෙන්නම් කියලා. මම ඇඩුවා. දවස් දෙක තුනක් හරියට කෑවෙ බිව්වෙත් නෑ. මිශ්‍ර පාසලකට හරි කමක් නෑ මට ඕන වුණේ කොළඔ ඉස්කෝලයක්. ඒත් තාත්තගෙ තීරණේ වෙනස් වුණේ නෑ. මම ගම්පහ පිරිමි පාසලකට ඇතුළත් වුණා. ටික කාලයක් ගියාම මට තේරුණා තාත්තගෙ තීරණේ වැරැද්දක් නෑ කියලා. පාසලේ මට විවිධ චරිත හමුවුණා. මේ කතාව ඔවුන් වෙනුවෙන්.
6 වසරෙ මම හිටියෙ D පන්තියේ. මුලින්ම ළමයි 32ක් හිටියා. වාර විභාගය තිබ්බා. මම 32වෙනියා. පන්තියෙ මහත උන් තුන් දෙනෙක් හිටියා. එකෙක් අනූෂ්. ” ඇල්ජීරියානු වල් අලියෝ ” කියලා කොලොප්පං කරලා දුවලා උගෙන් ගඩොල් පාරවල් ඕනතරම් කාලා තියෙනවා. දෙවෙනි එකා සමිදුල්. ඒ කාලෙ පන්තියෙ ළමයි සතිය ගානෙ සල්ලි එකතු කරලා සමිදුලාට දෙනවා මිහිර පත්තරෙයි, විජය පත්තරෙයි ගේන්න. සමහර දවස් වල පත්තරෙත් එක්ක අතිරේකයක් අමුණලා එවනවා. ඒත් මූ ගේන පත්තරවල අතිරේකය නැති නිසා පස්සෙ කාලෙක ඒ වැඩේ වෙන එකෙක්ට භාර දුන්නා. තුන්වෙනි තඩියා චමෝද්. එක දවසක් කවුරුහරි එකෙක් ශරීර අවයවයක් මූට පෙන්නලා මූ බයවෙලා යටි ගිරියෙන් කෑ ගහලා ඒකට මාව මාට්ටු වෙලා මම අම්බානකට ගුටි කෑවා. තව දවසක් මම ගම්පහ දුම්රිය ස්ථානාධිපතිට බැනලා ලියපු ලියුමක් පැමිණිලි පෙට්ටියට දාන්න කලින් මූ ඉරලා විසිකළා. තවත් දවසක් මම කෝච්චිය එද්දි රේල් පාරට පැනලා කෝච්චියට විරිත්තලා ආපහු ප්ලැට්ෆෝම් එකට නගිනවා කියලා පන්තිභාර ටීචර්ට කියලා මට බැනුම් ඇස්සෙව්වා.
කුණුහර්ප, අසභ්‍ය කතන්දර මුලින්ම පන්තියට ගේන පුෂ්පිකයාවයි, ගුරුවරුන්ටයි ළමයින්ටයි පද හදන සුදර්ශනයාවයි ආශ්‍රය කරලා මලක් වගේ හිටපු මම නරක් වුණා. හේතුව මොකක්ද දන්නෙ නැති වුණත් විදුහල්පතිතුමා එම ධූරයෙන් ඉවත් වුණා. ඒකට විරෝධය පාලා ලොකු පන්තිවල අයියලා ඉස්කෝලෙ ඇතුළෙ බට්ටො පත්තු කරලා හෙන කලබැගෑනියක් කළා. බට්ටො සද්දෙට බය වෙච්ච පුංචි කොස්තා ඒවා නිවිලා යන්න වැහි පිරිත කිව්වා. පන්ති භාර සර් මුගෙ කනෙන් අල්ලන්න ගිහින් මූ සර්ගෙ අතත් හපා කෑවා. නිමන්තයා උස වුණාට ගෙදර හුරතලේට හැදිච්ච එකෙක්. ඌ හැමදාම මට පැන්සලෙන් අනිනවා. මට ඌත් එක්ක ගහගන්න බැරි නිසා මම ඌට බනිනවා. එතකොට ඌ පොඩි එකෙක් වගේ ඇස් රතු කරගෙන අඩනවා.
මගෙ නම පරාක්‍රම චන්ද්‍රකාන්ත. ටීචර්ලා නම් කියන්නෙ නම චන්ද්‍රකාන්ත වුණාට වැඩ බලුකාන්ත කියලා. හත වසරෙදි පන්තියට අළුතෙන් ළමයි ටිකක් ආවා. දැන් ඉසුරුලා 4ක් ඉන්න නිසා හතර දෙනාව A, B, C, D ලෙස නම් කළා. A ඉසුරුවා දවසක් මගෙ ෂර්ට් එකෙන් ඇදලා බොත්තම් ටික කැඩුවා. ඉංග්‍රීසි සර් අනිත් උන්ට ගැහුවාට B ඉසුරුවාට ගහන්නෙ නෑ. මොකද ඉංග්‍රීසි සර් ඌට ටියුෂන් ක්ලාස් එකකුත් කරනවා. C එකා ඉසුරු මිණිවන්. උගෙ දත් ටික වැලි කඩදාසියකින් මැදලා වගේ දිළිසෙනවා. D ඉසුරුවාගෙ ගෙවල් තිබ්බෙ ඉස්කෝලෙ ඉස්සරහමයි. එක කාලෙක රෙජිස්ටරේ අංක 2 කියන එකා සතියක් විතර ඉස්කෝලෙ ආවෙ නෑ. ඒ හින්දා හැමදාම ” දෙක නෑ, දෙක නෑ ” කියලා කිව්වේ. අරූ ආපහු ඉස්කෝලෙ ආපු දවසෙත් රෙජිස්ටරේ මාක් කරද්දි D ඉසුරුවා කෑ ගැහුවා දෙක නෑ කියලා. ටීචර්ට තද වෙලා කිව්වා ” තමුසෙගෙ වෙන මොකක් හරි දෙකක් තමයි නැතිවෙලා තියන්නෙ ” කියලා. ඉස්කෝලෙ වෙසක් කූඩු තරගයක් තිබ්බා. හැම සෙක්ශන් එකෙන්ම හොදම වෙසක් කූඩුව තෝරලා ඒ පන්තියෙ ළමයින්ව අධ්‍යාපන චාරිකාවක් එක්ක යනවා. D ඉසුරුවාගෙ ගේ තිබ්බෙ ඉස්කෝලෙ ඉස්සරහ නිසා පන්තියෙ උන් සෙනසුරාදා දවසක උදෙන්ම ගියා කූඩුව හදන්න. දවල් 12 වෙනකම් කල්පනා කළා මොකක්ද හදන්නෙ කියලා. ඊට පස්සෙ ප්ලේන් එකක් හදමු කියලා ගම වටේ ගිහින් උණ බට කපලා හවස් වෙනකම් කූඩුව හැදුවා. කූඩුව මෙලෝ රහක් නෑ. ඇදයි. දැන් හවස 7යි. සදුදා කූඩුව ඉදිරිපත් කරන්න ඕනේ. D ඉසුරුවා කිවවා සදුදා වරෙන්. මම මොකක් හරි කරන්නම් කියලා. සදුදා ඉස්කෝලෙ යද්දි සුපිරියටම හදපු ප්ලේන් එකක් අරූ ගෙනාවා. ඇදක් කුදක් නෑ. ඇත්ත එකක් වගේ. ප්‍රථම ස්ථානය ගත්ත අපි චාරිකාවත් ගිහින් කූඩුව කඩන දවසෙ තමයි දැක්කෙ අරූ යකඩ ෆ්‍රේම් එකක් පාස්සලා ඒක උඩින් උණ පතුරු ගැට ගහලා සව්කොළ අලවලා හදලා තියන්නේ.
මම සෞන්දර්ය විෂයක් විදියට කළේ චිත්‍ර. නැටුම් කාමරේ ගාව පිණි ජම්බු ගහක් තිබ්බ නිසා මම නැටුම් වලට මාරු වුණා. ඊට සති දෙකකට විතර පස්සෙ චිත්‍ර උගන්නන්න සුරූපී ගුරුවරියක් ආවා. ඒත් මම පරක්කු වැඩියි. ඔය කාලෙම ලොකු පන්ති වලට දුන්න සෞඛ්‍ය පොතක් මායි සුදර්ශනයයි එකතු වෙලා අමතර පින්තූර ඇදලා සංශෝධනය කළා. එහා පන්තියෙ හිටපු අයෝධ්‍ය හිටපල්ලා තොපිට හොද වැඩක් කරන්න කියලා ඒ පොතේ පිටු කඩලා සෙක්ශන් එකේ හැම පන්තියකටම බෙදුවා. ඒක ටීචර් කෙනෙක්ට මාට්ටු වෙලා අපි කරපු දේවලුත් මුගෙ අකවුන්ට් එකට බැර වෙලා මූ අම්බානක කෑවා. පොර පස්සෙ කාලෙක එක දිගටම ඉස්කෝලෙ නෑවිත් තිබුණා. 80% කවර් කර ගන්න ඕන නිසා මූ රෙජිස්ටරේ 0 දාපු තැන් ටිපෙක්ස් කරලා ඒ තැන්වලට 1 දාගෙන. ඒත් ඌට Total එක වෙනස් කරන්න අමතක වෙලා. වැඩේ බෙල්ලෙන්ම මාට්ටු.
9 වසරෙදි මාව වැටුණෙ E පන්තියට. අපේ පන්තිය තිබ්බෙ තට්ටු දෙකේ ගොඩනැගිල්ලක උඩ තට්ටුවේ කෙළවරේ. උඩ තට්ටුවට නගින පඩිපෙළ තිබුණේ අනිත් කෙළවරේ. ප්‍රින්සිපල් එන වෙලේට වගේ වැදගත් අවස්ථා වලදී පන්ති අතර පණිවිඩ හුවමාරු කරගන්න ක්රමවේදයක අවශ්‍යතාවය අපිට තදින්ම දැනුනා. ඒකෙ මුල් පියවරක් ලෙස අපේ පන්තිය හා D පන්තිය අතර ඇති බිත්තිය හරහා සිදුරක් නිර්මාණය කළා. වැඩේට සතියක් විතර ගියා. අපේ ආයුධ වුණේ කවකටුවක්, පුටුවකින් ගලෝගත්ත යකඩ කූරක් හා වතුර. බිත්තිය පසාරු කරගෙන යකඩ කූර පන්තියට ගිය වෙලේ ඒ ළග හිටපු විචක්ෂණයා හොදටම බය වෙලා තිබ්බා. පොර ගුරුවරු කියන දේවල් අහගෙන ඉන්නෙ කටුස්සෙක් වගේ ඔළුව හොල්ල හොල්ල. එක දවසක් ටීචර් කෙනෙක්ට කිබුහුමක් ගිහින් මූ ඒකටත් ඔව් කියලා ඔළුව වැනුවා. ද්‍රව්‍ය, සේවා සහ දත්ත හුවමාරු කර ගැනීමේ අරමුණින් අපි හාරපු අන්තර් පාන්තික හිල D පන්තියෙ උන් පාවිච්චි කළේ හූ කියන්න, කොළ ගුලි ගහන්න, කොසු මිටවල් ඔබන්න වගේ සිල්ලර දේවල් වලට. එක දවසක් පන්තියෙ එකෙක් ඕකට කට තියලා කුණුහර්පයක් කියන්න හදද්දි පන්ති භාර මිස් ට මාට්ටු වුණා. හිල හාරපු එකාව හොයන්න කමිටුවක් පත් කළත් වැඩක් වුණේ නෑ. සතියකට විතර පස්සෙ D එකේ පන්ති භාර මිස් මාව ගෙන්නලා කිව්වා ” පරාක්‍රම, අපේ ගෙදර ටැප් ලයින් එක හිරවෙලා. සින්ක් එක ඇතුළට දාන්න මොකක් හරි කූරක් වගේ දෙයක් ගෙනත් දෙන්න ” කියලා. මට තේරුණා මේ හොයන්නෙ හිල හාරපු ආයුධේ කියලා. දවස් දෙක තුනක්ම මේක කියපු නිසා මම පයිප්ප බාස් කෙනෙක්ගෙ ෆෝන් නම්බරයක් මිස් ට දුන්නා. එදායින් පස්සෙ මිස් මට කරදර කළේ නෑ.
ඒ කාලෙ පන්ති නායකයා නිලුපුල්. උප නායකයා තීක්ෂණ. ඌට කිව්වෙ ටික්කා කියලා. ටික්කා එක දවසක් ශිෂ්‍ය නායකයෙක් එක්ක ගේමක් ඇදගෙන ගුටිකන්න ගිහින් අඩලා ජය ගත්තා. මාස දෙක තුනකට සැරයක් නිලුපුලයි, ටික්කයි පන්තියෙ උන්ගෙන් සල්ලි එකතු කරනවා කොස්සක් ගන්න. ඊට පස්සෙ ඒ සල්ලි වලින් තුනෙන් පංගුවක් විතර වියදම් කරලා බාල කොස්සක් ගේනවා.
ඉරූෂට අපි කිව්වෙ මුට්ටියා කියලා. උගෙ වැඩේ ටීචර්ලට මුට්ටි අල්ලන එක. එක දවසක් මම කෙල්ලෙක්ගෙ ප්‍රශ්චාත් භාගයට රබර් පටියකින් විදලා ඒකට ඒකිගෙ අම්මා බැනලා තිබ්බෙ ඉරූෂයාට. හෂාන්ට කිව්වේ රැබිටා. උගෙ සපත්තු දෙක කණ්ණාඩියක් වගේ දිළිසෙනවා. ඌ බස් එකේ ගියත් ඉන්නේ ගවුමක් ඇදගත්ත කෙල්ලෙක් ළග. ඉතිහාසෙට ලකුණු 16ක් ගත්ත හේනේගමට කිව්වෙ හැබිලියා කියලා. ඌට තිබ්බෙ පරිණාමනය නොවූ මූණක්. ඒ කාලෙ මම එක පත්තරේක තියෙන දේවල් කියවලා ඒවා තව පත්තරේකට ලියනවා. මගෙ ලිපි කියවපු ඩයල් එකක් අපේ ඉස්කෝලෙට ලියුමක් එවලා පන්ති භාර සර්ගෙ මාර්ගයෙන් මගෙ ලිපිනය අරගෙන මට ලියුම් එව්වා. පස්සෙ දවසක පොර අපේ ගෙදර ආවා. බැලින්නම් ඌ සමලිංගිකයෙක්.
සුභාෂණයට උලත් එකයි පිලත් එකයි. ඒ කාලෙ ප්‍රින්සිපල් හාමුදුරු කෙනෙක්. උන්වහන්සේට හදන්න බැරි එකෙක් ඉස්කෝලෙ ඉදලා නෑ. හාමුදුරුවො සුභාෂණයාට කියලා තියනවා ” තෝව හදන්න බෑ. තොට ගහලාම මට මහන්සියි ” කියලා. අරුණට කිව්වෙ ” චුල්ල වාටියා ” කියලා. ඒත් ඌ එක දවසක් මට කිව්වා ඌට එහෙම අවුලක් නෑ කියලා. ඉංග්‍රීසි ටීචර්ගෙන් ඔකපතන කොළ ඉල්ලලා බැනුම් ඇහුවේ තාරකයා. සුපුන්ට කිව්වෙ බෙල්ලට්ටියා. මම ගලක් ගහලා ප්‍රින්සිපල්ගෙ මොන්ටෙරෝ එකේ සයිඩ් කණ්ණාඩිය කුඩු කරපු දවසෙ සුපුනයි, බුද්ධියයි ගෑණු ළමයි දෙන්නෙක් වගේ අත් අල්ලගෙන සන්තෝසෙන් නැටුවා. තව දවසක කොරිඩෝව දිගේ පතිරත්න සර් එද්දි මම කට්ටියට කිව්වා ” පතියා එනවා පතියා එනවා ” කියලා. සර් ළගට ඇවිල්ලා ” පතියා ආවට කමක් නෑ පුතා කෑගහන්න එපා ” කියලා ඔළුව අතගාලා ගියා.
වැඩිපුරම නම් තිබ්බෙ අචින්තයාට. චූටි පුතා, අචී බබා, මගෙ මැණික, කළු ටොපා, බිකිණියා ඒ අතරින් කීපයක්. අපි හැමෝටම එකෙක් හිටියට ඌට බල්ලො දෙන්නෙක් හිටියා. පොරගෙ තාත්තා ඩොකෙක්. නම ආනන්ද. එක දවසක් තාප්පෙ ” ආනන්ද බබා ” කියලා ලියපු නිසා දොස්තර මහත්තය කාලයක් අපිත් එක්ක තරහ වෙලත් හිටියා. අචින්තයා කියන කුණුහර්ප පටන් ගන්නෙ මහප්‍රාණ අකුරකින්. අහින්සක බාලසූරියට විවිධ අතවර කරන එක තමයි අචින්තයාගේ විනෝදාංශය.
එහා පන්තියෙ හිටපු කිරිඇල්ලගෙ හෝඩියෙ ” ර ” අකුර නෑ. ඒ වෙනුවට තිබ්බෙ ” ව ” අකුර. එක දවසක් ඌ එකෙක්ට බැන්නා ” කැවියා තෝව මවනවා ” කියලා. වලිසුන්දරයාට කෑල්ල බූට් එක තිබ්බ නිසා ඒකිට රිදෙන්න මූ ඒ ලෙවල් වලට මැත්ස් කරා. කෝච්චියෙදි මට සෙට් වෙන්න ගිය කෙල්ලව සංකල්පයා දා ගත්තා. ඒකි කෝච්චිය ඇතුලෙදි මූව බදාගත්තා කියලා සංකල්පයා සතියකින් ඒකිව අත් ඇරියා. යාගොඩ ස්ටේශන් එකෙන් බැහැලා ගෙදර යද්දි තාරකයාට හැමදාම ” පඩ්ඩෝ ” කියලා කෑ ගහනවා. එක දවසක් හැමදාම යන කෝච්චිය මිස් වෙලා වෙන එකක ගෙදර ගියේ. යාගොඩ නවත්තලා ආපහු අද්දද්දි පුරුද්දට කෑ ගැහුවා පඩ්ඩෝ කියලා. මිනිස්සු හිනා වුණා.
ගාමන්ට් එකක අක්කා කෙනෙක් එක්ක යාළුවෙච්ච අමුණුගමයා ඒ අක්කට දීලා තිබ්බෙ ගෙදර ලෑන්ඩ් ෆෝන් එකේ නම්බර් එක. අක්කා වෙලාවක් අවේලාවක් නැතුව කෝල් කරපු නිසා මූ ෆෝන් එකේ කේබල් එක ගලවලා අක්කව බ්ලොක් කරලා දැම්මා. මම නම් ඉතින් අසාර්ථක චරිතයක්. අපේ ඉස්කෝලෙ වටේටම බාලිකා පාසල් තුනක් තිබිලත් ඉස්කෝලෙ යන කාලෙ මට කෙල්ලෙක් සෙට් වෙලා නෑ.
උපුටා ගැනීම: Para CF