මෙම චායාරූප ගන්නාවිට එහි සිටින එක් අයෙක් මියගොස් සිටී.. එනම් මේ සෑම චායාරූපයකම මලමිනියක් සිටී… 

1800 ගණන්වලදී පුද්ගලයකු මිය ගිය විට ඔහු පණ පණ පිටින් සිටින අයුරින් හැඩගස්වා පවුලේ අනෙක් අය සමග හෝ තනිව තබා චායාරූප ගැනීම සාමාන්ය දෙයක් විය. එයට හේතු වී ඇත්තේ, එකල මිය ගිය පුද්ගලයාගේ මියගිය මළකදේ ඡායාරූප ළඟ තබා ගැනීමට තිබූ අකමැත්තයි. එනම් මියගොස් සිටින අකාරයට ඔහුව දැකීමට තිබූ අකමැත්තයි. අනෙක් අතට එය එකල පිලිගත් ක්රමය විය.
එහිදී මලකද සජීවී ව සිටින අයුරින් ඡායාරූප ගැනීමේදී ඔවුන් ජීවත්ව සිටියදී කැමතිම වස්තුන් සමග එකට තබා චායාරූප ගෙන ඇත. මෙහිදී ආදරණීයයකුගේ මරණයෙන් පසු පවුල් කෙතරම් කලබලයට පත්වී සිටියත්, දුක සගවාගෙන ඔවුන් සමග සිනාමුසු මුහුනින් චායාරූප සදාහා පෙනී සිට ඇත.අපිටනම් එලෙස හිතන්නවත් පුලුවන්ද… තම මියගිය ආදරනීයන් සමග සිනහවෙන් චායාරූප ගැනීම..?
මරණයෙන් පසු බොහෝ විට ඇතිවන ඉදිමීම සහ පැහැය වෙනස් වීම නිසා නොපැහැදිලි කළු සුදු ඡායාරූපයක පවා “සාමාන්ය” ලෙස පෙන්වීමට මේකප් කිරීමට සිදුවේ.
ඔබ මෙහි සමහර චායාරූප දකින විට එහි කුමන පුද්ගලයා මියගොස් සිටීද යන්න පවා ඔබට හදුනා ගැනීමට නොහැකි වනු ඇත. ඒ සදහා එකල චායාරූප ශිල්පියා බොහෝ සෙයින් දක්ශ වී ඇත. සමහරවිට මියගිය ඔවුන් එලෙස හිටගෙන සිටින්නේ කෙලෙසදැයි ඔබට සිතීමට පවා හැකිය. ඒ සඳහා පිටුපසින් යකඩ ආධාර තබා ඔවුන් කෙළින් තබා ඇත. සමහර එම ආධාර ඇඳුම් තුළින්ම පොළොවට සම්බන්ධ කර ඇත. එම නිසා පෙනෙන්නේ ඔවුන් සැබැවින්ම සිටගෙන සිටිනවා මෙනි.
20 වන සියවස දක්වාම නූතන එම්බාම් කිරීමේ ක්රම බහුලව භාවිතා නොවූ හෙයින්, මළ සිරුර දිරාපත් වීමට පෙර ඒ සියල්ල කල යුතුව තිබිනි. එමෙන්ම ඒවා ලාභදායී නොවූ අතර සෑම පවුලක්ම මෙම මාර්ගය තෝරා ගත්තේ නැත.
එලෙස සිදුනොකල යුරෝපයේ සමහර ප්රදේශවල සාම්ප්රදායික ශෝක පුරුද්ද වූනේ මියගිය අය සැබවින්ම දින කිහිපයක් තිස්සේ තබාගැනීමයි.. හරියට ලංකාවේ අපි කරනවා වගේ. මෙමඟින් පවුලට ඔවුන්ගේ පාඩුව ගැන දුක්වීමටත්, අවමංගල්යයට පෙර සහ දුර බැහැර සිටින පුද්ගලයින්ට ඔවුන් වෙත යාමටත් අවස්ථාව ලැබුණි.

