මල්ලිගෙයි මගෙයි හුටපටේ (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඌ මට වඩා අවුරුදු පහක් බාලයි. කතාව අවසානෙ බලන්න ඕන ඌ මන් තරම් වයස පාටද නැත්තන් මන් පස් අවුරුද්දක් තරුණ පාටද කියල. කොහොමහරි අති බහුතරයක් අපි දෙන්න පටල ගන්නව.
පටන්ගන්නම් මගෙ වෙඩිමෙන්. ඌ තමයි වෙඩිමෙ දෙවනි මනමාලය. දැන් ඌයි මායි කාරෙකෙන් බැහැල එනව හෝටලේට. මගෙ ආදරණීය සදාදරණීය නැන්දම්ම කටපුරා හිනාව පුරෝගෙන ආව ඉස්සරහට. මෙන්න යකෝ එකපාරම ගමන් මාර්ගය අපගමනය වෙලා යනව එයා මල්ලි පැත්තට කිරි වීදුරුවත් උස්සගෙන.
“ස් ස්.” පොඩි ඉඟියකින් යන්තන් වැඩේ ගොඩ දාගත්ත. තව ඩිංගෙන් කිරි එක අරූට පුදනව නව නිංගිරාවයි එහෙනන්
ඊගාවට ඌ බැන්ද පහුගිය අවුරුද්දෙ. මන් ඇතුලු අපේ නෑ පිරිවර ගියා හෝටලේට. උන් එන්න කලින් අපි හෝටලේට ගිහින් උදේ සංග්රහය බුක්ති විඳින්න ලෑස්ති උනා විතරයි මනමාලිගෙ පුංචිලා දෙන්න කසු කුසු ගානව. මන් බැලුව මුකුත් අවුලක්ද මගේ කියල.
පස්සෙ ඒ ඩබල මන් ළඟට ඇවිත් කියනව හත්දෙයියනේ අපි ඒත් බැලුව මනමාලය මොකෝ මේ කලින් ඇවිල්ල මෙතන මක්කරනවද කියල. බොහොම ඩිසැපොයින්ට් වෙලා ඉඳල තියෙන්නෙ.
ඔන්න මලයගෙ වෙන්ඩ මනාලිගෙ ගෙදර අය අපේ දිහා ආවා මගුලට කලින්. මන් ඉතින් වයසක ඈයින්ට ආදරෙයිනෙ. මන් ඒ අත්තම්ම එක්ක ඒ ළඟින් වාඩිවෙලා කතා කර කර හිටියා. රටේ ලෝකෙ හැම මගුලම කතාකර කර ඉන්න අතරෙ විනාඩි පහකින් උන්ද අහපි
“පුතා දැන් බැඳල නුවරට එනවද, කොළඹම ඉන්නවද මහියංගනේට එනවද?”
පහුගිය කාලෙක මන් හොටෙල් එකකට කෝල් එකකින් ඕඩර් එකක් දුන්න ඩිනර් වලට අරන් යන්න කෑම ලෑස්ති කරල තියන්න කියල. පැය බාගෙකින් එන්න කියපු නිසා මන් ගියා. රිසෙප්ශන් එකේ මලයෙක් හිටිය.
එකපාරම මෑන් කියපි
“ආ අයියණ්ඩි. කියන්ඩ.. එන්ඩ එන්ඩ.”
මන් ඒත් බැලුව මන් අදුරන්නෙත් නෑ. සාමාන්යෙන් කස්ටර්මර් කෙනෙක්ට එහෙම කතාකරන්නෙත් නෑ. මන් කණ්නාඩියට යටින් මෙහෙක් කරල ටිකක් බලන් හිටියෙ මටම කොන්පියුස් උන නිසා මේක මට කිව් එකක්ද කියල.
මෑන්ට තේරුනා වැඩේ.වර්චස් කියල.
“සර්, මොනව හරි ඕඩර් කරලද තියෙන්නෙ”
“ඔව්…ඕඩර්නම් කරල තමයි… ඒත් ඔයා කතාකරේ මටනම්… මාව අඳුරනවද….? ම්ම්ම්..”
මන් ආය ඩයල් එක දිහා බලන් හිටියෙ මේක වැරදීමක් නොවන තරමට ශුවර් එකෙන් ඌ කතා කර නිසා
“චන්දිමාල් අයියා…… නෙමෙයි..නෙ.?”
“අප්පටසිරි. ඌ මල්ලි බන්. හරි හරි අවුලක් නෑ.”
“අනේ සොරි අයියා අද චන්දිමාල් අයියත් එනව කිව්ව.”
“අයියෝ හරි බන්. ඒක නතින්ග්. මන් යන්නම්.”
කෝල් එකක් මගෙන් අප්පච්චිට
“හෙලෝ අප්පච්චි”
“ඔව් පුතා”
“මොනා කරන්නෙ වැඩද.”
“නෑ පත්තරේ බලනව”
“අද එනවද මෙහෙ.”
“ඔහෙ? අද ?ඇයි?”
“ඇයි එන්නම් කිව්වෙ ඊයෙ.”
“අම්මවත් කිව්වද එනව කියල? ඒක නෙමේ අර ලියුම අත්සන් කරල එවන්ඩ ඉක්මනට ඈ”
“මොන ලියුම”
පොඩි නිස්සද්ද තාවෙකින් පස්සෙ
“ඈ. මේ පොඩි එකා නෙමේද.ලොකු එකාද.මන් මෙච්චරවෙලා කතා කරේ පොඩි එකා කියල හිතාගෙන.”
මෙහෙ එනවද කියල ඌ ඇහුවනම් අහන්නෙ කොලඹ එනවද කියල. ඩැඩා ඩිම් වෙන්න ඇති
අපේ බාර්යාවන් පවා අපි දෙන්නගෙ කටහඬ කෝල් එකෙන් නම් පටලවගන්නව. එහෙම ගත්ත ආතලුත් අනන්තයි
මෑතක මට මලයගෙන් කෝල් එකක් එනව. ඌ දැන් ඉන්නෙ කොළඹ. මගෙ අලුත් පදිංචිය ඌ ගිය ඉස්කෝලෙ ගාව.
“මේ ඕයි.”
“ඇයි ඕයි”
“තමුසෙට ඔය පාරෙ යනකොට එහෙම දන්නැති උන් හිනාවෙනකොට, හෝර්න් ගහන් යනකොට තමුසෙත් හිනාවක් දාල හෝර්න් එකක් ගහල අත වනල යනව.
මුන් මට කෝල් කර කර බනිනව තොට දැන් හරි ගිහින්නෙ. පාරෙ දැක්කත් අඳුරන්නෑ වගේ යන්නෙ” කිය්ල
මන් දැන් පාරෙ යන්නෙ මගදි හම්බෙන කොල්ලටයි බල්ලටයි ඔක්කොටම අත වන වනා
උපුටා ගැනීම: Ishara Wanasuriya

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!