තරුනයෙක් දහසකුත් හැඟුම් හිරකරගත් මුහුනකින් යුක්තව යමක් කල්පනා කරමින් සිටී. මදක් කල්පනා කල ඔහු තමාගේ ඉදිරියේ සිටි අයෙකුට යමක් පැවසීමට පටන් ගනී.
“මේ ඇඳුම්, මේ සපත්‍තු, මේ කොන්ඩා මෝස්තර, මිනිසා, මිනිසාවම හිරකරගන්න, උන්ගේ අසීමාන්තික නිදහස රාමුවක් තුලට කොටු කරගන්න මිනිසම නිපදවගත්තු දෙවල් නෙමේද. ඒවායේ ගිලී ඉන්න අපිට සදාතනික නිදහසක් කොයින්ද. මමනම් මැඩම් හැම තිස්සෙම උත්සහ කරන්නේ මමංකාරයේ සළුපිළි ලෙහන්න. මමත් සාමන්‍ය පුද්ගලයෙක් මටත් ඒ වැඩේ සාර්ථකව කරන්න අමාරුයි. භෞතික දේවල් වලට හැමතිස්සෙම ඇලෙනවා. සල්ලී පස්සෙ දුවන්න හිතෙනවා. අකමැති රස්සාවක් කරන්න වෙලා. කොච්චර අකමැතිද කියනවනම් මැඩම්, හැමදාම රස්සාවේ වැඩ වලින් මම ෆේල්. එත් එකෙන් එන පඩිය මම කැමති දේට අත ගහන්න බැරි වෙන්න මාව හිර කරලා. මිනිස්සු හරි අසරණයි මන්නම් කියන්නේ. ”
තරුණයාගේ මැසවිල්ල සාවදානව අසා සිටි මැදි විය නොයික්මුනු වයිද්‍ය වරිය සොම්නස් සිනහවක්, තරුණයා ගැන අනුකම්පා සහිත සිනහවක් තොල් මත සිත්තම් කරමින්
“ඇයි පුතා එහෙම හිතන්නේ”
“මැඩම් මුකුත් හිතන්නේ නැත්නම් මම සිගරට් එකක් පත්තු කරන්නද? අද අම්මත් මෙතන නැති එකේ මට ඇතුලෙ තියන දේ එලියටම ගන්න පුලුවන් වෙයි මේකෙන්”
අකමැත්තෙන් වුවත් වයිද්‍යවරිය තරුණයාට අදට පමනක් එකක් දල්වන්නට අවසර දෙයි.
ඈ මනෝ වයිද්‍යවරිය ක්. ඇය, ඇගේ මනෝ උපදේශන කාර්‍ය කරන්නේ එලිමහන් ස්ථානයක. ඒ ඈ හමුවට එන විවිද මානසික තැවුල් තියන අයට මොහොතකට හෝ ස්වාභාවධර්මයා විඳගන්නට ඉඩ ලබා දෙන්නටයි.
දුම් වැටිය දල්වා දුම් රොටු කීපයක් ඉන් පිටකරන අතරතුර තරුණයා යමක් ගැන කල්පනා බරින් පසු වේ. නැවත ඔහු කතා කිරීම අරඹයි.
“මැඩම්ට කියන්න මම ඉස්සර සිගරට් බිව්වේ නෑ. නෑ මම කියන්නේ කිසිම කෙනෙක් බොන්න කලින් මේක බොන්නෙ නෑ. අනෙක් අය බොද්දි මම නොබී හිටපු කෙනෙක්. සාමාන්‍ය මනසට දරා ගන්න බැරි දේව්ල් එද්දී මම මේකෙන් එන කෙටි මත් බවින් මනෝ ලොකයත් සත්‍ය ලෝකයත් ගැටගහලා තියගන්න පුරුදු උනා. දැන් මේකත් නැතිවම බෑ, මොකද සත්‍ය ලෝකය ඒ තරමටම දුකක්. ”
“මැඩම්ගෙන් මම ප්‍රශ්නයක් අහන්නද” ඈ දෙස මදක් බලා සිටි තරුනයා නැවත තම මුව විවර කරයි.
“අහන්නකෝ බලන්න” ඒ ඇයයි.
“ඇයි මිනිස්සූ ජීවත් වෙන්නේ?. ”
“ම්ම්ම් තමන් කැමති දෙවල් ලඟා කරගන්න, අම්මට තාත්තට, තමන් ආදරය කරන අයට සලකන්න. සතුටින් ඉන්න වගේ දේවල් වලට”
” තනිකර මායවක්නේ මැඩම්. ඔවා අපි නිකන් මවන දේවල් විතරයි. අපි හිතනව අපි ජීවත් වෙනවා කියලා. ඇත්තටම එහෙම නෑ. මේක නිකන් චිත්‍රයකට නැගුනු ලෝකයක්. අපි ඉබා ගාතේ ඔහේ කැරකෙනවා. මිනිස්සූ මීට වඩා ආතල් එකක් හොයනවා. හැබැයි ඒ ආතල් එකට ගියාම එක හිස් කාමරයක්. උන් හරි පව් මැඩම් ”
” හරි දරුවෝ දැන් අපි හරි ප්‍රශ්නෙට එමු අපි අයේ එතනින් පටන් ගමු. Deja vu කියන්නේ සාමන්‍ය තත්වයක්, ගොඩක් අයට තියෙනවා. ඔයා දකින දේවල් ඔයාට හිතෙනවා මීට කලින් දැකලා තියෙනවා වගේ. එක මේ මොලයේ වෙන පොඩි රසායනික වෙනස් වීමක්නේ. චුට්ටි කාලයක් බෙහෙත් බිව්වාම එක සමන්‍ය වෙනවා. ”
“එක හරි මැඩම්. ඒත් දවස ගානේ දේවල් පේද්දී ඒවා කලින් දැකලා තියෙනවා වගේ තේරෙද්දී, ටිකක් වෙලා කල්පනා කරද්දී ඊලඟට වෙන දේ නිකමට හරි මතක් වෙන්න ගද්දී, එහෙම හිතුනාම ඒ ගැන කල්පනා කර කර මනස තුල හිර වෙද්දී ඒක හරි අමාරුයිනේ.
” අපි මානසික සුවයක් එන වැඩ ටිකක් කරමු ඕක මග ඇරිලා යන්න, කැමතිද මාත් එක්ක භාවනා කරන්න”
තරුනයාගේ මුවෙහි මද සිනහවක් පහල වේ.
“භාවනාවෙන් ඒක දකින එක ප්‍රගුණ උනා කිව්වොත් මැඩම් පිළිගන්නවද.? මම නිකන් දේවල්ම දකින්නෙත් නෑ. මට පේනවා සමහර වෙලේට මම මැරෙන හැටි. වාහනයේ ටිකක් වේගෙන් යන්නේ, යනකොට මම දකිනවා මොකක්ද මන්දා පොඩි උල් දෙයක්. පොඩි දෙයක් හින්ඳයි, යන වේගේ හින්ඳයි මම ඒ ගැන ගනන් ගන්නේ නැතුව යනවා. මගේ කාරෙකේ ටයර් එක පුපුරනවා, වාහනේ පෙරලෙනවා කීප පාරක්ම. මම එතනින් එහාට දකින්නේ නෑ මම දවස් ගානක් උත්සහා කල එකම හීනේ ඒ තැනින් එහාට දකින්න. වැඩක් උනේ නෑ. ඒකියන්නේ.. මම එතනින් එහාට නෑ
“ඉතින් ලමයෝ හැම දෙයක්ම ඔයා දකිනවනේ දැන්. ඔයාට පුලුවන්නේ ඒක වලක්ව ගන්න. ඇයි එකට උත්සහ නොගන්නේ. ”
” වලක්වන්න? මැඩම් මරනය කිය්න්නේ හරි අපූරු දෙයක්. මේ විශ්වයේ සක්සුදක් සේ පැහැදිලි 2ක් තියෙනවා. ඒ උප්පත්තියයි, මරනයයි. ඒක නවත්තන්න හොඳ නෑ. යම් වෙලාවක ඒක අප වෙත එන්නේද අපි ඒ දේ එලෙසම භාර ගත යුතුමයි මැඩම්.
“ඇයි එහෙම කියන්නේ. එහෙම දෙයක් නෑ පුතා. අපි ශක්තිමත් වෙන්න ඕනා ඔනම දෙයකට් challenge කරන්න තරම්. ”
“විශ්වීය නියතයන් එක්ක නෙමේ මැඩම්. මම ඒ හීනේ සැබෑ වෙන්න ගියොත් මමනම් වලක්වන්නේ නෑ. මරනය වේදනාවක් තමයි. ඒත් එක වෙන්නම ඕනා. එහෙම් නොවුනොත් ඒක හරි දරුණු වෙනවා. ”
තරුනයාගේ වචන හමුවේ වයිද්‍යවරිය වටහා ගත්තේ මොහුට මීට වඩා ගැඹුරින් උපදේශන අවශ්‍ය බවයි.
ඉන් දින කීපයකට පසු එම තරුනයාගේ මවගෙන් දුරකතන ඇමතුමක් වයිද්‍යවරිය හට ලැබේ.
ඇය දුරකථනය අතට ගන්නේ නැවත එම තරුණ හට කිනම් දවසක් වෙන් කර දෙන්නේද යන්න සිතමිනි.
දුරකතනය කනේ හොවා ගත් වයිද්‍යවරියට ඇසුනේ එකඳු දෝන් කාරයක් පමනි.
“Doctor, මගේ පුතා”
නිමී.
උපුටා ගැනීම: Rusiru Weerakoon