මම ඔබ රැවටුවෙමි (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ධර්මසේන ජයවික්රම
ආදරණීය සර්,
අපේ උසස් පෙළ ( පළමුවන වසර )පංතියට සර් පැමිණි මුල්ම දිනය පසුගිය සිකුරාදා . එදා අන්තිම පීරියඩ් එකේ තමයි අපේ පංතියට ඇවිදින් ආර්ථික විද්යාව පිළිබඳ හැදින්වීමක් කලේ. ජෙලි තවරලා මෙල්ල කළ කර්ලි කොණ්ඩය , ලාවට මතුවෙමින් තිබූ සේව් කළ ලානිල් පාටට මට පෙනුන විදියට මෘදු රැවුල , සිනාවක් දෙතොලග පුබුදින විට වල ගැසෙන වම් කම්මුල මේ මොහොතෙත් මට පේනවා වගේ . ගෑනු ළමයෙට සුන්දර සංවේදී සිතුවිලි උල්පත් මතුවෙන්නේ මල්වර වුන දවසෙ ඉදලා කියලයි මට හිතෙන්නෙ . ඒත් පිරිමියෙක් වෙනුවෙන් මිහිරි ස්වප්නමය සිතුවිල්ලක් මගේ හදවත ඇතුළතින්ම මතුවෙමින් මා උන්මාද තත්ත්වයකට පත් කළේ සර්.
සිසුවියක් තමන්ගෙ ගුරුවරයාට හිතුවක්කාර
මෙවැනි ලිපියක් ලිවීමට ඉඩක් හදාගැනීමම මහ වරදක් . ඒත් වරද කිරීමේ දඩබ්බර හිත ගොඩනැගෙන මොහොතකම ඔබ හින්දි නලුවෙක් වගේ මගේ සිතට ඇතුල්වෙනවා. මට පිළිතුරක් ලියන්නට ඔබට හිත හදාගන්න අපහසු වේවි. යම්කිසි විදියකින් මෙම ප්රශ්නය හෙලිදරව් වුවහොත් ඉස්කෝලෙ පුරාම කැළඹෙනසුලු වාතාවරණයක් ඇති නොවීමේ වගකීම ද සර්ට පැවරෙනවා.
කුමක් කෙලෙස සිදුවුවත් මම සර්ට ආදරෙයි.
මම
පූජා අලහකෝන්
පූජා අලහකෝන් පාසැල අවසානයෙ ගුරු විවේකාගාරය අසල රැදී සිටිමින් සුදු ආරාධනා පත්
ලිපි කවරයක බහා තිබූ ලිපිය බාරදීමට තරම් ප්රවේශම් වෙලා තිබුණා . රාජකාරි ආරම්භ කල පළමු දිනයේම මෙවැනි බරපතළ චෝදනාවකට ලක්විය හැකි දෙයක් සිදුවීම ගැන මම තරමක් නොසන්සුන් වුණා . එහෙත් කිසිවෙකුත් එවැනි චෝදනාවක් ඉදිරිපත් කරන්න තරම් අසාධාරණ නොවේයැයි මට සිතුණා .
පූජා අලහකෝන් පිළිබඳ මා තුළ සියුම් තරහවක් හෝ කුතුහලයක් ඇති වුනේ නෑ .ඇය නොබියව නිවරැදි හෝ වැරදි දෙයකට ඉදිරිපත් වීම මගේ
ගෞරවයට හේතුවක් වුණා . මධ්යම රාත්රිය පහුවන තුරුත් නින්ද මා වෙත ළගාවුනේ නෑ .සතියක් ගෙවී ගියේ නිහඩ පරිසරයකය.
” සර්.. සර්” පූජාගෙ කටහඩේ අපූර්ව සතුටක් තිබුණා කියලා මට මතකයි .
” ඇයි පූජා “”
” මම ඉස්කෝලෙ පුරාම සර් හෙව්වා .අද සිකුරාදා නේ. ඉතින් සර් ආපසු දකින්න ලැබෙන්නේ සදුදා උදේනෙ. සර් බලන්න හිතුණා .”
” ම්..ම් හොඳයි “
” මැඩම් මට පෞද්ගලිකව හමුවෙන්න පුළුවන් ද? ” මම පසුදින උදයේ විදුහල්පතිනිය හමුවුයේ පූජා ගේ හැසිරීම් මට තවදුරටත් දරාගත නොහැකි හෙයිනි .
” මිස්ටර් කෝලිත මෙතැන කතා කරන්න පුළුවන් දෙයක් ද? විදුහල්පතිනිය ගෙන් ප්රශ්නයක් .
” තවත් කෙනෙකුගෙ කනට නොයන විදියට කතා කරන්න පුළුවන් නම් හොඳයි මැඩම් “
පළමුව මම පූජා අලහකෝන් ගේ ලිපිය ඇයට දුන්නා . විදුහල්පතිනිය එය කියවා විමතියෙන් මා
දෙස මොහොතක් බලා සිටියා .
” මිස්ටර් කෝලිත ඔයා මේ ගැන කා එක්කවත් කතා කලාද ?” අඩුම තරමින් අපේ විනය පිළිබඳ ටීචර් එක්ක “
“නෑ මැඩම් “
” කෝලිත, පූජා අලහකෝන් කියන්නේ අපේ ඉස්කෝලෙ ඉන්න දක්ෂතම දරුවෙක් . ඕ ලෙවල් වලින් දිස්ත්රික්කයෙන් දෙවැන්නා . ශිෂ්ය නායිකාවක්. සෞන්දර්යාත්මක හැකියාවන් අතින් ඉතාමත් ඉහළින් ඉන්න කෙනෙක් . ක්රීඩා නායිකාවක් . හැබැයි දුප්පත් දරුවෙක් . මට විශ්වාස කරන්න අමාරු තරම් .”
” එහෙමනම් අපිට ප්රවේශමෙන් තීරණයක් ගන්න වෙවි.”
මම මගේ අදහස් සහ ගත හැකි ක්රියාමාර්ග සම්පූර්ණයෙන්ම විදුහල්පතිනියට විස්තර කලේ ඇගේ අනුමැතිය අපේක්ෂාවෙන්.
” ඔව් කෝලිත ඔයා ඉදිරිපත් කළ යෝජනා දෙකම ඉතාමත් හොඳයි . ඉස්සෙල්ලා දෙවැනි යෝජනාව කරලා බලන්නකො . රහසක් හැටියට රැකගෙන කටයුතු කලොත් වැඩිය හොඳයි .”
මම කිසිවක් සිදුනොවු අයුරින් මගේ ඉගැන්වීමේ කටයුතු කළා . පුජා පිළිබඳ කිසිදු අවධානයක් යොමු කලේ නෑ . විශේෂයෙන් ආර්ථික විද්යාව පිළිබඳ පීරියඩ් එකේ දී ඇගේ දීප්තිමත් දෙනෙත් මා වෙත වරින් වර යොමු වෙමින් තිබුණා . මගේ අවධානය යොමුනොවීමෙන් ඇය දුක්මුසු මුහුණින්
හිස ඩෙස්කුවේ රදවා ගෙන සිටියා මට මතකයි .
“ඇයි පූජා සනීප නැත්ද ? “
” නෑ සර් පොඩ්ඩක් ඔලුව රිදෙනවා “
” සික් රූම් එකට යමුද ? “
“ඕනැන්නෙ නෑ සර් ‘”
පසුදින ඇය පාසලට පැමිණියේ නැත . මගේ සිතේ ඇය වෙනුවෙන් සියුම් දුකක් ලියලමින් තිබුණා .
ඇය දකිනු රිසියෙන් ඇගේ පන්තිය පැත්තට ඇවිද ගියා .ඇය පන්තියේ දකින්නට නොවීය .
පූජා දිගටම පාසලට පැමිණියේ නැත .
” පූජා ඉස්කෝලෙ එන්නෙ නැත්තෙ ඇයි .” මම පන්තියේ සිසුන්ගෙන් පොදුවේ ඇහුවා .
” සර් පූජාට සනීප නෑ . අපි ගියා එයාව බලන්න .
අපිත් එක්ක එක වචනයක් වත් කතා කලේ නෑ .එයා ලොකු කල්පනාවක වගේ ඉන්නේ . වෙලාවකට ඇස්වල කදුලු පිරෙනවා . මිස්ල කීපදෙනෙක් අපිත් එක්ක ගියා . අනේ සර් යන්නකො ” එක් ගැහැනු ළමයෙක් මගෙන් ඉල්ලා හිටියා .
” පූජාගෙ අම්මා තාත්තා මොකක්ද කරලා තියෙන්නෙ . ඩොක්ටර් කෙනෙකුට පෙන්නලා නැත්ද? “
” නෑ සර් යකැදුරෙකුට කියලා ආරක්ෂාවට සුරයක් දාලා.”
පසුදින මම විදුහල්පතිනිය සහ තවත් ගුරුවරයෙක් සමග පූජාගෙ ගෙදරට ගියේ සවස හතරට පමණ ය. එවිටත් යකැදුරෙක් තෙල් මතුරමින් හිටියා .
අප නොහදුනන අයුරින් කල්පනාවකින් සිටි පූජා අලහකෝන් ගේ මුහුණින් තද වැස්සකට අරා’දින අහසක් සේ තද අදුරකින් වැසී තිබෙන බවක් පෙනුණා .
” අම්මා ” මම පූජා ගෙ අම්මාට කතා කලා .
” ගහක් ගලක් වගේ හිටි දරුවා. කාගෙ කටක් වැදිලද දන්නෑ සර්. වචනයක් කතා කරන්නේ නෑ .”
“පූජගෙ තාත්තෙ මෙයා මානසික වෛද්යවරයෙක්ට පෙන්වන්න. මිස්ටර් කෝලිත මේ තාත්තට උදව් කරන්න . අමල් සර්ටත් පුළුවන් නේද කෝලිතට හවුල්වෙන්න. ” විදුහල්පතිනිය යෝජනා කලා.
පූජා ගෙන් කිසිම තොරතුරක් ලබාගැනීමට විශේෂඥ වෛද්යවරයාට හැකි උනේ නෑ . ඇත්තෙන්ම ඇය කිසිවෙකුත් සමග කතා නොකොට ගොලුව සිටියා .
මම තනියම වෛද්යවරයා හමු වී සියලු විස්තර ඔහුට පවසා ඇගේ ලිපිය පෙන්වමින් කල හැකි කුමක්දැයි විමසුවේ අනුකම්පා සහගත හැගීමකින්.
“” මිස්ටර් කෝලිත , ඔයා යෝජනා කල අදහස් හොඳයි කියලා මටත් හිතෙනවා . ඒත් ගුරුවරයෙක් හැටියට ඔය රගපෑමේ වැඩ පිලිවෙල
තරමක් අනතුරු දායකයි. ලොකු රහසක් හැටියට තබාගෙන කටයුතු කරන්න . මේ බෙහෙත් නොවරදවා පිළිවෙලට පාවිච්චි කරන්න. වෛද්යවරයා උපදෙස් දුන්නා.
රෝහලේ සිට ආපසු ගමනේදී සැකයක් ඇති නොවන අයුරින් මම පූජා අලහකෝන් අසළින්ම හිද ගත්තා. මා සමග කතා නොකළත් ඇය මගේ උරහිසට හේත්තු වී නින්දට වැටුණේ මොහොතක කාලයක් තුළය. වෛද්යවරයා නියම කල රාත්රී බෙහෙත් වේල බොන්නට දී මම පිටත්ව යාමට සූදානම් වුණා .
” අනේ සර් දෙවියෙක් වගේ උදව් කලාට පින් සිදුවෙනවා . අර යකැදුරු මහත්තයා දීපු උපදෙස් කරන්න ද සර්.”පූජාගෙ අම්මා ඇහැව්වා .
” කැමති නම් කරන්න .නොකරත් ගැටළුවක් නෑ “
මම හිතවත් ගුරුවරියක් හෝ ගුරුවරයෙක් සමග දින දෙක තුනකට වතාවක් පූජා බලන්නට ගියා.
පූජා ඉදහිට වචනයක් දෙකක් කතා කරන්න පටන් ගත් වහාම තනියම ඇය බලන්නට ගියේ එය වඩාත් ආරක්ෂිත නිසාත් ඉතාම කෙටි කාලයක් ගත කර ආපසු ඒමේ අදහස නිසාත් ය.
“සර් මාව බලන්න ද ආවෙ” ඒ පූජාගෙ පිබිදෙන කටහඩයි.
” ඔව් පූජා “
” ස්තුතියි සර්”
ඔයත් එක්ක ට්කක් කතා කරන්න පුළුවන් ද?”
” ,කියන්න සර් “
” පූජා ඔයා මට පොරොන්දුවක් වෙන්නෝන. ඔයා දන්නවනේ මම ආචාර්ය උපාධියට සූදානම් වෙන බව. ඊට පස්සෙ මම කොහේහරි විශ්ව විද්යාලයකට යනව උගන්වන්න . ඒක නිසා ඔයා අනිවාර්යයෙන්ම විශ්ව විද්යාලයට තේරෙන්න ඕන. මං වගේම කථිකාචාර්යවරියක් වෙන්නත් ඔනි.තේරුම් ගත්තද?”
” ඔව් සර්”
” ඒක නිසා අපේ සම්බන්ධය රහසක් හැටියට තියාගන්න කැමතියි ද? . මට ත් පාඩම් කරගන්න වෙලාව අවශ්ය යි. ඔයටත් එහෙමයි . ඔයා එහෙම කරන්න කැමතියි නේ. මම අදින් පස්සෙ මෙහේ එන්නෙ නෑ . ඔයා ඉස්කෝලෙ දි මාව හොයන්න ත් එපා. ඔයාට ඕන තරම් මට ලියන්න. ඕන තරම් ලියන්න. හැබැයි මම ලියන්නෙ අඩුවෙන් . සති තුනකට වතාවක් කොහොම හරි මුණගැහෙන්න මම උත්සාහයක් දරන්නම්.”
“හොදයි සර්”
“මම ඔයාට ආදරෙයි රත්තරන් ” මම ඇය ගේ නලළත සිපගත්තෙ ඇගේ අඩවන් දෙනෙත් දෙස බලමින්
:පෑලදිග අහසේ පාවෙන රෝස පැහැති වලාකුළ වල වර්ණය පරාවර්තනය වෙමින් පූජා ගේ කම්මුල් සිප ගනිමින් තිබුණා
උපුටා ගැනීම: Dharmasena Jayawickrama
සෙයාරුව මුහුණුපොත
අයිතිය නොදනී

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!