මාමාගේ දරසෑයේ ගිනි දැල්විම (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මම පොඩිකාලේ හැමදේටෙම බය බියගුල්ලෙකි. දැන් නම් බය නිම්මිටයි දුවටයි විතරක් වෙන්නැති මොකද ඒකනේ ඉඳ හිට සිගරට් එකක් බොන වෙලාවට, හොරෙන් බොන්නෙ. පොඩි කාලේ බය උනු හොල්මන්, යක්කු ආදිය ගැන දැන් බයක් ආවොත්, මම ද්රව්යවාදියෙක් නිසා, මොලෙන් තර්ක කරල හිතේ බය නැති කරගන්නවා. අද කියන්න යන්නේ මට පොඩි කාලේ උනු කතාවක්.
මට ඇඩ්වාන්ස් ලෙවල් කරන කාලෙදී අපේ නෑ වෙන මාමා කෙනෙක් අභාවප්රාප්ත උනේ අඩු වයසින්. එයාගෙ පුතාලා දූලා (මගේ මස්සිනාලා නෑනලා) අපේ හොඳ යාලුවො. නෑනලා සිංහලෙන් කියනවා වගෙ කිසින් කසින් (kissing cousins) ලා. ඉතින් මම දවසම මල ගෙදර හිටියත් එයාලට තියෙන ආදරය නිසා රෑ වෙනකොට ගෙදර එන්නෙ බය නිසා.
දවස් දෙකකට පස්සෙ තමයි ආදානෝත්සවය. දරසෑයට ගිනි තැබීමට බෑනලා දෙන්නෙක් සොයා ගෙන තිබුනේ. නමුත් ඒක දල්වෙන වෙලාව වෙනකොට එකෙක් අතුරුදහන් වෙලා. මම වගේම බය පොරක් වෙන්නැති. දැන් ඉතින් මට ඒක කරන්නලු, මම බෑම කියනවා. මාමට කොහොමද ගිනි තියන්නෙ කියලා. අන්තිමට සුදු නංගි (එයා දැන් ලොකු ලමයි ඉන්න අම්මා කෙනෙක්, එංගලන්තෙ පදිංචි) ඇවිල්ලා කිව්වා
‘අනේ අයියෙ, ඔයා ඒක කරන්නකො. තාත්තා දැන් මැරිලනේ. අපිට උදව්වක් හැටියට’. ඉතින් මගෙ නෑනට තියෙන ආදරේ බයට වඩා වැඩි නිසා, බය යටපත් කරගෙන එය කරන්නට කැමති උනා.
මගේ ඔලුවෙ සුදු ජටාවක් බැඳලා, අතට ගිනි පන්දමක් දීලා, දරසෑය වටේ තුන් පාරක් ගිහිල්ලා පත්තු කරන්න පන්ඩිත මාමලා උපදෙස් දුන්නා. වැඩේ කිරි ගහට කොට්ටෝරුව කෙටුව වගේ තිතට දුන්නා. දැන් දරසෑය හොදට දැල්වෙනවා. එක පන්ඩිත මාමා කෙනෙක් කෙනෙක් මගෙ ලඟට ඇවිත් කී කතාවෙන් මගෙ මුලු ඇඟම කිලිපොලා ගියා.
‘පුතා, දැන් මෙතන ඉන්න එපා. මාමගෙ ආත්මය දැන් දැල්වෙන දරසෑය දිහා උඩ ඉඳන් බලාගෙන ඉන්නෙ. පුතානේ ගිනි තිව්වෙ. පුතා ගෙදර යන්න’
දැන් කලුවරත් වෙලා, මට බයයි තනියම යන්න. මම ඉතින් ඒ මාමටම වාත උනා මාව ගිහිල්ලා බස්සලා එන්න. මේ වැඩ අස්සෙ මිනිහට උනා මාවත් ගෙදර ගිහිල්ලා බස්සන්න, හොඳ වැඩේ මාව බයකලාට පන්ඩිතයට.
ගෙදර ගියාම අම්මත් කියාපි, ගිහිල්ලා ඉක්මනට නාන්න කියලා. මම දැන් තනියම නාන්න බයයි. ඉතින් අම්මට කිව්වා බාත් රූම් එකේ දොර ලඟට වෙලා ඉන්න කියලා. විනාඩියෙන් විනාඩියට මම අහනවා
‘අම්මා’
‘මම ඉන්නව පුතා’
ආයෙ ටික වෙලාවකින්
‘අම්මා’
‘ඉන්නව ලමයෝ’
දැන් ටික ටික අම්මගෙ ඉවසීමේ සීමාව ඉක්මවා යනව වගේ
‘අම්මා’
‘ගෑනු ලමයින්ට ලියුම් ලියන්න ලොකුයි, තනියම නාන්න බැහැ, ඒකට පොඩියි’
මම ඉතින් ඒකට හොල්මන් වෙලා හොල්මනට තිබුනු බය නැති උනා. ඒත් නාලා ඇවිල්ලා, කට්ටිය අස්සෙම හිටිය තනි නොවී.
රෑ නිදා ගන්න ගියාම ආයෙ බයක් ආපු නිසා, අවුරුදු දහසය උනාම මොකෝ කියලා අම්මගෙයි තාත්තගෙයි මැදට පැනලා ඒ දෙන්නගෙ හිනාව මැද අම්මට තුරුලු වෙලා නින්දට ගියා.
මහ රෑ කවුදෝ මගේ බෙල්ල අතගෑමෙන් මම ගැස්සිලා ඇහැරුනා. එතකොටම කලුවරේ ඒ අත ආපු පැත්තෙන් ගොරෝසු කට හඬකින් කිව්වා
‘බෑනෝ බෑනෝ උඹ මට ගිනිතිබ්බ නේද? මම මැරිලා හිටියෙ නැහැ. උඹ තමයි මාව මැරුවෙ’
මම ඇස් දෙක තව තද කරගෙන බයෙන් කෑ ගහලා තවත් අම්මට තුරුලු උනාම,
අම්මා සැරෙන් කියනව ඇහුනා
‘පානි පොඩි එකා බය නොකර යනව යන්න’ කියලා.
එතකොට මහ හිනාවක සද්දයක් ආ නිසා, ඇහැ ඇරිලා බලන කොට තමයි තේරුනේ පානි අයියා විතරක් නෙවෙයි අක්කලා අයියලා සේරම මාව බයිට් එකට අරගෙන ඇති බව, උන් හිනා වෙවී ඉන්නව දැකලා. සතියක් යන කම්ම නිදා ගත්තෙ අම්ම ලඟ. හිතා ගන්නකෝ එදා අම්මා ලඟ නොහිටියා නම්. ඔන්න ඔය වගේ මල්ලිලා නංගිල ආදරයෙන් බලා ගත්තු අයියලා අක්කලා තමයි අපේ පවුලෙ හිටියේ.
උපුටා ගැනීම:  Devapriya Siriwardena

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!