ඔන්න මීට අවුරුදු 3කට කලින්,
ඒ කියන්නේ අපි මීටරේ දුරින් නොහිටපු කාලේ,
මාස්ක් නොදැම්ම කාලේ,
හෑන්ඩ් වොශ් වලින් අත නොහෝදපු කාලේ,
ඩෙටෝල් ලයිෆ්බෝයි කම්පැනි අමාරුවෙන් දුවපු කාලේ,
තව අතීතයට ගියොත් මොහොමඩ් සහරාන් ගහන්නත් කලින්,
හිස්බුල්ලා මඩකලපු විශ්වවිද්යාලේ බිත්ති බඳින කාලේ,
මම බැඳලාත් නැති කාලේ,
වමතේ වෙදැඟිල්ලේ මුද්ද නැති කාලේ…
ඔහොම කියාගෙන ගියොත් සෑහෙන්ඩ කියන්න වෙනවා,
ඒ කාලේ වෙද්දී මම ඔය වෙජිටේරියන් හොටෙල් වලින්,
එහෙමත් නැත්තම් භවන්ස් වලින් කාලා තියෙන්නේ අල බෝල,
පරිප්පු වඩේ,
හිල් වඩේ සහ තෝසේ විතරමයි,
කෝම හරි මම මොකක් හරි වැඩකට කොල්ලුපිටිය පැත්තේ අධික බඩගින්නේ හිස හැරුණ අතේ පාරේ දකුණෙන් ගමන් කරමින් හිටියා,
මේකත් කියන්න එපායෑ,
මෙහෙම කඩේකින් කන්න තමා මම ආසා,
එක පලේට පොල් අතු වහලයක් තියන,
ලී කොට වල ඉඳගන්න තියන,
සයිඩ් එකේ වෙලක් සහිත,
ඉස්සරහා කෙසෙල් කැනක් එල්ලලා තියන,
වීදුරුවකින් කවර් කරලා,
ඒ වීදුරුවේ කොත්තු, එළවලු රොටී, පරාටා කියලා නිල් රතු කොළ පාටින් ලියපු,
තව ,
පැත්තකින් දුම් දාන බොයිලේරුවක් තියන,
කඩේ ඇතුල ටිකක් අඳුරු,
සෝකේස් එකේ අළුත් එළවලු රොටී, සතියකට කලින් දාපු අඩ, දවසකට කලින් දාපු හැලප එහෙම තියන,
යටම තට්ටුවේ පාං භාගයක් තියන පොඩි කඩේකින්
මගේ ෆේවරිට් කෑම වන උණු වුණු එළවලි රොටී 2යි ටී එකයි.
කොල්ලුපිටියේ ඒම කඩ නෑනේ,
එහෙම තිබ්බොත් එක්කෝ නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අයින් කරන්න කියනවා එක්කෝ පුරාවිද්යා එකෙන් ආරක්ශා කරනවා,
මම කොහොම හරි ඒම ඒවා නැති හින්දා රිංගුවා මොකද්ද භවන් එකකට,
ටිකක් සෙනඟත් හිටියා,
හිතට බයක් නෑ කොරෝනා නෑනේ ඒ කාලේ,
කොහොම හරි අතේ තිබ්බේ රුපියල් 150යි,
මම මේ ලැප් එක රෙපයාර් කරගන්නද කොහේද යන ගමන් ඒ බඩගින්න ආවේ,
කාඩ් එකෙන් සල්ලි අරන් වැඩේ කරන්න හිටියේ,
ඒක ගන්න කලින් හදවත කීවා බඩට මොනවා හරි දාගන ඉම්මු කියලා,
මම හදවතට එකඟව වැඩ කලා,
භවන් කඩේට ගියා,
ඔන්න ආවා ටැමිල් ඩයල් එකක්,
දඩ බඩ ගාලා තිබ්බ ප්ලේට් ටික අරන් ගියා,
රිස් රුස් ගාලා මේසේ හැලුණ හොදියි වතුරයි පරණ හම්පඩ රෙද්දකින් පිහදැම්මා.
“යේක මොනාද ඕනේ ශර්”
කියලා ඇහුවා,
“මොනවද තියෙන්නේ”
මම පෙරළා ඇහුවෙමි,
ව්යාකරණ ඕනේ නෑනේ,
කියන භාශාවෙන් ලියන්නම්,
මම පෙරළා ඇහුවා,
පෙරළා කීවත් ලියන භාශා ගතියක් එනවා,
පාඨකයා ෆුල්ම රිලැක්ස් එකේ මගේ කතා කියවන්න ඕනේ,
මුල ඉඳන් ගම්මු,
“මොනවද තියෙන්නේ”
මම අනිප්පැත්තට ඇහුවා,
“අඩ දෝසා,
මසාල දෝසා”
කිය කියා මූ නම් ටිකක් කීවා,
සෙකන්ඩ් වෙන්ඩත් බෑනේ,
ඒ මොනාද කියලා අහන්ඩයෑ,
දෝසා කියන්නේනම් තෝසේ වලට වෙන්නෑති,
ඒක කන්ෆර්ම්,
වටේපිටේ මිනිස්සුත් ඉන්නවා,
උන් හැම එකාම මේ තෝසේ වර්ග ටික ගැන දන්නවා ඇති,
ඕක අහන්න ගියොත් නෝන්ඩි,
මමත් හරිබරි ගැහිලා පුටුවේ ආපහු වාඩි වෙලා,
“ගේන්ඩ මසාලා තෝසේ”
කීවා,
එකක් දැනට කනවා,
මදි වුණොත් තව කනවා,
වැඩිය කඩන නරක ලමයි හෙම නොවේ අපී කියලා මතක් වුණා,
මේකේ ගනන්ද දන්නේ නෑ,
හරි තෝසයක් 50 වුණා කියමුකෝ,
100ක්ම ඉතුරුයි,
ටී එකකුත් බොනවා,
මේකේ 70ද දන්නේ නෑ තෝසේ එකක්,
හරි ඒත් 80ක් ඉතුරුයිනේ,
සල්ලි මදිවෙන්නේ නෑ,
හරි,
100ක්ම වුණා කියමුකෝ,
ඒත් 50ක් තියනවානේ,
කොහොමත් 150 ගාන පනින්නේ නෑනේ,
ඔහොම මම බජට් එක ප්ලෑන් කලා,
අර අංකල් කාරයා ඕඩරේ දීලා මට ඇලුමිනියම් ටින් වතුර එකකුත් දුන්නා,
මම ඒකත් බය නැතුව බීවා,
මොකෝ කොරෝනා හැදෙනවා කියලායෑ,
ඒ 2017නේ,
මම ඉතින් ඉට්ලි අලබෝල හිල් වඩ එහෙම දිහා බල බලා හිටියා පුටුවේ කැරකී කැරකී,
කැශියර් එකේ මුදල් ගනුදෙනු,
ඉතුරු රුපියල් 5ට චොක්ලට් දෙන සීන්,
ගාලු පාරෙ වාහන තදබදේ තරම,
එක එක වාහන හෝන් සද්ද,
කෝම හරි සෙනඟත් ටික ටික අඩු වුණා,
අර මම ඕඩරේ දුන්න අංකල් කාරයා එනවා පේනවා ඈත,
කොළපතක් උස්සාගෙන,
මම බැලුවා යකෝ මොකද්ද මේ ගේන්නේ,
ටිකක් බ්රවුන් පේපර් එකකින් ඔතපු මොකද්දත් වගේ,
මට නෙවේ වෙන්න ඇති,
මා දිහාටමයි එන්නේ,
ආනේ…
මේකද මසාලා තෝසේ,
ලංකාදීප පත්තරේ මැද පිටු දෙක රෝල් කරා වගේ මෙන්න මේසෙන් එකයි මසාලාව,
මම උඩ බිම බැලුවා,
බිම බලලා උඩ බැලුවා,
එතකොට තියනවා මිල දර්ශණය,
හුටා…
කෙල ගිලුණා,
යේක මශාලා තෝශයක් 200යි,
දැන් කාපංකෝ මසාලා,
යකෝ ඉතුරු 50ට මොකෝ කරන්නේ,
කමන්නෑ,
එන දේකට මූණ දෙනවා කාලා කියලා හිතාගත්තා.
දැන් මෑන් ගේනවා කොලපාට,
තැඹිලි පාට සම්බෝල,
වට්ටක්කා බටානා සෝයාමීට් වැටකොළු එකට දාපු හොද්ද,
කිරි හොද්ද,
පරිප්පු හොද්ද,
මගේ වටේට තිබ්බා…
රස්නේ පිට දෙපැත්තේන් ආප්ප වාටිය වගේ වේලිලා තිබ්බ ටික දාගත්තා පිඟාන ඇතුලට,
සමාවෙන්න,
මම ඔබලාව අපහසුතාවයට පත් කරනවා,
දැන් කෙල ටික ගිලින්න,
කටේ තියන් ඉන්න එපා,
දිව දියවෙයි මිතුර,
හරී,
ඊට පස්සේ අත පිච්චී පිච්චී කඩාගත්තා තෝසේ ටික කෑලි කෑලි,
සීතල වස්ටක්කා සොද්දෙන් ටිකයි,
සීතල කිරි සොද්දෙන් ටිකයි,
සීතල පරිප්පු සොද්දෙන් ටිකයි දාලා තෝසේ එකේ රස්නේ නිවාගත්තා,
තැඹිලි සම්බෝලෙන් ටිකයි,
කොළ සම්බෝලෙන් ටිකයි දාලා හොඳට අන අනා කෑමි,
කෑමි කියන එක ව්යාකර්ණානුකූලයි,
මෙහෙම ලිව්වොත්,
කෑව බං,
එහෙම හොඳ නෑ,
පාඨකයාට රෙස්පෙක්ට් එකක් දෙන්න ඕනේ,
අන්න එහෙම කෑවා,
කෑවා කෑවා කෑවා කෑවා කෑවා කෑවා කෑවා කෑවා කෑව කෑවා කෑවා කෑවා,
වට්ටක්කා පොත්තක් ඉතුරුයි වටපිට බලලා කටේ දාගත්තා…
නැඟිටලා අත හෝදන්න ගියා,
හිතේ ලොකු බරක් තියනවා,
ඔලුවේ ජෙල් ගාලා හින්දද,
ම්….
මොකද්ද හේතුව,
පර්සනල් මැටර් එකක් හින්දද,
ඔෆීශියල් කමිට්මන්ට් එකක් හින්දද,
පම්ප් එකක් දාන්න ඕනේද,
හුටා…
කෑවාට 150යිනේ තියෙන්නේ,
ඔයාලාටත් ඒක අමතක වුණා නේද,
අම්මේ…
කෑමක් කීවොත් ඒවත් අමතකයි,
උඩ කන සීන් එක කියවද්දී නිකමට හිතුවද මේ අහිම්සකයා මේක කෑවට කන්නේ ඕඩර් කරපු හින්දා,
ගෙවාගන්න සල්ලි කොහෙන්ද මූට කියලා,
කමන්නෑ,
මටත් කද්දී අමතක වුණා,
ඒ ගැන හිත හිතා අත හේදුවා මේ කාලේ පුශ්පා මිස් වීඩියෝ එකේ අත හෝදනවා වගේ සෑහෙන වෙලාවක් ගත්තා,
ගිහින් ඉඳගත්තා,
“ශර් ප්ලේන්ටී,ටී”
අන්කා ඇහුවා,
මඟුලක් කතා කරනවා,
මම එපා කියා එක අතකින් කීවා,
කෝඅනිත් අත???
අනිත් අත බෑග් එකට දාලා මිස් වුණ සල්ලි තියනවාද කියලා අස්සක් මුල්ලක් නෑර හොයනවා,
බෑග් එකේ,
කඩදාසි වගේ අහුවොණොත් ගන්නවා එළියට,
නෑ,
අහුවුණා,
යේස්,
අපිටත් දවසක හඳ පායනවා,
ඒත් සල්ලි නෙවෙයි,
සුයිප් ටිකට් එකක්,
මේකේ ජයමල්ල ඇදිලාද දන්නේත් නෑ,
ඒක බලන්නත් බැරිවුණා,
කෝටි 4ක්,
මේක ඇදුණොත් කොටියක් එෆ්ඩී දානවා,
කෝටි 2ක විතර වන්ඩියක් බස්සනවා,
හැබැයි අවුරුද්දක් පතා ඉන්සුවරන්ස් එක ගෙවන්න එපායෑ,
කීයක් එයිද දන්නේ නෑ,
කොහොමත් ෆුල්ම දාන්න ඕනේ,
තර්ඩ් පාටි දාලා බෑනේ,
හැබැයි ෆික්ස් දැම්ම කෝටියේ ඉන්ට්රෙස්ට් එකෙන් ඉන්ශුවරන්ස් එක ගෙවන්න පුලුවන් වෙයි,
එක්කෝ කෝටියක එකක්ම ගන්නවා,
අරගෙන කෝටි 2ක් ෆික්ස් දානවා,
ඉතුරු කෝටියට…
“ශර් මෙන්න”
බිල ගෙනාවා,
අඩේ…
මේ කෝටිපතියා කෝටියකට කරන්ඩ දෙයක් හිතාගන්න බැරුව ඉන්නවා,
මේ යකා රුපියල් 200ක බිලක් දික්කරනවා,
ඒත් 150යි බලපු නැති සුයිප් එකයි විතරයි අතේ තියෙන්නේ,
වට් ටුඩූ බේයිබී…
බෑග් එක තිබ්බා ඇපේට,
“අයියේ,
මේ,
පර්ස් එක වැටිලා,
මගේ බෑග් එක මෙතන,
මම ඉස්සරහා ඒටීඑම් එකෙන් සල්ලි අරන් එන්නම්”
කියලා බෑග් එකයි ඇඳුම් ටිකයි එතන තියලා කාඩ් එකෙන් 200ට 1000ක්ම අරන් ඇවිත් සට්යිල් එකට බෑග් එක නිදහස් කරගෙන යන්න ගිය ගමන ගියා,
මොනා කරන්නද අනේ,
මිනිස්සුනේ හැමෝම,
එදා ඉඳන් මගේ ෆේවරිට් කෑම තමා මසාලා තෝසේ,
මසාලා දෝසා,
පේපර් දෝසා,
කියලාත් කියනවා….
“මං ඔබට ඇබ්බැහි වෙලා”
මසාලා දෝසා…



*මේක කෑවෙ ඊයේ
ඔවාලා ආසා නැද්ද?
උපුටා ගැනීම: Tharu rajapaksha-