තනි කමින් මිරිකුනු , ළමා වියේ මතක ගොඩ ගැහුණු බදු වත්තට සමු දෙන්න කාලය එලබ තිබුණ. නැන්දලා හරි සතුටින් බඩු මුට්ටු එක් රැස් කලත් බදු වත්ත දමා යාමේ දුකින් මගේ හිත ඉකි බින්ද. රූස්ස ගහ කොළ, වත්ත කෙලවරේ පුංචි ලිඳ, පේර ගස් ගොන්න, සැන්ඩො ගේ බලු කුඩු ව, ලනු කැඩුණු ඔන්චිල් ලාව මගේ ළමා ලෝකේ තනි කම මැකූ අමරණිය වස්තු න් වෙලා තිබ්බ. පපුවේ කෑල්ලක් ගැලවිලා ගිහින් වගේ දුකින් හිත අඩා වැටුන. කොළඹ අජී මාමි ගේ කළුම කළු මූනෙ රතු පාට ඇස් දෙකෙන් මාව බේරගත්ත පැෂන් වැල් ගාල අස්සට මං ආයෙමත් රිංග ගත්ත. වැල් අස්සෙන් පේන නිල් පාට අහස දිහා බලා ගෙන මං වරු ගණන් ගත කල හැටි මට මතක් උණා. තාත්ති ගේ ලොකු නංගි බැදලා හිටියේ කොළඹ ට. ලොකු නැන්ද ගේ මස්සිනා අත කැඩිලා බෙහෙත් බදින්න බදු වත්තට ආව. මාව දැක්ක හැටියේ ම හිනා වීගෙන මාව අල්ලන්න හදනවා. යකෙක් වගේ කළු පාට මූ නට බයේ මං බදුවත්ත පුරා දුවනවා.. අනිත් අයට හිනා වෙන්න කාරණාව ක් උණත් ඒ බයෙන් බී ත උණු මම දවස පුරම හැංගිලා ඉන්න තෝ ර ගත්තේ පැෂන් ගාල. මගේ දුක සතුට ඇහුව ඒ ගස් කොලං අත ගාල මං අන්තිමට වතාවටත් එයාලට කතා කලා.ලනුව දිරල ගියත් වතාවක් වත් මාව නොවට්ටපු ඔන්චිල්ලා ව හුළගේ හෙල්ලිල මට අත වැනුවා. ගෙඩි නැති මල් පිරුණු පැෂන් වැල මම යන දුකට මල් බිම දැම්මා. මං අන්තිම වතාවට ත් මාව සතුටින් තියන්න ඉඩ දුන්නු අචේත න වස්තු න් ට සමු දීල ලොරිය ට නැග්ගා.
නැන්ද ලා අලුත් ගෙදරට යාමේ සතුටින් පිනා ගිහින් හිටියා. ලොකු අත්ති සල්ලි කාරයෙක් උනේ බදු වත්තේ ගහකොළ ලොකු අත්ති ට ලෝභ නැතිව දුන් පලදාව නිසා. මං වගේම අත්තම්මි ත් ඈත් වෙලා යන බදු වත්ත දිහා බලන් හිටියා. ග්රාමෝදය මණ්ඩලයේ සභාපති වුණු ලොකු අත්ති ගමට ම මුදලාලි උණා. කලින් අම්මයි තාත්ති යි හිටිය පුංචි ගෙදර කඩල ලොකු අත්ති ලොකු ගෙයක් හදලා තිබ්බ. බදු වත්තේ දැනුණු සනීප ය සුවය නොදැනුනත් මට ගෙදර යන්න හිතක් නොවුනේ ගෙදර මට ආගන්තුක උණු නිසා.
කාලය ගෙවිල ගියා.. කළුවර කාලයක් උදා උණා. ගමට ලොක්කා උණු , කවුරුත් වචන යක් කියන්න බය උණු ලොකු අත්ති ව විනාශ කරන්න යක්කු ආව. බුදුපහන පත්තු කරන්න එලියට බැහැපු අත්තම්මි කෑ ගහගෙන ගෙට ආව. යක්කු රැලක් ගෙට පැන්න. කෑ ගහගන්න බැරිව මං ගොළු උණා. ගේ පුරම ලොකු අත්ති හෙව්ව යක්කු නැන්ද ලා තුන් දෙනයි අත්තම්මි යි මාව යි කාමරේ ට දාල දොර වැහුවා. ගේ පුරම පෙරල පෙරලා ලාම්පු තෙල් හෙව්වේ අපිව ගිණි තියන්න. සුදු නන්දි කෑ ගහල ඇඬුව හැටි මට මතක් වෙනවා. “අනේ මේ පුංචි එකී එලියට දාල අපිව ගිණි තියන්න.. “අපි එක පොකුරට බදා ගෙන හිටියා. උඩ ගෙදරට අයිරන් ගනී අක්කා “ලොකු අම්මේ.. “කියලා පාරේ ඉඳලා අහනවා ඇහුණා. ලොකු කුණුහරපයක් කියලා යක්කු අක්කව එලෙව්වා. ලාම්පු තෙල් හොයාගන්න බැරිවුනු යක්කු දෙවට නගින සද්දේ ඇහුණා. පුංචි මගේ කකුල් තෙමා ගෙන බිම තෙත් වෙලා තිබ්බ.
පාරේ ඇවිද ගෙන එනවා දැක්ක ලොකු අත්ති ව කිරිහා මි සීය ගෙට දාගෙන දොර වහල තිබ්බ. නැත්තන් පාරේ යමින් හිටි යක්කු රැලට ලොකු අත්ති ව අහුවෙන්න තිබුණ. ලොකු අත්ති ගේ ඔලුව නරක් උණා. මරන බය ලොකු අත්ති ව පිස්සු වැට්ටුව කියලයි සමහරු කිව්වේ. මට සැරින් සැරේ බදු වත්ත මතක් උණා. ලෝකයේ න් වෙන්වෙලා හැංගිලා තිබ්බ ඒ ලස්සන ජිවිතේ ට හෙන ගෙඩි එන්න ගත්තේ අපි ඒ ලෝකේ අතැරලා ආව නිසා කියලා නිතර මගේ පුංචි හිතට හිතෙන්න ගත්ත. කොළඹ හිටිය ලොකු නැන්ද චූටි නැන්ද ලව යි ලොකු අත්ති වය් කොළඹ ගෙනිච්ච. කන් ඇහෙන්නේ නැති ඇස් පෙනෙන්නේ නැති මුත්තම්මයි , මමයි අත්තම්මි යි ආපහු තනි උණා. අපේ අම්මා යක්කු ඇවිත් ගියදා ඉදල මාව ගෙදරට ගෙනියන්න හැදුව. පුංචිම කාලේ මගේ තනි උන හිත ආදරයෙන් පිරිමැද්ද අත්තම්මි දාල ගෙදර යන්න මට දුක හිතුණා. දවල් කාලයම ලොකු අත්ති හිටවපු කනා ටු ගැහුණු එලවලු කොටුවේ එළවලු කඩන්න මං අත්තම්මි ට උදව් උනා. ඒවා කඩේට ගෙනිච්චේ අත්තම්මි යි මම යි. ලොකු නැන්ද ට තිබුනනේ අත්තම්මි ත් ගෙනියන්න “මං සමහර වෙලාව ට අත්තම්මි ගෙන් ඇහුවා. “එතකොට මුත්තම් ම බලන්නේ කව්ද පුතේ “අත්තම්මි එහෙම කිව්වත් එයාගේ හදවත අඩා වැටෙන බව මට දැනුනා. “පුතා ට බය නම් ගෙදර යන්න ” අත්තම්මි මට එහෙම කිව්වා.. “අත්තම්මි දාල මං කොහෙවත් යන්නේ නෑ “මං එහෙම කිව්වා.
රෑ වෙත්දී මුත්තම්මය් පදුරු කොට්ට අරං අපි පහළ කුඹුරේ වැටකොලු මැස්ස යටට රිංගලා නිදා ගන්නවා. යක්කුන්ට අපිව හොයා ගන්න බෑ.. වැටකොළු මැස්ස අතරින් මට අහස පේනවා.. බදුවත් තේ මගේ වස්තු න් මට මතක් වෙනවා. මගේ අහිංසක හීන වලට පන දුන් ගහ කොළ අතරින් මං බදුවත් තට පියාබණ ව.. අත්තම්මි ත් මං වගේම හීනෙන් බදු වත්තට යනවා ඇති. මට එහෙම හිතෙනවා.
උපුටා ගැනීම: වාසනා දිසානායක.