ඇය ටිකිරි ය.ලේසියට ටිකිරි කීවාට ඇය ටිකිරි මැනිකේ ටීචර් ය.සුදු මිටි ටිකිරි කොන්ඩයක් පිටුපස ගෙල මුල ගැට ගසාගෙන සිටි සිරියාවන්ත හිනාවකින් නිතර මුව සරසාගෙන සිටි ඇයගේ නම ,ඇයට ම ගැලපෙන්නක් විය .අය්යා එකේ පන්තියේ සිටින විට මොන්ටිසෝරිය හමාරව ගේට්ටුව ලග හිටගෙන සිටින මා ගෙනගොස් තබා ගන්නේ ඔහුගේ එකේ පන්තියේය.මට පුටුවක් නැත.අය්යා බෑගය බිම තබා මට පුටුවෙ බාගයක ඉඩ සදයි .මම මොන්ටිසෝරියේ දීම එකේ ටිකිරි ටීචව හදුනා ගත්තෙමි ..
එදා සින්දු පාඩමකි .අය්යාගෙ වාරය උදා විය .අය්යා පුටුවෙන් හෙලවුනේද නැත .අසන්ග..අසන්ග නම කීප වාරයක් ඇසුනි.මම ඇස් කොනෙන් අය්යා දෙසත් ටිකිරි ටීචර් දෙසත් බැලුවෙමි .අය්යා පත්ව ඇති අපහසු තාවෙන් ඔහු මුදා ගත යුතුව ඇත.පුන්චි මම පුටුවෙන් නැගිට ටිකිරි ටීචර් ට ලන් වීමි .”ඔයාට පුලුවන්ද සින්දුවක් කියන්න”ටිකිරි ටීචර් ටිකිරි කටහඩින් අසුවාය.”පුලුවන්..අපේ තාත්ති රේඩියෝවක් ගෙනාව.ඒකෙ සින්දු ඔක්කොම මට පාඩම් “මම ලොකු කමින් කිව්වා මතකය.ටීචර් කිකිනි හඩින් සිනා වී,එහෙනම් අය්යට බැරි සින්දුව ඔයා කියන්නකො “කීවාය.
උත්සාහය උක් දන්ඩක් වැන්නේ..
වැලදූ පසුවයි මිහිර දැනෙන්නේ ..
එහි රසයෙන් දිව ඉපිලී යන්නේ ..
අලස කටේ දිව නෑ එය දන්නේ..
තේරුම කෙසේවත් නොදන්නා එකල ඉමහත් ජනප්රියත්වයට පත්වූ මෙම ගීය පද වැරදි වැරදී ගැයුවා මතකය ..ඇය දෑස් වල කදුලු පුරවා ගනිමින් හිස අත ගෑවා මතකය ..”හරී ලස්සනයි පුතේ.මොන්ටිසෝරියේ බබෙක් වෙලත් බලන්න මේ නන්ගි ඉදිරිපත් වුනු ලස්සන .සින්දුව කිව්ව ලස්සන “ජීවතයේ ගුරුවරයෙකු ගෙන් ලද පලමු උපස්තම්බනය සහ ආශීර්වාද ය ලැබුවේ ඇයගෙනි.එනිසා කි කිසිදාක වත් මට ඇය අමතක නොවේ .මොන්ටිසෝරියේ න් පසු අය්යා දෙකට ගිය විට මගේ ගුරුතුමිය වූයේ ඇයයි .ඇගේ කරුනාවන්ත බව සහ ඇගේ නය්ලෙක්ස් මල් මල් සාරි වලින් හැමූ කපුරු සුවද පවා අදත් දෑස් පියාගෙන විද ගත හැකිය .
අශෝකා ටීචර් අශෝකා මලක් සේම සුන්දරය .3,4,5 පන්තිවල එක දිගටම ගුරුතුමී වූවා මතකය.සිමෙන්ති කොලවලින් කවර දමාගෙන ගිය මගේ පොත් වල ඇලවීම ට ලස්සන රෝස මල් ඇති හදුන් කූරු හිස් පෙට්ටි මල්ලක් ඇය මට දුන්නා මතකය .දහවල් තේ වේලාවට ඇය ගේ කෑම පෙට්ටියේ ඇති සැන්විච් අපට බෙදා දුන්නා ය.”ඔවා පුරුදු කරගත්තම හරි කරදරය්”දිනක් ලමයින්ට සැන්විච් බෙදනු දුටු මෙන්ඩිස් ගුරුතුමිය කිව්වා ය.උගන්නන්ට කලින් මුන්ගේ බඩ පිරිලා තියෙන්ට ඕනනෙ ටිචර්.නැත්තං මන් උගන්නන දේ මුන්ගෙ ඔලුවට යන්නේ නෑ.”අශොකා ටීචර් කීවේ සිනා සිසීය.කිසිදාක ඇය ගුටියක් දුන් දිනයක් හෝ බැනවැදුනු දිනයක් මට මතක නැත .ඇය නිතර කීවේ වැරදි කරන ලමුන් සමග ඇය තරහ බවත් හොද ලමුන් සමග යහලු බවත්ය .ඉතින් කිසිම ලමයෙක් ඇයව අමනාප කර ගැනීමට අකමැති වූවා විය හැක ..
ඇයට අප නිතරම “මයෙ කොල්ලා, හා මයේ කෙල්ල විය.”එම වචනය තරම් අප සතුටු කල වචනයක් නොවූ තරම්ය.ඉන් පසුවත් විවිධ කාල වල හමුවූ දෙවි වරුන් වන් ගුරුවරු අද අප සිටින තැනට ඒමට පාර කැපූවෝ වෙති.දෙමාපියන් කන්නට අදින්නට දුන්නත් සැබෑවටම අපේ දෑස් පෑදුවේ ඔවුහු වෙති.
දහයේ පන්තියේ දී මුලු පාසලටම පෙනෙන්නට ආනන්ද සර් ගෙන් ගුටි කෑවා මතකය .ඒ ගනන් ටික කොපි කරගන්න ට තව කෙනෙක්ට පොත දුන් වරදටය ..හොර කිරීමත් ,හොර කිරීමට උදව් දීමත් එකම ලෙස බරපතළ වරදක් බව තදින් ම පෙන්වා දුන්නේ ඔහුය ..වරදෙන් මුදවා,ඉහළින් අප වැජඹෙනු දැක හදවතින් ම සතුටු වූයේ ඔවූහු ය ..ගුරු දෙවිවරු විනා ඔවූහු හදුන් වීමට වෙන නම් කුමට …
උපුටා ගැනීම: Windi Windi