මනමාලයාට දෙවරක් චක්කරේ බැරි බව දැනගත් මනමාලිය මඟුල් පෝරුවෙන් පැන යයි.. (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

යෝජනාවකින් විවාහ වන්නට ගිය ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හී තරුණියක් සිය අනාගත සැමියාගේ ගණිත හැකියාව පිළිබඳව කණගාටුවට පත්ව මඟුල් මණ්ඩපයෙන් පැන ගොස් තිබේ.

පසුගිය (08) වැනිදා මෙම විවාහ උත්සවය පවත්වා තිබුණු අතර මනමාලිය හට මනමාලයාගේ ගණිත හැකියාව මෙන්ම ඔහුගේ ඥාතින් විසින් පවසා තිබුණු අධ්‍යාපන හැකියාවන් ගැන සැකයක් ඇතිව තිබේ.

මෙම සැකය හේතුවෙන්ම මනමාලිය විසින් මනාලයාට ගණිත ප්‍රශ්නයක් ඉදිරිපත් කර ඇත්තේ විවාහයට පැමිණි සියලු දෙනාවම පුදුමයට පත් කරමිනි.

එහිදී ඇය විසින් මනාලයා වෙත දෙවරක් චක්කරය ලියන ලෙස පවසා තිබුනු අතර කලබල වූ මනමාලයා ඉන් අසමත් වී තිබුණි.

තමන් රැවටුණු බව දැනගත් මනමාලිය වහාම මඟුල් පෝරුවෙන් නැගිට ඉවත්ව ගොස් තිබූ බව සඳහන් වෙයි.

මනාලියගේ ඥාති සහෝදරයෙකු විසින් මෙම සිදුවීම ගැන පවසා තිබුණේ මනාල පාර්ශවය විසින් සිය පවුල වෙත වංචා කළ බවත්, ඒ නිසා විවාහය වහාම නවතා දැමූ බවයි.

ඉන්දියාවේ මෙවැනි විවාහය මැද පැන යෑමේ රැල්ලක් ඇතිව තිබෙන බවත් එය ඉක්මණින් ජනප්‍රිය වෙමින් පවතින බවද ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබුණු අතර මෙම සිදුවීම වූ උත්තර් ප්‍රදේශ් හී මෙවැනි සිදුවීම් බහලුව සිදුවන බව සඳහන් වෙයි..

 

උපුටා ගැනීම: Lanka Telegraph

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!