මනමාලි සහ පාතාලයා (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේක නම් සිද්ධ වුනේ මෑත කාලේදී..දැනට ටික කාලෙකට කලින් අසාන්ලගේ නැදෑ කෙනෙකුගේ මළගමක් තිබ්බා..මේ ඉලව් ගෙදරට ඉතින් දුර පලාත් වල ඉන්න ඥාතීන් පවා ආවා.ජිවිතේට දැකපු නැති නැදැයෝ ටිකකුත් එදා අසාන් දැක්කා..අක්කලා ,අයියලා ,නංගී ලා ,මල්ලීලා ගොඩයි..ඉතින් හැමෝම එක්ක සුහදව මළගෙදර වැඩත් කරගෙන අසාන් හිටියා..
කොලඹ රස්සාව කරන මාමාගේ ෆැමිලි එකත් මලගෙදර ඇවිල්ලා හිටියා..මාමාගේ දූ ට ලයින් කර කර තමයි අසාන් හිටියේ..
අවුරුදු දෙක තුනේදී උඹලා දෙන්නා එකටමයි හිටියේ…කොහෙද ඉතින් රස්සාව ලැබිලා කොලඹ ගියාට පස්සෙ එන්න ලැබුනේ නැහැනෙ..
මාමා අසාන් එක්ක කිව්වේ කට්ටියට තේ අල්ලමින් හිටිය අර නංගීව පෙන්නමින්
දැන් නිෂාධි නංගී මොකද කරන්නේ මාමේ??
ආ..ඒලේවල් කරා…පාස් වුනා දැන් ගෙදරට වෙලා ඉන්නේ..
හ්ම්ම්….
කොහොම හරි නෑදෑකම ඉස්සරහට දාලා කෙල්ලගෙන්ම නොම්මරේ ඉල්ල ගන්න අසාන් සමත්වුනා..කටයුතු ඔක්කොම ඉවර වෙලා යන දවසේ අසාන්ට වැඳලා හිටං තමා කෙල්ල ගියේ.
ටික දවසකින් අසාන් කෝල් එකක් අරගෙන සැප දුක එහෙම ඇහුවා..
මං හිතන් හිටියට වඩා ඔයා ලස්සනයි නේ ..නංගී..
අයියත් දැන් මාර හැන්ඩියනේ.. කෙල්ලෝ දෙතුන් දෙනෙක් වත් රන් කරනවා ඇතිනේ..
ආපෝ ..පිස්සුද නංගී??
අසාන්ට සෑහෙන ලැජ්ජා හිතුනා කුලුදුලේ හිත ගිය කෙල්ල මෙහෙම කියද්දී
මලගෙදර දවස් දෙක තුනේ ත් කන්න වගේ මං දිහා බලං හිටපු හැටි?? කොයි වේලේක හරි මාව මුල්ලකට හේත්තු කරගනී කියලා මං බයේ හිටියේ..
ටෞකන්ඩ මේකී නම් කොලඹ කාලා ආපු කෙල්ලක් විත්තිය අසාන් තේරුම් ගත්තා..
ආපෝ..චී නංගී මොනාද ඔය කියන්නේ ඔයා??
අසානුත් බබා වුනා
හැමදාම රෑට දෙන්නා ඔහොම කයියක් ගහං ඉද්දී ඒකීගේ සැබෑ ස්වරුපෙ මතු වෙන්න පටන් ගත්තා.කොල්ලෙක් එහෙමත් කලින් ඉදලාත් තියෙනවා..ක්ලබ් වලටත් මේකී ඌ එක්ක ගිහින් තියෙනවා.
නිෂාදි නංගී ගෙන් රෑට එන විඩියෝ කෝල් එක හොඳ සැප නින්දකට අඩිතාලමක් කරගන්න අසාන් පුරුදු වුනා.
ඔහොම ඉද්දී තමා කොලඹ මාමලගෙන් අසාන්ට විවාහ යෝජනාව ක් ආවේ..ඔව් නිෂාධි ව තමා..
අසාන්ගේ දෙමව්පියනුත් එක පයින් මේකට කැමති වෙද්දී අසානයගේ නම් ඉහමොල රත්වුනා.ඕක කරගැහුවා කියන්නේ දොලොස් මාසේ පුරාම ඕපන් කරපු දන්සැලක් දාගත්තා වගේ වැඩක්.අසාන් මේකෙන් ගැලවෙන්න ක්රමයක් කල්පනා කළා..
ඊට පස්සේ දවසක මාමයි නැන්දයි,නිෂාධියි තුන් දෙනාම අසාන්ලගේ ගෙදර ඇවිත් තිබුනා.ඒ දවසේත් නිෂාධිගේ හිරිහැර ,ඕනෑ එපාකම් කරන්න අසාන්ට සිද්ධ වුනා..
එදා රෑ වෙද්දී අසාන්ලගේ ගෙදරට කවුදෝ කොලඹ පාතාලේ කොල්ලෙක් කතා කරලා තිබ්බා..අසාන්ලගේ පවුලේ විස්තර එහෙමත් ඌ ඔක්කොමත් කියලා මේ මඟුල වෙන්න බෑ කියලා අසාන්ගේ තාත්තට තර්ජනයත් කරලා.. ආයේ මොනා හරි වෙලා තිබ්බොත් තමුසෙගේ කොල්ලගේ අතපය හතර කපලා දානවා කියලත් කියලා..
කොහොම හරි මඟුල එතැනින්ම හබක් වුනා…අපේ පුතා මාරකයකින් නේද බේරුනේ කියලා අම්මායි තාත්තායි කතා වෙද්දී අසාන් හිනා වේවී ඒවා අහන් හිටියා.
උපුටා ගැනීම: Krishan Sampath

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!