මනමාලියක් බැලීමට ගියෙමි (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අක්කාගේ හා නංගීගේ විවාහ වලින් අනතුරුව අම්මා සහ මම මහ ගෙදර තනිවූවාය.අම්මා පාන්දර තේ එකේ පටන් තුන් වේලටම බත් තම්බා මා පෝශනය කරන්නීය.ඇයගේ නිරන්තර උත්සාහය සෑමවිටකදීම මටද විවාහයක් කරදී. මා එකලාසයක් කිරීමය.
මගේ මිතුරු සමාගම සමග නිදහසේ ජීවිතයක් ගෙවන මට විවාහය වහකදුරුය.ඒ නිදහස විවාහ වූ පසු නැතිවී මහත් අකරතැබිවලට මා මුහුන පාවී යන සිතිවිල්ල මට නිතර මෙනෙහි වෙයි.නමුත් අම්මාගෙන් මට කිසිදු ගැලවිල්ලක්ද නැත.
“උඹ ගෑනියෙක් ගේන්නේ නැද්ද?
මට තනියම බොට බත්තම්බන්න බෑ,
යකෝ මේ තොගෙ රෙදි කන්දරාව හෝදන්න මට හැමදාම පුලුවනෑ?
සරම තොගෙ වලල්ල වගේ තාම ඇදඋඩ,
“ඔවැනි වාක්යය එමටය. මේවා දැන් මට දැන් දවසේ සාමාන්ය වැකි පමනකි. මාගේ මිතුරන් නිවසට එන සෑම කල්හිම අම්මාගේ නිරතුරු කතාව මාගේ විවාහයමය.
“පුතේ අපේ එකා එක්ක නැද්ද තාම කෙල්ලෙක් එහෙම යාලුවෙලා
“එයාට උවමනාවක් නෑනෙ නැන්දේ”
මගේ අතිජාත යාලු හැතිකරේ අම්මාට මා එපාවෙන උත්තර ලබාදේ.පසුදා අම්මා මා අමතයි…..
“තොට විතරද කෙල්ලෙක් එක්ක යාලු වෙන්න බැරි ,නොදකින් එහෙමත් එකක් කරගන්න පුලුවන් හරකෙක්ද තෝ”
අම්මාගේ තොරතෝන්චියක් නැති කියවිල්ලෙන් හෙම්බත් වූ මම කෙල්ලක් හා යාලුවීමට තීරනය කලෙමි. නයනාගේ ගේ ලගින් වට කිහිපයක් ගිය මා ඈ සමග සිනාසුනෙමි. ඈ මාගේ විපර්යාසය දැක ගස්සා අහක බලාගත්තාය. විනීතා දෙස බලා මා සිනාසුනේ ඇය දියනාන විටදීය. ඈ සමග සිටි ඇයගේ අවුරුදු 80ක් පමණ වෙන ආච්චීගේ පිටේ සබන් ගාන්නට මට ඈ පංගාර්තු කල හෙයින් මට ඈ එපාවිය. පසුව කෙල්ලෙක් එක්ක යාලුවීම ලේසි පහසු කටයුක්තක් නොවන බව වැටහිනි …
“අම්මා කියන තරම් ලේසි නෑ කෙල්ලො එක්ක යාලුවෙන්න.
මා අම්මාට කීවෙමි
“නොදකින් එහෙමවත් එකක් පුලුවන් එකෙක් යැයි.හිටපන් මංවත් කතාකරන්න.අම්මා වගකීම බාරගත්තාය.මාගේ බලවත් අකමැත්ත තුට්ටුවකට මායිම් නොකල අම්මා හේමපාල කපුමහතාගේ සේවය ලබාගත්තාය.
“හාමිනේ අපිට කිට්ටු කරන්න පුලුවන් තැනක් නෙමේ…ඒ දැරිවි ඩුබායි රාජ්ජෙත් වැඩ කරලා..සල්ලිනම් උතුරන්න.අපි මේ සෙනසුරාදම යමු බලන්න මේව පරක්කු කරන්න හොද දේවල් නෙමේ.
“දැන්වත් තොගෙ ඔය කපුටු කූඩුව කපාපිය,සකබමුනා වගේ බලාපිය රැවුල කපපං ඒ අම්මාගේ කටහඩයි..
මා වහා කොන්ඩය හා රැවුල කැපීමට පිටත්වීමි. වහා තුසාරගේ අලුත් කමිසය ඉල්ලා ගතිමි. අම්මාත් අක්කාත් නංගීත් මස්සිනාල දෙදෙනා හා මා සෙනසුරාදා මංගල්යය බැලීමට ඔලගන්දූව බලා පිටත්වුවෙමු.
මේ දැන් බොට ඊයෙ රෑ කියපුවා මතකයිනේ.? කුකුල්මස් තිබුනොත් බඩජාරියා වගේ කෑලි දෙක තුන බෙදාගන්නවා එහෙම නෙමේ ,ගෙදරදි වගේ කෙහෙල්ගෙඩි තුන හතර ගිලින්න එපා, මතක තියාගනින් ගෙදරදි වගේ දොරරෙද්දෙ නම් අතපිහින්න එපා. ..
නිවැසියන් අප ඉතා ආදරයෙන් පිලිගත්තාය. සතුටු සාමීචියේදී ඇගේ පැමිනීමද සිදුවිය. අහෝ එවැනි යුවතියක්… ඈ වැනි රූපකායක් ඇති තරුනියක් පහල ගම් හයේම මා දැක තිබුනේ නැත. ගමේ මා සතේකට මායිම් නොකල දර්ශනීලා,නයනලා,විනීතලා ඈ අසලකට ගත හැකිද, කොටට කැපූබොකුටු කොන්ඩය. නලල හරහා කෙස් රොද,වටකුරු ඇහිබැම, එල්ලෙන කරාබු, දෙතොල් තද රතු, කෙටිසාය මැදින් පලා, කෙටි හැට්ටය, දිගු පාටකර නියපොතු,
ඈ මා ඇමතීය….
ලගන්නා කටහඩ..
“අයියා කොහෙද වැඩ කරන්නෙ
“තාත්තත් එක්ක…
ඒ කිව්වෙ අයියා…
මං තාත්ත එක්ක වැඩ…
මොනාද අයියා වැඩ..
වැඩුවැඩ…..
හරි ශෝක්..එහෙම තමන්ගෙම ව්යාපාරයක් කරන එක මමත් ඉන්නවනේ අයියාට..
ඈ විවාහ කරගන්නට ඇත්නම් යැයි බලවත් කැමැත්තක් මගේ සිත තුල මෝදුවෙන්නට විය.කෑම මේසයේදීම මා
“අම්මා මං කැමතියි මේ නංගිට”..
“කටවහන් ඉදපං බූරුවෝ…මේවා පස්සෙ කෙරෙන්නෙ”.
අම්මා මා කෙනෙත්තුවාය.තුසාරයගෙ කමිසය ඉරේවියැයි බයෙන් මා පස්සට පැන්නාය..
යලිත් නිවසට ආ කල්හී කසාදයක් කරගැනීමට මගේ සිතේ ඌ බලවත් අකමැත්ත නැත්තටම නැතිවිය.මගේ මනසේ ඇගේ රුව මතුවී පෙනේ.ඈ මගේ බිරිද කර ගන්නේ කවදාද? ඇගේ මතකයේ හැගීම් මා අමුතු ලෝකයකට ගෙනයයි.
නමුත් අම්මා හා අක්කා ඈ පිලිබද ඇතිවී ඇති හැගීම් ප්රියජනක නොවීය.
ඒ සක්කරවට්ටම බොට හරියන්නෙ නෑ… ලෝකෙ කාල වතුර බීපු එකියක්…විලිසංගෙ නැතුව ඇඳල හිටපු හැටි…
මා මුල්වරට ආලය කල තරුනිය මගෙන් වෙන්කරලාය. නමුත් දිවා රෑ නොමැතිව මට ඈ මෙනෙහිවෙයි…
“අම්මා එයා හොදයිනේ”තෝ ඕකි ගැන කතාකරනව නෙමේ ආයෙ.කොහෙද ගෑනු දැකපු මූසලයෙක්ද මූ…තෝ ගෑනු ගැන දන්නෙ මොනවද…හිටපන් හොද ගෑනියෙක් හොයල දෙනකන්.කොහෙන් හැදුන මදන ගායක්ද එකපාරටම මූට මේ…
උපුටා ගැනීම: Lalith ID

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!