මානව හිමිකම් (වැල් වටාරම්)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ශ්රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට බි්රතාන්ය විසින් ඉදිරිපත් කරපු යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුණා කියලා දැන් අපි හැමෝම දන්නවනේ.
ගොඩාක් දෙනෙක් හිතන්නේ මේ වගේ යෝජනාවක් සම්මත වුණාම ශ්රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවීමක් හරි, ජාත්යන්තර අධිකරණයේ නඩු පැවැරීමක් හරි වෙනවා කියලා. නෑ… තවම නම් එහෙම අවධානමක් නැහැ.
මේ යෝජනාවෙන් මානව හිමිකම් කවුන්සලිය ශ්රී ලංකාවේ පිරිහෙන තත්ත්වය පිළිබඳව දැඩි කණස්සල්ල පළ කර තිබෙන අතරම, අධිකරණයේ ස්වාධීනත්වය ඛාදනය වීම මෙන්ම සුළු ජාතීන් කොන් කිරීම ගැනද විවේචන එල්ල කරලා තියෙනවා.
ඒ වගේම මේ යෝජනාවෙන් ත්රස්තවාදය වැළැක්වීම පිළිබඳ නීතිය සංශෝධනය කරන ලෙසට ඉල්ලීමක් කරලා තියෙනවා.
මීට අමතරව මෙම යෝජනාව හරහා ශ්රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ජාත්යන්තර අධීක්ෂණය හා සෝදිසි කිරීම පමණක් නොව, අනාගත නඩු පැවරීම සඳහා සාක්ෂි එකතු කිරීම, තහවුරු කිරීම සහ සංරක්ෂණය කිරීම සහ ඔවුන්ට ගත හැකි පියවර සම්බන්ධයෙන් ජාත්යන්තර ප්රජාවට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයට බලය පවරලත් තියෙනවා.
දැන් සමහරු කියනවා ශ්රී ලංකාවට මේ වගේ යෝජනා ඉදිරිපත් වෙන්නේ සමගි ජන බලවේගය, ජේවීපී ය යූඇන්පී ය නිසා කියලා. ඒකත් බොරුවක්. මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙලා ඉන්න කාලේ තමයි ශ්රී ලංකාවේ වුණැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් නිසි ලෙස හොයා බලනවා කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයට පොරොන්දු වුණේ. ඊට පස්සේ යහපාලන ආණ්ඩුවත් එහෙම පොරොන්දු වුණා. ඉස්සරහට ගෝඨාභය මහත්තයටත් එහෙම පොරොන්දු දෙන්ඩ වෙයි. ඒක තමා ජාත්යන්තර දේශපාලනය කියන්නේ.
ඉතින් මේ වගේ වෙලාවට තමයි ආණ්ඩුව මොළේ පාවිච්චි කරලා වැඩ කරන්ඩ ඕනේ. මේ වගේ යෝජනාවක් සම්මත වුණාම අර විමල් වීරවංශ වගේ අයව එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉස්සරහ මරාගෙන මැරෙන උපවාස කරන්න යවන්නේ නැතිව සුදුස්සන්ව සුදුසු තැනට දාලා ජාත්යන්තර ප්රජාව එක්ක මොළෙන් හැප්පෙන්ඩ ඕනේ.
ඕවට තමයි තානාපති සේවාව තියෙන්නේ. වෙන රටවල නම් රාජ්ය තාන්ත්රික තනතුරුවලට ඒ සම්බන්ධයෙන් ප්රවීණත්වක් තියෙන මිනිස්සු පත් කරන්නේ. ඒත් කරුමෙට වගේ ලංකාවේ තානාපති සේවය කියන්නේ දේශපාලකයන්ගේ නෑයන්ට සැප ගන්න තියෙන තැනක්. මතකනේ එක පාරක් චිත්රපට අධ්යක්ෂණය කර කර හිටපු සුමිත්රා පීරිස් ව ප්රංශයේ තානාපති කරලා යැව්වා. උදයංග වීරතුංගත් ඉතින් තානාපති කෙනෙකනේ.
අනික මේ වෙලාවෙදි විදේශ ඇමැතිවරයා කරන්න ඕනේ සිංලෙන් ප්රවෘත්ති සාකච්ඡා තියලා පාක්ෂිකයෝ චූන් කරලා ජාත්යන්තර මාධ්ය ඉස්සරහට ගිහින්වෙනත් දෙයක් කියන එක නෙමෙයි. මේ ගැන ශ්රී ලංකාවේ ස්ථාවරය පහදන එක.
අනික තවත් කට්ටියක් මේ යෝජනාව මහින්ද-ගෝඨා ආණ්ඩුවට විරුද්ධව ගෙනාපු එකක් සහ ඒ අය තොලොංජි වෙලා යයි කියලා හිතලා මහ කාලකන්නි සතුටක් ලබනවා. එහෙම නැහැ මේ යෝජනාව ගෙනල්ලා තියෙන්නේ අපේ රටට, ඒ කියන්නේ ශ්රී ලංකාවට විරුද්ධව. ගෝඨාභය ජනාධිපතිතුමා ඊළඟ ඡන්දෙන් ගෙදර ගිහින්, ඒ වෙනුවට රනිල්, සජිත්, අනුර නෙමෙයි බන්දු සමරසිංහ ජනාධිපති වුණත් මේ යෝජනාවලට මුහුණ දෙන්ඩ වෙනවා. ඒ නිසා ආණ්ඩුව පරාදයි කියලා ගොන් ආතල් ගන්ඩ එපා. පරාද වෙන්නේ අපේ රට… ශ්රී ලංකාව…
– අනිල් කරුණාරත්න –

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!