වර්තමානයේ රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ බොහොමයක් ආයතන වල වැඩ කටයුතු 100%ක් කාර්යක්ෂම අන්දමින් සිදු කර ගැනීම සඳහා මිනිස් බලය උපරිම ව ඉතාමත් ප්‍රයෝජනවත් අන්දමින් යොදා ගැනීම ඉතාමත් වැදගත් කරුණක්.මෙලොව සිටින මිනිසුන් සෑම අයෙක්ම අයෙක්ම සිතුම් පැතුම්වලින්, අරමුණු වලින්, හැකියාවන් වලින් සහ අත්දැකීම් වලින් අත්දැකීම්වලින් එක හා සමාන වන්නේ නැහැ.ඔවුනොවුන්ට ආවේණිකත්වයන් ඇති අතර එම ආවේණිකත්වයන් සහ මිනිස් බලය නිසි ලෙස යොදා ගන්නේ නම් අදාළ ආයතනයන් තුල සියලුම අංශයන් වල වැඩ කටයුතු ඉතාමත් කාර්යක්ෂම අන්දමින් සිදු කරගත හැකි අතර දියුණුව සලසාගත හැක.
මේ හේතුව නිසා මානව සම්පත් කළමනාකරණය ගැන වෙනදාටත් වඩා වැඩි වශයෙන් අවධානයක් යොමුකරන අතර න්‍යායාත්මක දැනුමෙන් සහ කුසලතා වලින් සපිරි වෘත්තිකයින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතනයන් සඳහා වැඩි වශයෙන් බඳවා ගැනීම සිදු කරයි.එසේත් නැතිනම් සේවකයින්ගේ එම සුදුසුකම් ගැන සලකා බලමින් තත්ත්වය උසස් කරයි.මේ හේතුව නිසාවෙන් අද වන විට බොහොමයක් රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන මගින් මානව සම්පත් කළමනාකරණ කළමනාකරණ සහතිකපත්‍ර පාඨමාලා, diploma සහ උපාධි පාඨමාලාවන් පිරිනැමීම සිදු කරයි.ඒ අතරින් කොළඹ විශ්වවිද්‍යාලය මඟින් බාහිරව පවත්වනු ලබන මානව සම්පත් කළමනාකරණය උපාධි පාඨමාලාව සඳහා ඉහළ ස්ථානයක් ලැබෙනවා. ඒ වගේම රාජ්‍ය විශ්ව විද්‍යාලයක් මගින් පිළිගත් උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අදහස් කරන ඔබට මෙය කදිම අවස්ථාවකි.

මානව සම්පත් කළමනාකරණය උපාධියකදී හැදෑරිය යුතු විෂයන්.( දළ වශයෙන් )
- කලමනාකරණ ක්‍රියාවලිය සහ සංවිධානකරණය.
- මානව සම්පත් කළමනාකරණය පිළිබඳව හැඳින්වීම.
- මනෝවිද්‍යාත්මක සහ සංවිධානාත්මක හැසිරීම.
- මානව සම්පත් ගොඩනැගීම.
- මානව සම්පත් සඳහා සංඛ්‍යාලේඛන සහ තොරතුරු තාක්ෂණය.
- සේවක සේවා.
- විපාක කළමනාකරණය.
- ආයතනික සංවර්ධනය.
- දැනුම් කළමනාකරණය.
- මානව සම්පත් වෘත්තිකයින් සඳහා ව්‍යාපාරික සන්නිවේදනය.
- ජාත්‍යන්තර මානව සම්පත් කළමනාකරණය.
- මානව සම්පත් ගිණුම්කරණය.
- ශ්‍රම ඵලදායිතාවය.
- සේවක හැසිරීම සහ සේවක සංවර්ධනය වැඩිදියුණු කිරීම.

උපාධි පාඨමාලාව සඳහා අයදුම් කිරීමට තිබිය යුතු සුදුසුකම් මොනවාද ?
- අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ පෙළ සදහා ඕනෑම විෂයන් තුනකින් සමත්ව තිබීම.හෝ
- අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ දී ඕනෑම විෂයන් 6ක් සමත්ව තිබීම.සහ ඕනෑම රජයේ හෝ පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක වසර 5ක පළපුරුද්ද තිබීම.
සහ
- පාඨමාලාව පවත්වනු ලබන බව භාෂා මාධ්‍ය පිළිබඳව දැනුමක් තිබීම.
උපාධි පාඨමාලාව සඳහා අයදුම් කරන්නේ කෙසේද ?
මෙම පාඨමාලාව සඳහා අයදුම්පත් භාර ගැනීම සිදු කරනු ලබන්නේ අන්තර්ජාලය හරහා පමණක් වන අතර අයදුම්පත් ලබා ගැනීම සඳහා ප්‍රවේශ විය යුතු ආකාර පහත සඳහන් වේ.
- mgmt.cmb.ac.lk හරහා.
- dhrm@hrm.cmb.ac.lk යන විද්‍යුත් තැපෑල වෙත ඊ-මේල් කිරීම තුළින් අදාල පෝරමයේ යොමුව ඉල්ලුම් කළ හැක.
ඒ වගේම අයදුම්පත් භාරගන්නා දිනයන් වන්නේ ඔක්තෝම්බර් මාසයෙ වන අතර අදාළ නිල වෙබ් අඩවි ඔස්සේ අප්ඩේට් පිළිබඳව දැනුවත් වීමෙන් සිටින්න.