මනීශාගේ රස්තියාදුව (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මනීශා කියලා ඉන්නව පොඩිකාලෙ ඉඳලා අපේ පන්තියේ හිටපු කෙල්ලෙක්. ඌ සාමාන්යෙන් මාස දෙක තුනකට වතාවක් මොකක් හරි අසූචි කේස් එකක් දාගන්නවා. ඊට පස්සෙ හතර වටේම ඉන්න උන්ට වද දෙනවා. හැමදාම මටත් මුගේ කරදර විඳින්න වෙනව. ගිය මාර්තු වල මූ මට කතා කලා.
“අඩෝ සුපුනෝ, මාර කේස් එක බං. අපේ ගෙදරින් මට මගුලක් කතා කලානෙ “
– “ඇති යන්තම් අපේ කරදර ඉවරයි. බැඳපන් ඉක්මනට”
“මගුලක් කතා කරනවා, අපේ අම්මගෙ යාලුවෙක් කතා කලේ. ඉන්ජිනියර් කෙනෙක් කියලා කිවුවෙ. ඉතින් මාත් කැමති උනා.”
-“නොදකින් තොපි. රස්සාවටද කැමති උනේ.”
“අහපන්කො කියන එක. උන් ආව බං අපේ ගෙදර. බලද්දි අපේ චාමරගෙ අයියා. චාමරයා දැක්ක ගමන් මම බුලත් හෙප්පුව විසි කරලා දිවුවා කුස්සියට”
– “අඩෝ නෝ බං, චාමරයා නේද එකොලහ වසරෙදි කොටාව උබට සෙට් කරන්න කපුකම කතා කලේ. කොහොමද බං කටක් ඇරලා ඌට මස්සිනා කියන්නෙ”
– “තොට ඒකත් මතකද. කොහොම හරි දැන් අම්මල හිතන් ඉන්නෙ මම චාමරයා එක්ක සම්බන්ධයක් තිබිලා කියලා.”
ඒක එතනින් ඉවරයි. ඊලඟට ආයෙ අගෝස්තු වල විතර ඌ මට කතා කලා
” සුපුනා මේ, කොල්ලෙක් සෙට් උනා. ඒ උනාට ඒක පොඩ්ඩල් අවුල් බං. මට ඌ ශුවර් නෑ “
– ” මේ පාර මොකද්ද. ඇත්තමයි මම උබව බ්ලොක් කරලා දානවා. මල කරුමයක් උබ නම්. “
” අහපන්කො, ෆේස්බුක් එකෙන් සෙට් උනේ. ඌ හැම වෙලේම ෆොටෝ එවන්න කියනව බං. මම ඉතින් බැරිම තැන වඳුරෙක් ගෙ ෆොටෝ එකක් යැවුවා”
– ” ඉතින් ඌ රැවටුනාද ඒ උබ කියලා “
” විහිලු නෙවෙයි බං. ඊලඟට ඌ කියනව. මම ඉල්ලුවෙ සූ කරන තැන ෆොටෝ එකක් ලු “
– ” ඉතින් උබට තිබ්බනෙ ගෙදර ලැට් එකේ ෆොටෝ එකක් ගහලා යවන්න. බූරුවෝ, දැන් උබ ඔය කියන එකා දැකලවත් තියද එකපාරක් වත්. නෑනෙ. නිකං බූරුවෙක් වෙන්නෙ නැතුව ඕක බ්ලොක් කරපන් “
” ඉඳපන්කො කියලා ඉවර වෙනකන්.මට සැක නිසා මම ඌට බැන්නා. පස්සෙ බලද්දි ඒ චාමර බං මැසේජ් කරලා තියෙන්නෙ ෆේක් එකකින්. මට ඒක මාට්ටු උනානෙ. ඉතින් මම ඌට ආයෙ බැන්නා.ඌ කියනවා එදා අපේ ගෙදර ආපු වෙලාවෙ මාව දැකල ඌට ආදරේ හිතුනලු.මම දැන් ලස්සන වෙලා ලු. ඌ කෙලින්ම කතා කලා නම් මම අකමැති වෙයි කියලලු ෆේක් එකකින් මැසේජ් කලේ. අර ෆොටො ඉල්ලුවෙ බොරුවට ලු “
– ” මම දන්නෙ නෑ උබේ ඔය මගුල්. ඕන එකක් කරගනින්. ඉස්කෝලෙ යන කාලෙ උබ උලමා වගේ උනාට දැන් ටිකක් පෘශ්ථිමත් වෙලා, අලු ගසාදාලා ඉන්න නිසා ඌට හිතෙන්න ඇති ටෝක්ස් එකක් දාලා බලන්න. උබල කතා කරගනින්. මම ඕවට නෑ”
ඊට පස්සෙ මට ගිය සතියෙ අවසාන කෝල් එක ආවා
“සුපුනෝ, එන මැයි වල මම බඳිනවා. චාමර ට අපේ ගෙදරින් කැමති උනා “
– ” අම්මෝ, ලොකු දෙයක්. දැන් වත් තොගේ කරදරේ ඉවර වෙනවනෙ.”
“මට මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ බං.යාලු වෙලා මාස කීයද.”
– “දැන් මේ මහ රෑ මට කතා කලේ උබේ වෙඩින් එක ප්ලෑන් කරගන්නද. බලපන් වෙලාව. රෑ එකයි.”
“අපි නිදාගමු එහෙනම් “
– ” අඩෝ නෝ බං. අයුතු යෝජනා කරන්න එපා.මම ලබන මාසෙ බඳින්න ඉන්න මනුස්සයා. මම කොහොමද බං එහෙම දෙයක් හිතන්නෙ. අනික චාමරයා මගෙ යාලුවා”
” තොගේ ඔය කට නම් තාම හැදිලා නෑ. නිදාගනින් මරි මූසලයා. කට ඇරියොත් කුනුහරුපයක්.”
-“එහෙනම් උබලා දෙන්නට ජය සිරි මංගලම්.”
උපුටා ගැනීම: සුපුන් උදාර

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!