මැනික් කටුවෙ ගෙඩියක් වගේ නම් මේ ගැන දැනගත යුතුමයි (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

අපේ අත්ලේ, මැණික් කටුවේ හෝ ඇඟිලිවල ගැටිත්තක් ඇති වුණාම අපි හිතන්නේ කෘමියෙක් දෂ්ට කිරීම නිසා හෝ මහන්සි වෙලා වැඩ කිරීම නිසා ආපි එකක් කියලයි. ඒත් සමහර විට ඒ ගැටිත්ත මොකක් හරි රෝගයක ලක්ෂණයක් වෙන්න පුලුවන් කියලා ඔයා කවදාහරි හිතලා තියනවද?

මේක ලේසියෙන් ගන්නේ නැතුව ටිකක් හිතලා බලන්න ඕන කාරණයක් නිසා අපි දැන් ඒ ගැන විස්තර හොයලා බලමු.

වෛද්‍ය විද්‍යාවේදී මෙය හඳුන්වන්නේ මැණික් කටුවේ හයිග්‍රෝමා (ගැන්ග්ලියන් ගෙඩියක්) කියලයි. ඒක කැප්සියුලයක හෝ ගෙඩියක හැඩය ගන්නවා. ඒ වගේ ගැටිති ඔයාගෙ ශරීරයේ තියන ලොකු අවදානම් ලෙඩක සලකුණක් වෙන්න පුලුවන්.

1. එය දිස්විය හැකි ස්තානය

ගොඩක් වෙලාවට මැණික් කටුවේ තමයි මේ වගේ ගැටිති ඇතිවෙන්නේ. අල්ලන විට තද ගතියක් හෝ මෘදු ගතියන් දැනෙනවා. කලාතුරකින් මෙ ගැටිති අත්ල මතුපිට (මැද හෝ මාපටැඟිල්ලට ලඟින්) හෝ ඇඟිලිවල ඇතිල් පැත්තේ (නකල්ස් මත) ඇතිවෙන්න පුලුවන්.

2.එය දිස්වීමට හේතුව

මේකට හේතුව හැම තිස්සෙම අපිට තීරණය කරන්න බැහැ. ඒත් වෛද්‍ය විද්‍යාවට අනුව මේ වගේ හේතු කිහිපයක් දක්වන්න පුලුවන්.
•අස්ථිවල දුර්වලතාවයක් නිසා
•ලඟකදි වුණු තුවාලයක් හෝ වැරදි විදියට සුව වුණු අස්ථි බිඳීමක් නිසා
•සන්ධිවල ගෙවීමක් නිසා
•මැණික් කටුවේ පටකවල දැවිල්ල නිසා
•දිගු කාලයක් තිස්සේ මැණික් කටුව පාවිච්චි කිරීම නිසා ( ගොඩක් වෙලාවට සංගීතඥයන්, මැහුම් ශිල්පීන් හෝ පරිගණකයේ වැඩ කරන අයට මේ වගේ ගැටිති ඇති වෙනවා)

3.රෝග ලක්ෂණ

සාමාන්‍යයෙන් මේ වගේ ගැටිත්තක් ආවම වෙනත් කිසිම රෝග ලක්ෂණයක් පෙන්නන්නේ නෑ. ගැටිත්ත එන්න එන්නම විශාල වෙනවා. සමහර විට එය අවුරුදු ගානක් එකදිගට තියෙන්නත් පුලුවන්.

ගැටිතිවල පෙනුම අනුව සමහර විට මේ වගේ රෝග ලක්ෂණ ඇති වෙනවා.
•ඇඟිලි හෝ මැණික් කටුව නැමීමට හෝ සෙලවීමට අමාරු වීම
•ගැටිත්තේ සම රතු වී සම ගැලවී යාම
•වේදනාවක් දැනීම
•ගැටිත්ත ප්‍රමාණයෙන් ලොකු වෙනකොට රුධිර නාල හෝ ස්නායු මත තෙරපීම නිසා සමේ සංවේදීතාව අඩුවීම හෝ වැඩිවීම

4.රෝග විනිශ්චය

ගැටිත්ත හෝ ගෙඩිය පිළිකාවක් හෝ මාරාන්තික එකක් නොවෙන්න පුලුවන් වුණත් මේ වගේ දෙයක් ඇති වුණාම වෛද්‍යවරයෙක් හමුවෙන්න යන එක පරක්කු කරන්න එපා. රෝගයක් තියෙනවාද නැද්ද කියලා හඳුනගෙන නිසි ප්‍රතිකාර ගන්න කියලා අපි ඔබට මතක් කරනවා.

 

 

උපුටා ගැනීම: adobae

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!