මැණික් කටුවේ රේඛා වලින් කියවෙන ඔබේ අනාගතය (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

දේහ ලක්ෂණ විද්‍යාව ගැන හැමෝම අහලා ඇතිනේ. ගුප්ත ශාස්ත්‍රයට අනුව පුද්ගලයෙකුගේ පෙනුමෙන් බොහෝ දේ කියන්නට පුළුවන්. හස්ත රේඛාවලට අනුව අනාවැකි කීම නම් වඩාත් ජනප්‍රිය ක්‍රමයක්.ඇතැම් අය නම් මේවා මිත්‍යාවන් විදියට බැහැර කරනවා.නමුත් මේ දේහ ලක්ශණ විද්‍යාව ඉපැරණි ශාස්ත්‍රයක් ලෙස පැවත එන්නක්. අත්ලේ රේඛා බලා කියන පලාපල වගේම තවත් විශේෂ රේඛා ශාස්ත්‍රයක් ගැන තමයි අද කියන්නට යන්නේ. ඒක ටිකක් වෙනස්. අත්ලේ රේඛා හැරුණාම මැණික් කටුවේ ඇති රේඛාවලින් අනාගතය දැනගැනීමේ හැකියාවකුත් පවතිනවා. නමුත් ඒ ක්‍රමය එතරම් ප්‍රසිද්ධ නම් නැහැ.

හස්ත රේඛා ශාස්ත්‍රයේ දී උපකාරී වෙන දෛව රේඛාව,සුඛ රේඛාව, දේශාටන රේඛාව සහ කීර්ති රේඛාවත් ඇතැම් විට මැණික් කටුවෙන් ආරම්භ වෙනවා.  ඒ වගේම බොහෝවිට ජීවන රේඛාව අවසන් වෙන්නෙත්  මැණික් කටුව ආශ්‍රයෙන්.ඉතින් අත්ලක ප්‍රධාන රේඛාවන් අතර මැණික් කටුවේ රේඛා ද වැදගත් වෙනවා. මනි බන්ධන රේඛා, වළලු කර රේඛා ලෙස හඳුන්වනු ලබන්නෙත් ඒ මැණික් කටුවේ දකින්නට ඇති රේඛාවන්මයි.

ඉතින් අතේ මැණික් කටුවේ රේඛාවන් කිහිපයක් පවතිනවා. ඒ රේඛාවලින් පවා පුද්ගලයෙකුගේ ආර්ථික තත්ත්වය සෞඛ්‍ය තත්ත්වය වාසනාව අවාසනාව ආදී බොහෝ දේවල් දැන ගන්නට  පුළුවන්.

  • මැණික් කටුවේ පළමු රේඛාව

ඉතින් මේ පළමු රේඛාව අත්ල පැත්තෙන් මුලටම පිහිටා ඇති අතර මේ රේඛාව තෘණ වළල්ල විදියටත් හඳුන්වනු ලබනවා.මේ රේඛාවෙන් කිසියම් අයෙක්ගේ ළමා කාලය ගැන වගේම පුද්ගලයෙකුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන බොහෝ කරුණු කාරණා හෙළි කරනු ලබනවා.මේ රේඛාව දිගට පිහිටලා තිබීමත් ඒ රේඛා අතර තියෙන පරතරය අවමයි නම් ඔහුට ඉතාම යහපත් සෞඛ්‍ය තත්ත්වයක් හිමිවෙනවා. ඒ වගේම මේ රේඛාව හොදින් ලස්සනට දකින්නට ලැබේ නම් ඔහු හෝ ඇය ළමා කාලයේ දී දෙමාපියන්ගේ නොමඳ ආදරය ලබමින් සැප සම්පත් භුක්ති විඳි අය විය හැකියි. ඒ රේඛාව කැඩී විකෘති වී ගිය අයුරින් දකින්නට හැකියි නම් ඔහු හෝ ඇය ළමා කාලයේ බොහෝ දුක් කරදර විඳි බව පෙන්නුම් කරනු ලබනවා.

  • මැණික් කටුවේ දෙවනි රේඛාව

මේ දෙවනි රේඛාවෙන් කියවෙන්නේ ධන සම්පත් සහ වාසනාව ගැන. ධන වළල්ල ලෙස හඳුන්වනු ලබන්නෙත් මේ රේඛාවමයි. මේ රේඛාවෙන් පුද්ගලයෙකුගේ තරුණ කාලය තුළ පැවති ජීවිත තත්ත්වය පෙන්නුම් කරයි.ඒ වගේම රේඛාව දිගට සහ ගැඹුරු ලෙස පිහිටා තිබේ නම් අනාගතයේ දී ධනවතෙක් වීමේ වාසනාව හිමිවෙනවා. මේ රේඛාව කැඩී බිදි හෝ දුර්වර්ණ වී පිහිටා තිබීම අසුබ වන අතර ඔහුට තරුණ කාලයේ නොයෙකුත් කම්කටොලුවලට මුහුණ දීමට සිදුවන බව ප්‍රකටයි.

  • මැණික් කටුවේ තෙවනි රේඛාව

මේ තුන්වැනි රේඛාව ඝනව සහ පුළුල්ව පිහිටා තියෙනවා නම් ඒ පුද්ගලයාට සිනමා තරුවක් වීමේ වාසනාව හිමිවෙනවා.ඒ වගේම මේ රේඛාවෙන් යම් අයෙක්ගේ සාර්ථකත්වය ගැනත් කියන්නට හැකියාව පවතිනවා. සම්පත් වළල්ල ලෙසත් හඳුන්වන මේ රේඛාව මහලු වයසේදී සතුටින් සැපෙන් ජීවිතය ගත කරන්නට අවස්ථාව හිමි වන බව පෙන්නුම් කරනු ලබනවා. මේ රේඛාව කැඩී විකෘති වී තිබේ නම් මහලු කාලය ඉතාමත් දුක්බරව වාසය කරන්නට සිදුවනවා.

  • බෝනස් රේඛාව

මේ රේඛාව නම් සෑම අයෙකුගේම මැණික් කටුවේ පිහිටන රේඛාවක් නොවෙයි. එය කලාතුරකින් යම් යම් අයට පිහිටන රේඛාවක්. ඉතින් මේ බෝනස් රේඛාවෙන් වාසනාව හා දීර්ඝායුෂ ලැබෙන බව පැවසෙනවා.

  • වී ඇට මාලයක් සේ පිහිටි මැණික් කටු රේඛාව

මේ රේඛාව කලාතුරකින් පිහිටන විශේෂ රේඛාවක් වන අතර එයින් ධනවත් පුද්ගලයෙක් බවට පෙන්නුම් කරනු ලබනවා.

  • පැහැදිලිව පිහිටි මැණික් කටු රේඛාව 

ඉතාමත් ලස්සනට සහ පැහැදිලිව යම් කාන්තාවකගේ අතේ මැණික් කටුවේ රේඛා තුනක් පිහිටා ඇත්නම් ඇය රාජ මහේෂිකාවත් වීමට තරම් පින්වන්ත බව පැවසෙනවා.

  • ත්‍රිකෝණ සලකුණ සහිත මැණික් කටු රේඛාව 

මේ  සලකුණ ඉතාමත් සුබ පිහිටීමක් ලෙසට හස්ති රේඛා ශාස්ත්‍රයේ සඳහන්. පියා සන්තක සියලුම ධනය ඔහුට හෝ ඇයට හිමිවන බව කියවෙන භූමිගත මැණික් නිදන් වැනි සම්පත් පවා උරුමවිය හැකි බවට කියවෙන සුබ රේඛාවකි මෙය.

  • සියදිවි නසා ගන්නා බව කියන මැණික් කටු රේඛාව 

යම් කිසි අයෙක්ගේ අතක මැණික් කටු රේඛා තුනක් පිහිටා ඒ රේඛා තුන එකම ස්ථානයකින් කැපී හෝ කැඩී තිබේ නම් ඒ අය සියදිවි නසා ගැනීමට පෙළඹෙන අය බවටයි පෙන්නුම් කරන්නේ.

  • පුද්ගලයෙකුගේ පරමායුෂ තීරණය කරන මැණික් කටු රේඛාව 

හස්ත රේඛා ශාස්ත්‍රයට අනුව යම් අයෙක්ගේ පරමායුෂ ගණනය කරන්නට භාවිතා වෙන්නේ ජීවන රේඛාව . නමුත් යම් අයෙක්ගේ ආයුෂ ගැන කියවෙන රේඛා මැණික් කටුවේ ද පිහිටා තිබෙනවා. මැණික් කටු රේඛා හොඳින් පරීක්ෂා කළොත් එහි හොඳින් දර්ශනය වන මැණික් කටු රේඛාවලින් සාමාන්‍ය ආයු කාලය වසය අවුරුදු 30 ක් ලෙස සැලකෙනවා.

ඒ වගේම මැණික් කටු රේඛා දෙකක් පැහැදිලිවම දර්ශනය වේ නම් අවුරුදු 60 ක් දක්වා ඔහුට ජීවත්වීමේ වාසනාව පවතිනවා. ඒ වගේම මැණික් කටු රේඛා තුනක් පිහිටා තිබීමෙන් ඒ පුද්ගලයාගේ ආයු කාලය වසර 90 ක් ලෙසටත් නිගමනය කරනු ලබනවා. තවත් අයෙක්ට මැණික් කටු රේඛා හතරක් පිහිටා ඇත්නම් ඔහුගේ හෝ ඇයගේ පරමායුෂ 120 ක් වන බවත් සැලකෙනවා.

  • ස්ත්‍රී පක්ෂයට අසුබ රේඛා පිහිටීම්

දබර ඇඟිල්ලත් මහපට ඇඟිල්ලත් අතරින් ආරම්භ වුණු රේඛා දෙකක් හෝ කිහිපයක් අතරින් ආරම්භ වුණ රේඛා කිහිපයක් අත්ල මැදදී විහිදී ගොස් මැණික් කටු රේඛාවලට සම්බන්ධවීම ස්ත්‍රි පක්ෂයට අශුභ පිහිටීමක් ද වන බව පැවසෙනවා. ඒ වගේම ගනිකා වෘත්තියේ නිරත වන ස්ත්‍රීන්ගේ අත්වල පිහිටන රේඛා ලක්ෂණයක් වශයෙනුත් එය හඳුන්වනු ලබනවා.

ඉතින් අත්ලේ ඇති රේඛා වගේම අත්ලේ මැණික් කටුවේ ඇති රේඛාවලින් ඔබේ අනාගතය ගැන දැන ගන්නට හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් මැණික් කටු රේඛා වැඩි ගණනක් පිහිටීමත් ඒවා වඩාත් පැහැදිලිව තිබීමත් ඒ පුද්ගලයාගේ අවයවවල ශක්තිමත්භාවයත්, දීර්ඝායුෂ ලබන සැපවත් ජීවිතයක් හිමි අයෙක් විදියටත් සලකනු ලබනවා.

 

උපුටා ගැනීම: VOICE Official Lanka Post Blog

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!