Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අම්මී… තාත්ති…
පුන්චි රෝදා(රෝදාරිතා) ඒ අත අල්ලාන් හිටපු ඌදා(ඌද්යාර්තා)ගෙ අත ගසලා පුන්චි බොනික්කාත් තුරුලු කරගෙන දුවගෙන ගියේ විසල් වීදුරුවෙන් පේන අම්මාගෙයි තාත්තාගෙයි රුව දැකලා.
දෝනි… දුවන්න එපා…
රෝදාගෙ දෙවෙනි සොයුරිය දාහතරක් වයසැති යේදා(යේදාරෙතා) හයියෙන් කිව්වේ දගකාර රෝදාගෙ දිවිල්ල ගැන දන්න හින්දාමයි. දාසය හැවිරිදි ඌදා මුකුත් නොකියා හිටියේ දෙන්නාටම කියලා වැඩක් නැති හින්දා.
සුදු… ඔයා දොනිව හුරතල් කරන හින්දා තමයි…
මන් විතරද…
සුදු…
අනේ නවත්ත ගන්න… ගිහින් දොනිව ගන්න… ලොකු දැක්කොත් ඉවරයි…
ඔයා කියයි…
යේදා කිව්වෙ හොරෙන් වටපිට බලන ගමන්. මේ පුන්චි හුරුබුහුටි ලස්සන සොයුරියන් තුන් දෙනාටයි හැමොගෙම අවදානය තිබ්බේ. ඒත් ඒ හිටපු හැම කෙනාවම නම් ඌදා ලේසියෙන් විශ්වාස කලේ නැ. ඒත් ඌදා ලොකු වෙනසක් මේ ස්තානයේ දැක්කා. ඉතාමත් කාර්යබහුල මේ තැන අද අමුතුම නපුරු කබලයක් කෙල්ලට දැනුනා.
ඌදා ඉක්මනට යේදාගෙ අත අල්ලාගෙන රෝදාගෙ පස්සෙන් ගියේ ඒ විදුරු දොර ලගට.
මන් කැමතිම නැ මෙහාට… කුයින්කේජ් විද්යාගාරය…
ඌදා මිමිනුවේ කේන්තියෙන්. ඒ විදුරු දොරෙන් පේන විසල් මුත් දැවැන්ත පොලොව යටටම මහල් ගනනාවකින් යුත් අති නවීන තාක්ෂණය සහ නමකින්වත් හැදින්විමට නොදන්නා අති අභිරහස් විද්යාගාරය කුයින්කේජ් ලැබ්ටොරිස්.
අම්මී…
රොදා හයියෙන් කැ ගැහුවාට විදුරු ශාලාවේ වැදගත් සාකච්ඡාවක හිටපු විමුක්ති යුවල සහ වැඩිමල් පුත් සිද්(සිද්ධාර්ථ)ට ඇහුනේ නැ. නුවනක්කාර රෝදා පුන්චි මූන පුම්බගෙන දුවලා වීදුරු දොර කෙලින් තිබ්බ ආරක්ෂක කර්න තිරය ලග හිටගෙන ඉනට අත් දෙක තියා ගත්තා.
මදර් ලිසා… මට ඇතුලට යන්න ඕන…
රොදා කිව්වේ කේන්තියෙන්. ස්වයන්ක්රීය තිරය පුරා ස්පන්දන රේකාවක් ගිහින් යාන්ත්රික කාන්තා කටහඩක් ඇහුනා.
‘ රෝදාරිතා… ඇතුලට යන්න දෙන්න බැ… වැදගත් රැස්වීමක්… ‘
බැ මට යන්න ඕන… අම්මි තාත්ති බලන්න ඕන…
‘ සමාවෙන්න… අවසරකින් තොරව ඉඩ දිය නොහැකියි… ‘
මදර් ලිසා… ඔයා මට යන්න දෙන්නෙ නැද්ද…
‘ සමාවෙන්න… අවසර නැත… ‘
යාන්ත්රික කටහඩ මදර් ලිසා කිව්වෙ කෙල්ලගෙ මුන අඩන්න ඔන්න මෙන්න හැදෙද්දි.
දෝනි… මොනවාද කරන්නෙ…
යේදා ඉක්මනට රෝදාව ඇදලා ගත්තේ කෙල්ල ඉකි ගහන්න ඔන්න මෙන්න වෙද්දි. ඔලුවෙ අත ගහ ගත්ත ඌදා පුන්චි නන්ගිව ඉක්මනට වඩා ගත්තා.
සමාවෙන්න මදර් ලිසා… අපෙ අම්මලා මිටින් එක ඉවර උනාම කියන්න… අපි ලොගින් එරියා එකෙ ඉන්නවා කියලා…
‘ හොදමයි… ඌද්යාර්තා… ‘
මදර් ලිසා කෙල්ලගෙ සම්පූර්ණ නම කියද්දි නම් කෙල්ල ඉවසුවේ පුදුම විදිහට. කෙල්ල මුකුත් නොකියා යේදාගෙ අත අල්ලාගෙන ආපහු යන්න හැරුනේ ආයෙත් සැරයක් මිටින් රූම් එක දිහා බලන ගමන්.
එත් කවදාවත් නැතුව ඒ ආදරනීය දෙමාපියන්ගෙ මුහුනේ වටහා ගන්න බැරි වේදනාබර වගේම කලකිරිම කේන්තිය මුසු උන බැල්ම ඌදාට හිතා ගන්න බැරි උනා. ඒත් ඒ රැස්වීම් ශාලාවේ උන සාකච්ඡාව නොදන්න සොයුරියන් තුන් දෙනා ඒ වෙලාවේ හිතුවේ නැ මේ අවසන් මොහොත කියලා.
ඌදා බලාන් ඉද්දි අහම්බෙන් වගේ රැස්වීම් ශාලාවේ ප්රදාන පුටුව ලගම හරිම සන්සුන්ව ඉදගෙන හිටපු කලු පාටම ඇදන් කලු කන්නාඩි දාන් හිටපු ඒ කඩවසම් තරුනයා කෙල්ල දිහාම බලාන් ඉදලා ඒ එක්කම හිටපු සිද්ට කතා කරලා එයාලව පෙන්නුවා. සිද් එකපාරට කලබලෙන් නැගිටලා කෙල්ලො තුන් දෙනා දිහා බැලුවේ වේදනාවෙන්. ඒත් ඒ ඇස් ඌදාට තෙරුම් ගන්න බැරි උනා. හැමදේම වෙනස් වෙන්න පටන් ගත්ත මොහොත කියලා.
හරියටම ඒ හෝරාව. මේ කුයින්කේජ් විද්යාගායේ මහා භායනක දෙයක් පටන් ගත්තා කියලා මුලු ලොකයම නොදන්න හෝරාව.
පලවෙනි ලොගින් ඒරියා එකෙ පොඩි කැෆටෙරියා පේලිය එක්ක තියෙන හෝල් එකෙ නන්ගිලා දෙන්නා එක්ක ඉද ගත්ත ඌදා පාලුවට ගිය හොල් එක දිහා බැලුවේ සැකයෙන්. ලැබ් එකේ ඉහලම තට්ටුවේ හෙවත් පොලොව මතුපිට පලවෙනි තට්ටුවේ තියෙන මේ කැෆටෙරියා එක ලේසියෙන් පාලුවට යන්නෙ නැ. ඌදා කුතුහලයෙන් වටපිට බලද්දි රෝදා ලොකු අයිස්ක්රීම් එකක් කැවේ යේදා ෆෝන් එක අරන් මොනවාද කරද්දි.
බබා…
ම්ම්ම්…
ඌදා කතා කලත් වේදා හිටියේ ෆොන් එකෙ කල්පනාවේන්. ඌදා කේන්තියෙන් කෙල්ල දිහා බැලුවා.
බබා… මේ අහනවාකො…
කියන්න සුදු…
මොනවාද ඔයා කරන්නේ… මේ ඔයාට මුකුත් තෙරෙන්නෙ නැද්ද…
මොනාද…
මැට්ටො… ඕක පැත්තකට දාලා බලනවාකො…
ඌදා සැරෙන් කෙල්ලගෙන් ෆොන් එක අරන් හොල් එක පෙන්නුවා. යේදාට නම් මේ කිසි දෙයක් ගානක් තිබ්බෙ නැ. කෙල්ල ඌදාගෙ අතින් ෆොන් එක ආයෙත් ගත්තේ දිව දාලා විරිත්තන ගමන්.
පිස්සු… මේ මිනිස්සුන්ට වැඩ නැද්ද…
වැඩ තියෙනවා තමයි… ඒත් අද අමුතුයි…
මේ ලැබ් එක කොහොමත් අමුතුයි තමා… අපේ අම්මලා මොකට මේකේ වැඩ කරනවාද මන්දා… මේ වැඩ හින්දා ලන්කාවට යන්න වෙන්නෙත් නැ… මගේ වැකේශන් එක…
බබා…
ඇයි…
යේදාට නම් මේ කිසි දෙයක් ගැන අවදානයක් තිබ්බෙ නැ. ඒත් මොකක් හරි ලොකු දෙයක් වෙනවා කියලා ඌදාට තෙරුනා.
ඌදා…
එකපාරට හොල් එකෙන් ඌදාගෙ නම කියාගෙන තරුනියන් දෙන්නෙක් කබලෙන් වගේ ආවෙ කෙල්ලො තුන් දෙනාම බලද්දි.
පාලි අක්කි… නුදාරා අක්කි…
ඌදාට කියවුනේ නුදාරාගෙ මාස පහක් විතර උන බඩ දිහා බලාගෙන. සිද්ගෙ බිරිද වගේම ඒ බඩේ වැඩෙන නිව්න් දරුවන් දෙන්නා ගැන ඌදාට පුදුමයක් උනේ නැ. පව්ල් පිටින් විද්යාඥයින් උන විමුක්ති පව්ලේ හුගක් දෙනා මේ විද්යාගාරයේ වැඩ කලේ හුග කාලෙක ඉදන්. ඒත් විද්යාව හො නවීන තාක්ෂණය ගැන කිසි උන්දුවක් නොතිබ්බ ඌදාට තිබ්බේ වෙනම හැකියාවක් වගේම දැනුමක්. ඒ වගෙම යේදාත් රෝදාත් එකිනෙකාට වෙනස් මාර්ග තොරා ගත්තේ මේ කුයින්කේජ් ලැබ් එකෙන් වෙනස් ලොකයක් දිහා බලලා.
ඒත් මේ මොහොත ඒ වෙනස් ලොකයේ ආරම්භය උනේ කිසිම දෙයක් නොදන්න විමුක්ති සොයුරියන් තුන් දෙනා ඉස්සරහා.
නුදා… ඇයි මේ…
ඌදා ඇහුවේ දොර දිහා සැරින් සැරේ බලන පාලි දිහා බලන ගමන්. ඌදාගෙ තාත්තා සහන් විමුක්තිගෙ සොයුරාගෙ දියනිය උන පාලි හරිම කලබලයෙන් අතේ තිබ්බ සුදු පාට පෙට්ටියක් අරන් ස්කැන් කෝඩ් එකක් තිබ්බ ඩිස්ප්ලේ එකෙ අන්කයක් අල්ලලා පෙට්ටියක් ඇරියේ යේදා රෝදා ඇස් ලොකු කරගෙන බලාන් ඉද්දි. එත් බයෙන් කලබලයෙන් ඉන්න සොයුරියන් දෙන්නා ඌදාගෙ ඉවසීම පැන්නුවා.
නුදා… පාලි… කරුනාකරලා කියනවාද මොනවාද වෙන්නෙ කියලා…
ඌදා ඇහුවේ සැරෙන්. ඒත් පාලි කිසි කතාවක් නැතුව පෙට්ටිය ඇරලා කලුපාට ඇසුරමක් පරිස්සමින් තියලා තියෙන වර්න තුනකින් යුත් සිරින්ජර් තුනක් දිහා බලාන් හිටියා. කලු නිල් සහ රතු වර්නයෙන් යුත් ලොහමය සිරින්ජර් හි Q20-7,Q20-6,Q20-5 ලෙස ලේබල් කරලා තිබ්බෙ කිසිම ඌදාට තේරුම් ගන්න බැරි වෙද්දි.
පාලි අක්කි… මේ මොනවාද… ඔයාලා ඇයි… කො අම්මිලා… නුදා…
එයාලා හොදින්… අහන්නකො සුදු…
අහන්න නෙමෙ… ඔයාලා කියන්න… මොකද්ද මේ වෙන්නෙ…
මුකුත් නැ… මේ… මේ… ඉන්ජෙක්ෂන්…
අපිටද… විකාර කරන්න එපා… අපි බබ්බු නෙමෙ… පිස්සු කරන්නෙ නැතුව කියනවාද මේ මොකද්ද වෙන්නෙ කියලා…
අනේ සුදු…
ඉන්න බබා… පාලි අක්කි…
ඌදාට තවත් නම් මේ මොකද්ද වෙන්නෙ කියන එක නොදැන ඉන්න බැහැ. ඊටත් වඩා කදුලු පුරවගෙන බලාන් ඉන්න නුදාරා ගැන ඌදාට බයයි. යේදා ඌදාගෙ අත අල්ලා ගත්තේ දැනුන බය හින්දා. කිසි දෙයක් නොතෙරුම් කමට රෝදා බලාන් හිටියේ බොනික්කා තුරුලු කරගෙන.
ඒත් ඒ එක්කම මුලු හොල් එකම යන්තම් දෙදරුමක් ඇදිලා ගියේ ඔක්කොමලා නොසන්සුන් කරලා.
ඒ මොකද්ද…
ඌදා ඇහුවා විතරයි. එකපාරට ඇග පුරා විදිල්ලාක් ඇදිලා යනවා වගේ දැනුන කෙල්ල බැලුවේ කෙල්ලගෙ වම් අත අල්ලාගෙන කලු පාට ඉන්ජෙක්ෂන් එක විදින පාලි. පාලිගෙ ඇස් කදුලු පිරිලා තිබ්බාත් ඒ මුහුනේ හැගීම් තෙරුම් ගන්න බැරි උනා.
පා.ලි…
ඌදාට මිමිනුනේ මුලු වටපිටාවම අදුරු කරගෙන කෙල්ලගෙ ඇස් යන්තම් පියවෙද්දි. ඒත් ඌදාගෙ අවසන් මතකය ලග කැ ගහගෙන එන යේදාත් හයියෙන් අඩන රෝදාත් කදුලු අතරින් මැකිලා ගියේ නුදාරාගෙ වචන කිහිපයක් ඇහෙද්දි.
” ඔයා නැගිටිනකොට හැමදේම වෙනස් වෙලා තියෙවී… ඔයා යේදාවයි රෝදාවයි ආරක්ෂා කරන්න ඕන… ඔයාලා තුන් දෙනා මේ ලෝකය බේර ගන්න ඕන… කාවවත් විශ්වාස කරන්න එපා… රෙන්ස් ඔයාලාව හොයා ගන්නකම්… ඔයාලා හැමදේම දැන ගනිවි… ඒත් මතක තියා ගන්න… අම්මි තාත්ති සිද් අපි හැමොම… හැමදාමත් ඔයාලට ආදරෙයි කියලා… ගොඩාක් ආදරෙයි… “
කදුලු මතකය මතකයක් වෙලාම ඒ හිතේ තැන්පත් වෙලා කාලය එක්ක ගමන් කලේ කාලය නතර උනත් ලෝකය වෙනස් වෙද්දි.
….
එක්තරා කාලයක. වසර තිස් හතකට පසුව. 2077 වර්ශය මැද කාල වකවානුව. පෘථිවිය… (Q20-PV)
බීප් බීප් ශබ්දය හද ගැස්මේ වේයය එක්ක කන ලග නොව හදවතින්ම දැනෙද්දි මුලින්ම මතකයට ආවේ එකම එක මතකයයි.
” අම්මී… තාත්තී… සිද්… “
ඒ වචන මුවින් පිට උනේ නැ. ඇහුනේ බීප් ශබ්ද එක්ක බුබුලු ශබ්දය වගේම වතුර ගසන ශබ්දය විතරයි. ඒත් ඌදාගෙ ඇස් විවර වෙන්න කාලය ගත උනා. ඒ ගතවුන පොඩි කාලයට ඌදාගෙ ජිවිතයේ ලොකුම වෙනස වගේම ඇත්ත ඒ මනසේ තැන්පත් වෙලා තියෙන දත්ත පුදුමාකාර වේගයෙන් ඌදාට ගොඩාක් දේවල් දැනුවත් කලා. ඒ සත්ය දැනුම මුසු උන වෙනස්ම කාල වර්න ආලොකය ඒ මනසේ ඇදිලා ගියා. හරියට විශ්වයේ ඈත කෙලවර තියෙන තරුව පෘථිවියේ එහා ඉම අතීතය මනින දුර මේ හැමදේම කැටි කර ගත් ඒ හැකියාව. ඒ වගේම Q20-PV වචනය මොකද්ද කියලා.
එකපාරට ඌදා ඇස් ඇරියේ මුවින් කියන්න බැරි හැගීම් ගොඩාක් එක්ක. ලා නිල් පැහැ එලියට ඇස් හුරු වෙද්දි ඌදාගෙ ඇස් දැක්කේ නිල් පැහැ ජලය පිරුනු සිලින්ඩරයක බට වැනි වයර් වලින් එතී ඒ ජලයේ ඇතුලේ පාවේන කෙල්ලගෙ සිරුර. ඒත් ඌදාගෙ මනස පිරි ඌදාට මේ මොකද්ද කියලා හරි ලේසියෙන් තෙරුනා.
” කුයින්කේජ් ලැබ්… කගුලියා කුයින් චම්බර්… මේ… ලැබ් එකේ… අන්තිම තට්ටුවෙන් පස්සෙ තියෙන… කගුලියා චම්බර් කුයින් හෝල් එක… බබා… දෝනි… “
ඌදා ඉක්මනට ඇස් වටේට යවලා අදුරු සිලින්ඩරයෙන් එලිය දිහා බැලුවා. කෙල්ල මුලින් සන්සුන් උනා.
” Q20-6 සහ Q20-5 කියුබ් විවර කරන්න… “
ඌදාගෙ වචන සටහන සිලින්ඩර විදුරුවේ නිල් අකුරින් ලියවිලා ගියේ ආලොකය එක්ක. ඌදාගෙ ඇස් ඉස්සරහා සිලින්ඩරයෙන් එලියේ තවත් සිලින්ඩර දෙකක ආරක්ෂක ආවරන විවර උනේ කෙල්ලගෙ ඉස්සරහා ඒ ආදරනීය සොයුරියන් දෙන්නා යේදා සහා රෝදා ඌදා වගේම ඒ නිල් ජලයේ වයර් සවි කරගෙන පාවෙනවා. ඌදාට වේදනාවක් දැනුනාත් ඊලගට කරන්න ඕන දේ කෙල්ල දන්නවා.
” රියල් බොඩි චේන්ජ්… “
ඌදා හිතුවේ එච්චරයි. ඒ ඇස් පියවුනේ සිලින්ඩරය පුරා ආරක්ෂක තිරය ආයෙත් වැසිලා යද්දි.
ඌදා ආයෙත් ඇස් ඇරියේ ලොකු හුස්මක් එක්ක. කෙල්ල වේගයෙන් හුස්ම ගන්න ගමන් වටපිට බැලුවා. ඌදා හිටියේ තවත් කියුබයක් ඇතුලේ. ඒත් කෙල්ලට හැමදේම දැනෙනවා. හදවත ගැහෙනවා. හුස්ම වැටෙනවා. ස්පර්ශය දැනෙනවා. ඌදා ජීවත් වෙනවා.
‘ රියල් බොඩි චේන්ජ් කම්ප්ලීටඩ්.. ‘
ඌදාගෙ ඇස් ඉස්සරහා තිරයේ බොඩි ශේප් සන්කලන එක්ක එසෙ පවසද්දි කෙල්ල ඉක්මනට අත හෙලෙව්වේ අමාරුවෙන් උනත් පුරුදු වෙන්න.
මන් පුරුදු වෙන්න ඕන… මේ ඇග… ක්ලෝනයක් උනත්… මගේ dna වලින්නේ හැදුවේ…
ඌදා අපහසුවෙන් උනත් තමාටම කියා ගත්තේ කියුබය පියන විවර වෙන්න අන කරලා. ස්වයන්ක්රීයව විවර උන දොරෙන් එලියට අඩිය තිබ්බ ඌදා ලොකු හුස්මක් අරන් කියුබයට වාරු වෙලා ආපහු බැලුවේ කියුබය ඉස්සරහාම තියෙන සිලින්ඩර දිහා. ඒ සිලින්ඩරයෙ ලියලා තිබ්බේ Q20-07PV විදිහට. කෙල්ල දන්නවා ඒ ආරක්ෂක සිලින්ඩරයෙ තියෙන්නෙ කෙල්ලගෙ ඇත්තම සිරුර කියලා. ඌදා ඇත්ත සිරුර පන ගැහුනාත් මනස මේ කෙල්ලගෙම dna වලින් නිර්මානය උන ක්ලෝන සිරුරේ ආදාන උනේ හේතු ගොඩාක් එක්ක.
ඌදා අනිත් සිලින්ඩරය දෙකත් දිහා බලලා ලොකු හුස්මක් ගත්තා.
කගුලියා… ලොක් ඩව්න්…
ඌදා හිමින් මිමිනුවා විතරයි. සිලින්ඩර තුනම කෙමෙන් ආපහු ඒ කවාකාර වේදිකාවේ පහලට ඇදිලා ගිහින් මුද්රා තැබුනේ ආයෙත් ඌදාට විතරක්ම විවර කරන්න පුලුවන් විදිහට. කෙල්ල හොදට හිරි ඇරලා ඊලගට විවර වෙන කියුබ දෙක දිහා බැලුවා.
මගෙ වස්තුව…
තමාටම මුමුනා ගත්ත ඌදා පියන් විවර උන කියුබ දෙක ලගට ගියා. ඒ කියුබ වල හිටපු රෝදාගෙයි යේදාගෙයි ක්ලෝන ලොකු නින්දකින් වගේ ඇස් ඇරියේ ඈනුම් ඇරලා.
හම්මො… ඇගම අමාරුයි… ඊ… ඇයි මේ ඇලෙන්නෙ… සුදු… ඈක්කා…
බබා… ෂ්…
බඩගිනි…
රෝදා ඊට වඩා හයියෙන් කිව්වෙ කෙල්ලො දෙන්නාම අමුතුවෙන් බලද්දි. ඒත් ඌදාට මේ තරම් සැනසීමත් තවත් නැ. ඒත් දැන් මේ දෙන්නාත් තමනුත් හැමදේම දන්නවා. දන්නවා වගේම තුන් දෙනාගෙම විතරක් රහසක්.
යේදා අදුරු ශාලාව පුරා බැලුවේ ඇස් හිනි කරලා. එයාලා හිටපු කගුලියා හෝල් එකම අපිලිවෙලයි. අවුරුදු ගානක ජනශුන්ය බව හොදට පේනවා. හැමතැනම වල් වැදිලා ජරා වාස වෙලා. ඒත් හැම යාන්ත්රික ද්රව්යන් වැඩ කරනවා.
මේ අවුරුද්ද මොකද්ද…
පුන්චි රෝදා අත දිගු කරලා නිදහස් අවකාශයේ යන්තම් පා කලා. කෙල්ල ඉස්සරහා විනිවිද පෙනෙන චතුරස්රාකාර නිල් පැහැ තිරයේ කිසිදි හිස් තැනක් නැතුව අද දවස දවසේ විස්තර පෙන්නුම් කලා.
2077 – 05 – 12…
රෝදා ඇස් ලොකු කරගෙන අක්කලා දෙන්නා දිහා බැලුවා. කෙල්ල අඩන්න ඔන්න මෙන්න මූන හදා ගනිද්දි යේදා ඉක්මනට නුහුරු දෙපා වලට බර දීලා රෝදාව තුරුලුට ගත්තා.
ඉවසන්න මගේ මැනික… හ්ම්ම්… අක්කිලා ඉන්නවානේ… සන්සුන් වෙන්න… අපි හැමදේම දන්නවානේ… ම්ම්…
අනේ… ඒත්… අම්මි… තාත්ති…
එයාලා ඉන්නවා දෝනි… ඇයි මේ… බය වෙන්න එපා… එයාලා ඉන්නවා… තාම අවුරුදු තිස් හතනේ ගෙව්නේ…
හ්ම්ම්…
මගෙ නන්ගා අඩන්නෙ නැ නේ…
හ්ම්ම්…
පොරොන්දු වෙන්න…
යේදා හරි ලස්සනට රෝදාව සනසනවා ඌදා බලාන් හිටියේ සැහැල්ලුවෙන්. ඒත් සැහැල්ලු වෙන්න වෙලාවක් නෙමෙ. ඌදා පාලුවට ගිහින් තියෙන කගුලියා හෝල් එක පුරා බැලුවා.
‘ ඕපන්… මුලු කුයින්කේජ් ලැබ් එකේම තොරතුරු දෙන්න… දැනට ඉන්න ඔක්කොම ‘
ඌදා හිතින් අන කලේ ඒ මනසින් ලොකු දෙයක් පාලනය කරන ගමන්. කෙල්ලගෙ මුහුන මට්ටමෙන් කලු සුදු පැහැ තිරය ඉස්මතු වෙලා ඌදාට අදාල සියලු තොරතුරු සවිස්තරාත්මකවම ලැබුනා. ඒත් උත්තර උනේ සියල්ල ජනශුන්යයි වගේම කුයින්කේජ් අක්රියයි කියලා. එත් ඊට වඩා නපුරු දෙයක් පෙන්නුම් කලා. ඌදාගෙ මුවට නැගුනේ සිනාව.
Q20-PV වයිරස් එක… මනුශයින් ජීවත් වෙන පැටන් යක්ශයින් වීම… මිනිසුන්ව විනාශ කරන මිනිකන මිනිසුන්… ඒකයි කුයින්කේජ් කියන්නේ… අපි… ඔව්න්ව පාලනය කරන… අර්ද පැටන් අර්ද මනුශ්යය… පැටන් කුයින්ලා… මම ඌද්යාර්තා විශ්වාභිනි විමුක්ති හත්වෙනි රැජින… යේදාර්තා අග්රහිදානි විමුක්ති හයවෙනි රැජින… රෝදාර්තා නේත්රාවිනි විමුක්ති පස් වෙනි රැජින… Q20-PV(7STAR) හෙවත් හත් තාරකා රැජිනියන්… ලෝකය සුවපත් කරන වගේම… ලෝකය විනාශ කරන…
ඌදා දුක්බර ඇස් වලින් ආදරනීය සොයුරියන් දෙන්නා දිහා බැලුවා. ඒත් හැමදේම වෙලා ඉවරයි. එයාලාගෙ ජිවිතය තිරනය වෙලා ඉවරයි. අභිරහස් ලෝකයක් ඉදිරියේ.
……
මතුවට.
                                                              සඳමාලි පෙරුම්බුලිආරච්චි

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!