Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඉර එලියට දිස්නය දුන්නේ විදුරුවක් නොව වෙන දෙයක් කියලා තෙරුන ඌදා ජුන්ව එක ගොඩනැගිල්ලක් ලගට වෙන්න නතර කලා. කෙල්ල යේදාට සන් කලේ රෝදාව සන්සුන් කර ගන්න. ඒත් දගකාර රෝදාව නම් දෙන්නාටම මෙල්ල කරන්න බැ.
සුදු… අර… දවල්ටත් තරු පේනවාද…
ත.තරු… ඔව් තරු…
ඇත්තට…
යේදා ගොත ගහද්දි රෝදා උනන්දුවෙන් ඒ දිහා බලලා අත දිගු කලා. රෝදාගෙ තිරය ඒ ගොඩනැගිල්ලේ ලගම දසුන් ගත්තේ විස්තර එක්කමයි. ඌදා කේන්තියෙන් ඉවසීමෙන් දසුන් දිහා බලලා යේදාට සන් කලා. ඌදා රෝදා දිහා බැලුවේ බැරැරුම් විදිහට.
දෝනි… ජුන් එක්කම ඉන්න… ජූන් විතරයි මේ වෙලාවේ ඔයාට පාලනය කරන්න පුලුවන්… ඒත් අක්කිලා මේ කරදරේ ඉවර කරනකම්… ඔයා සද්ද නැතුව ඉන්න ඕන… තෙරුනාද…
ඌදා තදින් කිව්වෙ කෙල්ල ගැන දන්න හින්දා. රෝදා ඒකට ටිකක් බය වෙලා ඔලුව වැනුවා.
හොද ලමයා… බබා… යන්…
හරි… ජූන් දෝනිව බලා ගන්න…
කීකු… කිකූ…
කෙල්ලො දෙන්නාගෙ අනට ජුන් ඉක්මනට උත්තර දුන්නා. ඊලගට දෙන්නාම කාර් එකෙන් බැහැලා බිල්ඩින් එකෙන් ඉස්සරහට ආවේ එලිය ආපු ගොඩනැගිල්ල දිහා බලාගෙන.
ඌදා තියුනු ඇස් වලින් හැම අස්සක් මුල්ලක් දිහා බලාගෙනම බූට්ස් සපත්තුවට බර දිලා අත් දෙක මිටි මොලවාගෙන ලස්සන දිගු කොන්ඩය පස්සට ගසලා කාල වර්න ඇස් වලින් යේදි දිහා බලලා නතර උනා.
බබා…
වටේටම විසි අට දෙනෙක්ගෙ හදවත් ගැහෙනවා… අයුද සන්නද්දයි… ඔක්කොමලා නිකම්…
අරාබිකාරයොද…
ඔක්කොමලා මිශ්රයයි අනේ මන්දා…
බලමුකො…
හරි…
දෙන්නාම හිනා උනේ බලාපොරොත්තු උන අතුරු බාදාව ඉස්සාරහාට මතු වෙද්දි. එක එක අතුරු මාර්ග වලින් ගොඩනැගිලි අස්සෙන් තුවක්කු ආයුද සන්නද්ද පිරිමි ගැහැනු වාහන වලත් නැගන් ආවේ කෙල්ලො දෙන්නාම අමුතුවෙන් බලාන් ඉද්දි. ඇත්තටම ගෙව්න අවුරුදු ගානට මේ මිනිසුන්ට වෙලා තියෙන දේ කෙල්ලො දෙන්නාට කනගාටුයි.
හැඩිදැඩි පිරිමි හරි සැකයෙන් කෙල්ලො දෙන්නා දිහා බලාගෙන තුවක්කු මානාගෙන ඉස්සරහට අඩිය තිබ්බා. ඌදා කිසි ගානක් නැතුව බලාන් හිටියාට කෙල්ලගෙ දසවෙනි ඉන්ද්රියයන් පවා අවදියෙන් හිටියේ.
ඔහෙලා කව්ද… පොඩි කෙල්ලො දෙන්නෙක් කොහොමද මෙහෙම තනියෙන්…
එක නපුරු මිනිහෙක් කැ ගැහුවේ ඌදා රවලා බලද්දි. තවත් තරුන කොල්ලො කිහිප දෙනෙක් එකිනෙකාට සන් කලේ කෙල්ලො දෙන්නෙක්ට මොනවාද කියන ගමන්. ඊටත් වඩා හරි පිරිසිදුවට ඇදලා කරලා ඉන්න කෙල්ලො දෙන්නා ගැන සැක හිතෙන එක පුදුම දෙයක් නෙමෙ.
කෙල්ලෙ කට නැද්ද… මේ මිනි කන පැටන්ලා ඉන්න ගිනි දවාලේ කොහෙද යන්නෙ… කොහෙ ඉදන්ද එන්නේ…
ඒඩින්… මේ පොඩි කෙල්ලො බය කරන්න එපා… අනික කව්ද දන්නෙ අපේ බාසාව දන්නවාද කියලා…
තෙරෙනෙ බාසාවෙන් තමායි කතා කලේ…
ජෝන් මේ කෙල්ලො මට සැකයි… වෙස්වලා ගත්ත… ලෙවල් ටූ වගේ…
එක කොල්ලෙක් කියද්දි පිරිමි ඔක්කොම එකපාරට තුවක්කු ආයෙත් මානා ගත්තේ කෙල්ලො දෙන්නා තවත් අමුතු කරලා.
ඒයි… තමුන්ලා කව්ද…
කතා කරනවා… අපේ සිමාවට ආවේ මොකටද…
වෙඩි තියන්න කලින් කතා කරනවා…
මිනිස්සුන්ගෙ බය කෙල්ලො දෙන්නාට පුදුමයක් නෙමෙ. ඒත් ඌදා කතා කලා.
අපි ජැඩ් යන්නේ… මෙහෙට්ට ආවේ නැ… අපි මනුශයින් තමා… මේ මගේ නන්ගි… අපිට ඔයාලාගෙ සිමාවේ ඉන්න ඕන නැ… අපිට පාඩුවේ යන්න දුන්නානම් ඇති… හවස් වෙන්න කලින්…
ඌදා මෝඩ හිනාවකින් කියද්දි මිනිස්සුන් අමුතු උනා. කෙල්ලො දෙන්නා අරාබිත් නොවන ඉන්ග්රිසිත් නොවන කතා විලාසය හොදින් කතා කරපු එක තව පුදුමයක්. ඒත් ඒඩින් කියන කෙනා තුවක්කුව එල්ල කරගෙනමයි හිටියේ.
අපි කොහොමද විශ්වාස කරන්නේ… අර වගේ… වේගයෙන්… ඒ වාහන…
තමුසෙලා මනුශයින් නෙමෙ…
අත් දෙක උස්සනවා… තමුසෙලා තමයි යක්ශයින්…
මිනිස්සු බෙරිහන් දුන්නේ කෙල්ල දෙන්නාට අඩියක් තියන්න ඉඩ නොදි. ඌදා කට ඇද කරලා බැලුවේ යේදා දිහා. යේදා ලොකු සුසුමක් පිට කලේ කම්මැලි කමින්.
සුදු… මේ ගොල්ලො අපිට යන්න දෙන්නෙ නැ වගේ…
මොකො කරන්නේ… ටොක්කක් අනිනවාද…
අනින්න දෙයක් නැ… මුන් ඇන ගන්න යන්නේ…
ඇයි… ඔයා මොනවාත් කලාද…
කලේ නම් නැ… හැබැයි මන් හින්දා වෙන්න ඇති… අර…
යේදා ඔලුවේ පෙන්නුවේ අදිවේගි මාර්ගයේ ඈත. ඌදාට ඒ ඈත එච්චර නෝපෙනුනත් කෙල්ලො දෙන්නාගෙ කුටුකුටුව මේ නපුරු මිනිස්සුන්ට ඇල්ලුවෙ නැ.
ඒයි මොනවාද හොරෙන් කියවන්නෙ… මේ උන්ඩ බස්ස ගන්න කලින් අත් උස්සාන් එනවාද මැරෙනවාද…
ටෙසා… බූස්… අල්ල ගන්නවා ඔය කෙල්ලො දෙන්නා…
ජෝන් කියද්දි කෙල්ලො දෙන්නායි තව කොල්ලො දෙන්නායි සොයුරියන් ලගට එද්දි දෙන්නාම මූනට මූන බැලුවා.
බබා…
සුදු…
දෙන්නාම ලොකු හුස්මක් ගත්තා. ඌදා කලු පාට ඇස් වලින් පිරිමි දිහා කේන්තියෙන් බලලා සන්සුන් වෙලා ගැහෙන හදවතට සවන් දුන්නා. ඌදාගෙ හිත හරි සිහින් හඩක් එක් කලේ මියුරු ස්වරයක් එක්ක.
” නුදා… සිද්… අම්මි… තාත්ති… පාලි… ඔයාලා වෙනුවෙන්… මන් යුතුකම් කරන්නම්… “
ඌදා සියුම් රෝස තොල් මිමිනුවේ තාලයකට.
Gatrandis babel ziggurat edenal
Emustolronzen Finé el balal zizzl
Gatrandis babel ziggurat edenal
Emustolronzen Finé el zizzl…
ඌදාගෙ මිමිනුව අවසානයේ යේදාගෙ හඩ ටිකක් උස් හඩින් ඇහුනේ හුලගේ ගසාගෙන යන්න.
Uwatheyun bwaski
isishama isishama solirdaa
denthrutheli denthrutheli bwarawashu
Kiyawo kiyahowo gwarasoo…
යේදා ගීතය අසාන් හිටපු මිනිසුන්ගෙ හදවත ගැස්සිලා ගියේ කම්පනයකින්. යේදාගෙ ඇස් රත් පැහැ වෙලා මැකිලා ගියේ මිනිස්සුන් නොසන්සුන් කරලා. එයාලා පස්සට අඩියක් තියද්දි ඌදා ඉස්සරහට අඩියක් තිබ්බේ අත් දෙක පුරා කාල වර්න ගිනිදැල් එක්ක සිහින් දිගු සමුරායි අසිපත් දෙකක් ඇදිලා ආවේ දිගු දම්වැල් අත් වටා ඇදිලා ගිහින් යේදාගෙ දැතේ රත් පැහැ ආලොක බොල දෙකක් ප්රබල කම්පනයකින් කැරකුනේ අයුද සන්නද්ද මිනිසුන් පවා බය කරලා.
ඔය ගොල්ලො අපිට යන්න දිලා අර එන කට්ටියව බලා ගත්තොත් නරකද…
යේදා කිව්වේ පාර දිහා පෙන්නලා. ඌදා කෙල්ලගෙ තිරය අරන් ලගම දසුන් ගත්තේ කට්ටියට පේන්න. හැමොම තව ටිකක් බය බීරන්ත උනේ නිරුත්තර කරලා. ඒ තිරයේ පෙන්නපු දසුන ඇග කිලිපොලාගෙන යන මහ භයානක දසුනක්.
ඒත් ඌදාගෙ ගතම වෙව්ලාගෙන දැනුනේ බයක් නෙමෙ. දරා ගන්න බැරි වේදනාවක්. මේ ලොකයට මොකද්ද උනේ. මේ තරම් පාපයක් මනුෂයින්ට අත් උනාද. මොන පවක්ද. ඒත් ඌදාට හිතන්න මනසක් නැ. වේදනාව කේන්තිය එක්ක ඌදා මාර්ගය ඉස්සරහා හිට ගත්තේ පසෙකින් ප්රාන සම යේදා අපුරු රන් ගින්නෙන් දැවෙන විසල් වක් පොරවක් සහිත සිහින් හෙල්ලක් පහසුවෙන් දරාගෙන. බයෙන් බලාන් ඉන්න මිනිස්සුත් ආයුද අමොරාගෙන වටපිට බැලුවත් කෙල්ලො දෙන්නා එක එල්ලෙ බලාන් හිටියේ දුලි වලා එක්ක ඇදි එන ඒ මහා යක්ශයින් දිහා.
මනුශ්යයත්වය අහිමි උන මහා යක්ශයින් මෙන් ඒ මිනිස් ඉවට එන නොමල මිනිසුන් හෙවත් පැටන්ලා විලාප තියාගෙ ආවේ දහස් ගානක් එක රොත්තට. හිත වේදනා දුන්නාත් ඌදාට වගකීමක් තියෙනවා.
බබා…
සුදු… අනේ…
කරන්න දෙයක් නැ… මේකයි අපේ ජිවිතය තිරනය කලේ…
ඌදා යේදාට පෙර ඉස්සරහට අඩියක් තිබ්බේ දම්වැල් අසිපත් දෙක කාල ගින්නෙන් බුර බුරා නැගෙද්දි. කෙල්ල දකුනු කකුල ඉස්සරහට තියලා පොලොව ඉරිතලා යන්න බර දිලා එක පිම්මට අහසට පැන්නේ ගිනි ඉර යට මහා අන්දකාර වලාවක් මවලා.
ආයුද අතැතිව හිටපු මිනිස්සු බය භිරන්ත වෙලා බලාන් හිටියේ මොකද්ද වෙන්නෙ කියලා හිතා ගන්න බැරුව. තවත් නිහඩව නොහිටපු යේදා ලොකු හුස්මක් අරන් නපුරු හිනාවෙන් රත් පැහැ න්යාශ්ටික බොල දෙක නිදහස් කලා. අවකාශයේ පා උන බොල දෙක එ සැනින් අමුතුම විදිහට මහා භයානක පෙනුමැති උල් දත් විහිදා ගත් තියුනු කටු වැසුන දිගු වල්ගා සහිත භයානක සත්වයින් දෙන්නෙක් නිර්මානය කලේ කෙල්ල හිනාවෙන් බලාන් ඉද්දි. ඒ දිහා බලාන් හිටපු කෙල්ලෙක් බෙරිහන් දුන්නෙ තවකෙක් බිම වැටෙද්දි.
රති.. රාත… මගේ සුරතලුන්… සුදුට උදව් කරන්න… හුග කාලයක් නිදාගෙන හිටපු හින්දා බඩගිනිත් ඇතිනේ…
යේදා කිව්වෙ ලස්සනට හිනා වෙලා. ඒත් යේදාගෙ වචනයේ භයානක කම අනිත් මිනිසුන්ට තෙරුනා. ඒ ලග හිටියත් ගත සලිත කරන කම්පනය භයානකයි. බියකරු සත්වයින් දෙන්නා රත් සහ රාත් හිරි වැටෙන ගොරනාඩුවක් එක්ක එක පිම්මට දිව්වේ ඒ පැටන්ලා දිහාට. ඒත් ඒ වෙනකොටත් මහා පිපිරුමක් යේදාගෙ ඇස් ඉස්සරහා දැක්කේ ඌදාගෙ වේදනාවේ තරම නිසා.
ඉතාමත් පොඩි වෙලාවක් විතරයි ගෙව්ව්නේ. යේදා සාක්කුවේ අත් දෙක දාගෙන ආවේ මාර්ගය මැද හිටගෙන ඉන්න ඌදා ලගට. මනුශ්යයින් නොව යක්ශයින්ට එහා ගිය පැටන්ලා සමුල ඝාතනය වෙලා තිබ්බේ එකෙක්වත් ඉතුරු නොවි. සද්දන්ත රති රාත කෙල්ලො දෙන්නා ලගට ආවේ හරි කිකරු බලු පැටව් දෙන්නෙක් වගේ.
රති… රාත්… එන්න…
යේදා අත දිගු කරද්දි සත්වයින් දෙන්නා නැවතත් බොල දෙකක් වෙලා යේදාගෙ අතේ නෝපෙනි ගියා. කෙල්ල හිමින් ඌදාගෙ අත අල්ලා ගත්තා. ඒත් ඒ කදුලු යේදා දැක්කා.
සුදු… අක්කි… අඩන්න එපා…
අඩන්නෙ නැ බබා… ඒත් දුකයි…
මටත් දුකයි සුදු… ඒත්…
මන් දන්නවා…
ඌදා එතනම පාත් වෙලා මුහුන වහ ගත්තේ අඩන්න ඇඩුම් එද්දි. යේදාත් ලගම හිටියේ මේ වේදනාව බෙදා ගන්න.
කම්පනයෙන් බයෙන් බලාන් ඉන්න මිනිස්සු අස්සෙන් කෙල්ලො දෙන්නා ආපස්සට ආවේ ජුන් එක්ක ඉන්න රොදාව හොයාගෙන. කෙල්ලො දෙන්නා කාවවත් ගනන් නොගෙන යන්න හැදුවාට එකපාරට කොහෙදො ඉදන් දුවගෙන ආපු පුන්චි පිරිමි ලමයෙක් කෙල්ලො දෙන්නා ඉස්සරහා හිට ගත්තා. ඒ ලමයා අතේ පරවුන කැලැ මලක් තිබ්බා.
අක්කි… ඔයාලට ගොඩාක් ස්තුතියි…
ඒ ලමයාගෙ ඇස් වල සතුටට ඌදාගෙ වේදනා හිත සසල උනේ හරි ඉක්මනට. ඒත් යේදා පාත් වෙලා ඒ පරවෙච්ච මල අතට ගත්තේ වෙනසක් නැතුව.
සාමාන්ය දෙයක්… අපි කලේ අපේ බාදාවක් අයින් කරපු එක…
සීතල හැසීරිමක් තියෙන යේදා තමන්ට අවන්ක වුනේ නැ. ඒත් හිත රිදුන පිරිමි ලමයාගෙ ඔලුව අතගාපු ඌදා ආපහු හැරුනේ ගොඩනැගිලි අස්සෙන් එලියට එන මිනිස්සු දිහා බලන ගමන්. මේ ඩුබායි නගර ඌදාට විශ්වාස කරන්න බැ. සල්ලිකාර මිනිස්සු ජිවත් උන ඩුබායි නගරය කාලය නටබුන් වෙලා. එක ජාතියක් නොව ජාති හැම කෙනාවම එකතු වෙලා.
ඩුබායි…
ඌදාට මිමිනුනා.
ඒ ඉස්සර… මේ ඩුබෙයාද් මුරිජ්… පැටන්ලාගෙ දඩබිම…
කෙල්ලො දෙන්නා ඉස්සරහට අයුද අතැති හැඩිදැඩි කොල්ලෙක් ආවේ දෙන්නාම බලද්දි.
පොඩි එලවලු සුප් දාලු මලකඩ කාපු බදුන දිහා රෝදා බලාන් හිටියේ අඩන්න ඔන්න මෙන්න. රොදා කියටවත් මේ විදිහට කන්න කැමති නැ කියලා කෙල්ලො දෙන්නා දන්නවා උනත් මේ වෙලාවේ මේ ලැබුන දෙයක් මහ මෙරක් තරම් ජිවවත් වෙන්න ඊලග තත්පරය සටන් කරන මිනිසුන්ගෙ උපරිම උපකාරය මේ. යේදා අප්පිරියාවෙන් එක එක හැන්ද ගිල්ලේ ඌදා එක උගුරට සුප් එක ඉවර කරද්දි. ඒත් කෙල්ලට අපහසුයි එයාලා වටේටම ඉන්න මිනිස්සු නිසා. ඊටත් වඩා රෝදා ජුන්ගෙ බොලය උඩ නැගලා අනිත් අයට රවනවා. ඒත් මේ වෙලාවේ කිසි කෙනෙක් ගැන ඌදාට අදාල නැ. කෙල්ල කෙලින්ම බැලුවේ ඉස්සරහා ඉදගෙන ඉන්න නපුරු පාට නායකයා යැයි කියන්න් පුලුවන් පිරිමියයි කලින් මිනිස්සු ටිකයි දිහා.
අපිය සුප් දුන්නාට ගොඩක් ස්තුතියි… ස්තුතියි කරන්න විතරයි අපිට පුලුවන්… මේ…
මම… ෆවුද්… රසල් කල් ෆවුද්… මේ කොලනියේ නායකයා…
ෆව්ද් ගන රැව්ල අත ගාන ගමන් කිව්වෙ සැකයෙන් වගේ පිරිසිදුවට ඉන්න මේ පොඩි කෙල්ලො තුන් දෙනා දිහා බලන ගමන්.
තාත්තෙ… මේ කෙල්ලොන්ව බය කරන්න එපා…
තරුනියක් ඉක්මනට ඇවිත් රොදාව වඩා ගන්න හැදුවේ කෙල්ල අමුතුවෙන් බලාන් ඉන්න හින්දා. ඒත් රෝදා ඒ කෙලල දිහාට රැව්වේ කේන්තියෙන්.
අල්ලන්න එපා මාව… අනේ සුදු… බබා… යන්කො… මට ඉක්මනට ගෙදර යන්න ඕන…
රොදා එක පිම්මට ඌදාගෙ අතට පැන්නේ අනිත් අයත් පුදුම කරලා. ඒත් කාටවත් කටක් අරින්න තියා ඊලගට මුකුත් කරන්නවත් හයියාක් නැ.
මේ ලමයි… මේ පලාතේ නෙමේ… ඇත්තටම ඔයාලා කව්ද… අර විදිහට කොහොමද…
අපි ඇස් දෙකටම දැක්කා… ඒ සටන්… නිකම් මනුශයින් නෙමෙ…
ඇයි අර සත්තු දෙන්නා… බලාන් ඉද්දි… මන් ඇස් දෙකටම දැක්කා…
කට්ටියම එක දිගට අහගෙන ගියේ ඌදාගෙ සිමාව උපරිම වෙද්දි. කෙල්ල රෝදාව වඩාගෙන නැගිටින්න හැදුවේ මෙතනින් ලේසියෙන් යන්න හම්බ වෙන්නෙ නැ කියලා දන්න හින්දා.
ඔයාලට දෙන්න උත්තර අපි ගාව නැ… අපි දැන් යන්න ඕන… ටික කාලයක් යනකම් ආයේ පැටන්ලාගෙන් කරදර වෙන එකක් නැ…
ඌදා කිව්වේ යේදාගෙ අත අල්ලා ගන්න ගමන්. ඒත් පිරිමි තුන් දෙනෙක් ඉස්සරහට ආවේ ඌදා ඇස් හිනි කරලා බලන ගමන්. මේ මිනිස්සු කාලය එක්ක හුගක් දෙවල් අමත කරලා.
ඔයාලට යන්න පුලුවන්… අපේ ප්රශ්න වලට උත්තර දිලා…
අර හැඩි දැඩි කොල්ලා හුසාන් කිව්වේ අසිපතක් අත ගාන ගමන්. ඒත් ඒ වචන කෙල්ලො තුන්දෙනාට පිහාටු වගේ. ඌදාට කලින් රෝදා කතා කලේ කෙලල්ට තිරින්ග නැති හින්දා.
ඔයාලා කව්ද කියලා නම් අපි දන්නෙ නැ අන්කල්… ඒත් එකක් මන් දන්නවා… ඔයාගෙ… හදවත නම් රහ නැ කියලා…
රෝදා හුරතල් හිනාවෙන් ඒ කිව්ව වචනය හැමොවම සිතල කලේ කෙල්ලගෙ ඇස් නිල් පාටින් දිලිසෙද්දි. ඒ එක්කම යේදාත් සරාගි හිනාවෙන් කතා කලා.
අනිත් එක… ඉස්සෙලා ඔයාලා දැක්කෙ අපි පැටන්ලා එක්ක සටන් කරනවා කියලාද… හිනා කතා කියන්න එපා… ඒ අපි චුට්ටක් සෙල්ලන් කලා… අපි සටන් කරන හැටි දැන ගන්න ඕනද… මගෙ සුරතලුන් දහස් ගානක් ඉන්නවා… එයාලාටත් බඩගිනි එකේ…
යේදා කිව්වේ කට්ටියම පස්සට වෙද්දි. ඌදා බලාන් හිටියේ කිසි ගානක් නැතුව. කෙල්ල එක එල්ලෙ බැලුවා.
අපි මනුශ්යයින් නෙමෙ… ඒත් මනුශ්යයින්… එච්චරයි කියන්න තියෙන්නෙ… ජිවත් වෙන්න ඕන නම්… අපිට යන්න දෙන්න…
ඌදා කිව්වේ සිහින් වචනයෙන් උනත් ඒ වදනක් ගානේ ගැබ්වුන මහා භයන්කාරත්වයක් හැමොටම දැනුනා.
සුදු… අපිට අලුත් අමුත්තො හතර දෙනෙක්…
යේදා ඒ එක්කම කිව්වේ රතු තිරයේ පෙන්නුම් කල අදුරු සිතියමක තද රතු සලකුනු හතරක් අදි වේගයෙන් කෙල්ලො ඉන්න දිහාට එනවා. ඌදා බැලුවෙ සැකයෙන්. යේදා හිනා උනේ මොඩ විදිහට.
එයාලා කින්ග්ස්ලැන්ඩ්…
යේදා කිව්ව දේට මිනිස්සු එකපාරට තවත් කලබල උනේ ආයුද ඔක්කොම කෙල්ලො තුන් දෙනාට මාන කරලා.
තමුසෙලා… යක්ශයි… කින්ග්ස්ලැන්ඩ්… අපිව විනාශ කරන්නද ආවේ…
ඒ වචන ඌදාට අනුමාන කරන්න පුලුවන්. ඒ දේශය සහ ජිවිතය අහිමි උන ” මනු-සත් ” විලාපයයි. ඌදා ලොකු හුස්මක් අරන් හුසාන් දිහා බැලුවා.
අපි කින්ග්ස්ලැන්ඩ් නෙමෙයි… අපි ආවේ එයාලාව හොයාගෙන උනත්…
මොකද්ද…
අපි ආවේ මේ විනාශය නතර කරන්න… තිරනය ඔයාලාට බාරයි… ජීවත් වෙන්න… අනාගතය ගැන විශ්වාස කරන්න…
ඌදා කිව්වේ ලොකු දෙයක් කියලා තෙරුනේ ෆුසාන්ට විතරයි. කෙල්ල ඒ අසරන මිනිසුන් දිහා බලලා නන්ගිලා දෙන්නාගෙ අත අල්ලා ගත්තා.
අපිට පොඩි වෙලාවකට හරි… මනුශයින්ගෙ උනුසුම විදින්න දුන්නාට ස්තුතියි… බබා දොනි යන්…
කෙල්ල කිව්වේ ලග තිබ්බ කව්ලුව ලගට යන ගමන්. ඒත් ඌදා නොකියා කියන දේ තෙරුනේ යුසාන්ට.
ඉන්න… අපිත් එනවා… ඒ එන අය යක්ශයින්… ඔයාලාට හැප්පෙන්න පුලුවන් අය නෙමෙ… ඔයාලා කොච්චර ශක්තිමත් උනත්…
මොකද්ද යක්ශයින්… එයාලාගෙයි අපෙයි වෙනසක් නැ…
යේදා එකපාරටම කිව්වේ නොසන්සුන් බය ඇස් ඉස්සරහා කේන්තියෙන්.
වෙනසක් තියෙනවා… එයාලා ඔයාලා වගේවත් මනුශය ගති ගැවිලා නැ… පැටන් පලවෙනි ලෙවල් එක… කගුනේ…
මොකක්…
යේදා අත් මිටි මොලවා ගත්තේ මුකුත් නොතෙරුම් කමට.
……
මතුවට

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!