සාංචි ආරච්චිගේ ජිනදාස නොහොත් මරදන්කඩවල යකඩයා

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ධනවතුන්ගේ මුදල් මංකොල්ල කෑ ජිනදාස ඒවා දුප්පතුන්ට බෙදා දුන්නේය.

ධනවතුන්ගේ මුදල් මංකොල්ල කෑ ජිනදාස ඒවා දුප්පතුන්ට බෙදා දුන්නේය. සොරකම් සහ මංකොල්ලකෑම්වලට සම්බන්ධ වුවද ජිනදාසගේ නම කිසිම විටෙක ස්ත්‍රී දූෂණ හෝ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වාර්තා වී නැත.

ජිනදාස මිණී මරුවෙක් වූ ආකාරයනම් අනිකම්පා සහගතය. ව්‍යාපාරිකයෙකුගේ දියණියක වූ සෝමා සමග පෙමින් වෙළී සිටියදී ජිනදාසගේ දෑස් ඉදිරිපිටදීම දෙවැනි ලෝක සංග්‍රාම අවධියේදී ලංකාවට පැමිණ සිටි කාපිරි මිනිසුන් ජිනදාසගේ පෙම්වතියව දූෂණය කර මරා ඇයගේ මස් අනුභව කර තිබෙනවා. එහිදී වියරු වැටුණු මෘගයෙකු මෙන් ජිනදාස කාපිරි මිනිසුන් මරා දමා ඇත.ඔහු ඇතැම් පුවත්පත්වලට පවසා තිබෙන්නේ එදා ඔහු කාපිරි මිනිසුන් 40 දෙනෙකු මරා දැමූ බවය. මියෙන තුරුම මෙම කර්කශ, රළු මිනිසා සිය පෙම්වතිය සිහිකර කඳුළු සැලූ බව රහසක් නොවේ.

මංකොල්ලකෑම්වලට සම්බන්ධ වූ ජිනදාස මරදන්කඩවල යකඩයා බවට පත්වීමේ කතා රැසකි.

වැසි දිනවල මනම්පිටිය ගඟේ ගසාගෙන එන ‍පොල්ගෙඩි එකතු කිරීම සිරිතක්ව පැවතුණි. එවැනි දිනක ජිනදාස ‍පොල්ගෙඩි එකතු කරමින් සිටියදී අයෙක් ඔහුට විරුද්ධ වී තිබේ. එහිදී ඔහු සමග ගැටුමක් ඇති කරගත් ජිනදාස ළඟපාත තිබුණු අඩි 6ක් පමණ දිග රේල් පීල්ලක් ඔහුගේ ගෙල වටා එතූ බැවින් ජිනදාස යකඩයා බවට පත් වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ.

ඔහු පෙම්වතියව මරා දැමූ කාපිරි මිනිසාගේ ගෙල වටා කම්බියක් ඔතා රේල්පාරේ ගැටගැසූ නිසා යකඩයා වූ බව තවත් අදහසකි.

ඇතැමුන් පවසන්නේ ඔහු හිරගෙදර යකඩ කූරු ඈත් කර හිරෙන් පලා ගිය නිසා යකඩයා ලෙස හැඳින් වූ බවය.

මනම්පිටියේ සමුපකාර ගබඩාවක් කඩා යකඩ තොගයක් සොරකම් කරගෙන කර මත තබාගෙන රේල් පාර දිගේ යමින් සිටියදී අතරමගදී හමු වූ ‍පොලිස් නිලධාරීන්ගෙන් බේරීමට ගඟට පැන යකඩ කූරු කර තබාගෙන පිහිනා ගිය බැවින් යකඩයා යන අන්වර්ථ නාමය ලැබුණු බව ඇතැම් අය පවසති.

මරදන්කඩවල යකඩයා අයෝමය ශක්තියකින් හෙබි පුද්ගලයෙකි.

මරදන්කඩවල යකඩයා ධනවත් පුද්ගලයන්ගෙන් මුදල් හා භාණ්ඩ මංකොල්ලකමින් දුප්පතුන්ට බෙදා දෙමින් ජීවත් වුවද ප්‍රතිපත්තිගරුක පුද්ගලයෙක් විය. කිසිම විටෙක මස් මාංශ අනුභව නොකළ ඔහු කිසිම දිනෙක දුම්වැටි හෝ මත් වතුර පාවිච්චි කළේ නැත.
යකඩයා අවසාන වරට බන්ධනාගාරගත වූයේ මිනීමැරීමේ චෝදනාවකට වරදකරු වීමෙනි. ඒ මරදන්කඩවල තැපැල් කාර්යාලයේ තම්බයියා නැමැත්තෙකු මරා දැමීමට සැක පිටය.

බෝගම්බර, මහර, යාපනය වැනි බන්ධනාගාර කීපයක කාලය ගත කිරීමට සිදුවූ යකඩයා දීර්ඝ කාලයක් සිරදඬුවම් විඳීමෙන් අනතුරුව ‍පොදු සමාවක් ලබා නිදහස් වූයේය.
ජීවිතයේ අවසාන කාලයේදී පිහිටට කිසිවකු නැතිව සිහිකල්පනාව හීන වී අංගොඩ මානසික රෝහ‍ලේ ඩිමෙන්සියා වාට්ටුවේ ප්‍රතිකාර ලැබිය. පසුව කොළඹ ජාතික රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 2011 ඔක්තෝබර් 09 වැනිදා මරණයට පත් විය. ලිපි‍ලේඛනවලට අනුව යකඩයා ඉපදී තිබෙන්නේ 1921 ඔක්තෝබර් 09 වැනිදාය. ඒ අනුව ඔහුගේ ආයු කාලය වසර 90කි. නමුත් යකඩයා ප්‍රකාශ කරන්නේ ඔහු 1900 වර්ෂයේ ඉපදුණු බවය. ඒ අනුව ජීවත් වූ කාලය වසර 111කි.

(Prashan Malith ගේ ලිපියකින් උපුටා ගතිමි)

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!