මරදානේ කතාවක් (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මරදානේ කතාවක් දාන්නම කියලා බේරිල්ලක්ම නැති නිසා ඔන්න එකක් ලිව්වා… (බම්බුව තමයි ..🤭😁😂 ඔය එක්කෙනෙක් දෙන්නෙක් කියලා තිබ්බා… අනික වෙන එව්වා දැම්මට කවුරුත් කියවන්නෙත් නෑනේ …🤭😁😂🙏)
මේකත් මරදානේ කවුන්ටරේ වැඩ කොරන කාලේ වෙච්චි සිද්ධියක් …
ඔය අපිට චැක් කොරන්න ඉන්නවනේ මහත්තුරු සැට් එකක්… ඕකෙන් ඇත්තටම මහත්මා ගති ඇති අය ඉන්නේ බොහෝම අල්පයයි… 😁
ඒ අල්පෙට නැති බොහෝම තේජස් ඇති වීරෝභල පරාක්රමයෙන් හෙබි අඩි පහක විතර විසා..ල දේහදාරී උත්තමයෙක් හිටියා ඒ කාලේ.. දැනුත් ඉන්නවා දැන් ඊට වඩා ලොක්කෙක්…
උන්නාන්සේ දවසක් වැඩම කොරලා චැක් එකක් මාරු කරගන්න මරදානට… අපේ මහ උන්දැට (ලොකු මහත්තයා) චැක් ඇලජික් එකක් තියෙනවා කියලා උත්තමයා දන්නෑ…
උන්නාන්සේ මාරු කරන්න ඇහුවා.. ලොක්කා බෑ කිව්වා…🤭😂
උන්නාන්සේ ආරූඪ වුනා.. කෝමද දන්නවද… දුටුගැමුණු යුද්දෙදි කන්ඨක අස්සයා ආරූඪ වෙලා නේරංජනා ගගෙන් පැන්න වෙලාවේ වේලුසුමණ යෝදයා හක්ගෙඩියක් අරගෙන පිඹලා සතුරු සේනාව විනාසකරලා ප්රභාකරන් ව මැරුවා වගේ.. ආරූඪ වෙලා අපේ පැත්තට පැනලා ලොක්කව අතෑරලා අපිට කඩු පයිට් පෙන්නලා පුපට කඩුවෙන් ඇනලා ගියා … 😁😂🤺🤺
මේ ලෝකේ අටමගලයක් දන්නැති අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා සිංදුව අහපු ආලවක යක්සයා වගේ ඔහේ බලං ඉන්නවා ….🙄🙄😁😂
ලොක්කා ඇවිල්ලා කියනවා..” ඔය චැක් එක මාරු කොරගන්ඩ බැරි තරහ පිටකරේ” කියලා …🤭😁
මුගෙ අම්මට… අපිද යකෝ බෑ කිව්වේ කියලා හිතිලා ගියා පස්සෙන් එලෝගෙන අල්ලගත්තා කොලර් එකෙන් … අල්ලගෙන… දුන්නා කියලද හිතේ…🤭😁😂 එහෙනං මං ගෙදර …😁😂😂😂
මං කලබල උන්නෑ පිංවතුනි… හිතේ තියාගත්තා ඉතා හොදින් … ගුලියක් දෙන්නං කියලා වෙලාව සැට් උනාම…😁😂
කාලය එසේ ගෙවිලා ගියා… මාස කීපයක් … අලුතින් බැච් එකක් ආවා බුකින් එකට.. මං තමයි ට්රේනර් ඇන්ඩ් මෙන්ටෝර්…🤭😁😂 ඔය අලුත් කොල්ලො දෙන්නෙක් එක්ක මරදානේ හතර කෙරෝල පෙන්නන්න පීල්ඩ් විසිට් එකක් ගියා… විසිට් කලේ නෑ …😁😂
ඕම එනකොට බුවා එනවා ඈත ලමයි දෙන්නත් එල්ලං…
මං අපේ උන් දෙන්නට කිව්වා මොනා ඇහුවත් මං බොහෝම උද්යෝගයෙන් “ඔව් ඔව් ” කියපන් කියලා … අපරාදේ කියන්න බෑ සුපිරි කැලෑ ගිරව් දෙන්නා.. 🤭😁😂
මං ඉතින් උත්තමයා එනකොටම..ටිකක් පහත් වෙලා..
“ගුඩ් මෝර්නින්ග් සර්… අද මේ පොඩි දෙන්නවත් එක්ක”.. කියලා.. පොඩි එකාගේ ඔලුවත් අතගෑව …
උත්තමයත් ඉතින් හක්කේ නලදතුත් පේන්න හිනාවෙලා…
“ආ.. ඔව්.. මේ මෙයාලගේ ඉස්කෝලේ වැඩකට ආවනේ…” කිව්වා…
මං තුමා..
” සර්.. මේ අපේ අලුතින් ආපු අලුත් බැච් එකේ මල්ලිලා.. සර් පුදුමේ කියන්නේ.. මං මේ.. සර් ගැන කිව්වා.. විතරයි …” කියලා අරුන් දෙන්නා පැත්තට හැරිලා ..
” මල්ලි මං අර කිය කිය ආවේ.. අර සුපිරි කේස් දෙකතුනක් ඇල්ලුවා කිව්ව DTI මහත්තයා …. අර මං දැන් කිව්වේ… සුපිරි මොලේ.. මගේ ඉන්ස්පිරේෂන් මොඩ්ල් එක කියලා …” කියද්දිම .. අපේ කොල්ලො දෙන්නා නිකං පුදුමෙන් වගේ.. “ආ.. ඔව් ඔව්..” කියලා දුන්නා ඇට්ටිං පාර නිකං ඇඹරිලා යන්න …
කෝමද දන්නවද මූන උත්තමයගේ…
තොටලග තොරනට බට් කරලා පෑලියගොඩ තොරණ ගැහුවා වගේ එළියයි…. 🤭😁😂😂😂😂
මිනිහා නිකං මනමාලියක් බලන්න ගිහින් ඇඹරෙන කුළුදුල් වස්සෙක් වගේ ඇඹරිලා..
“අයියෝ… ඕවා.. නිකං ..දනැද්ද.. පොඩි කේස්..”
කියද්දිම මං …
“හොද පොඩි … සර්ගෙ තියෙන වැදගත්කම.. නිහතමානී කම පේනවා නේද … මං ඒකයි කිව්වේ මල්ලි .. පිරුණු කලේ දිය නොසැලේ කියලා… ආන්න ඒකයි මල්ලි… උගත්කමේ ලක්ෂන… ” කියලා ..
උත්තමයා කෝමද දන්නවද… රෙඩ් බුල් එකක් බීලා පියාඹනවා හිතින්.. මූනෙන් පේනවා.. 🤭😁😂😂😂
අරුන් දෙන්නා පිටපතට අනුව තාත්විකව වැඩේ දෙනවා…
උත්තමයා … හිනාවෙලා මගේ පිටටත් තට්ටුවක් දාලා… “මං යන්නං මල්ලී .. පොඩි එක්කෙනාට පරක්කු වෙනවා…” කියලා.. අතත් වනාගෙන ගියා…🤭😁😂😂😂
පස්සේ අරුන් දෙන්නට විස්තරේ කිව්වා…🤭😁😂😂
හැබැයි උත්තමයා මරදානෙන් මං යනකං… මට පුල් භක්තිය…🤭😁😂😂😂🙏
        උපුටා ගැනීම :  Anushka Dayarathna

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!