අක්කා කෙනෙක් සමූහයට මරණය කලින් දැනෙනවාද කියලා හිතෙන සිදුවීම් ගැන පෝස්ට් එකක් දාලා තිබුනු නිසා මගේ පවුලෙ අත්දැකීමක් දාන්න හිතුවා.මේ අත්දැකීමට මුහුණ දුන්නෙ මගේම ලොකු අම්මගෙ දුව.
මගේ අම්මාගෙ තාත්තා ඒ කියන්නෙ අපේ සීයා එක්තැන් වෙලා හිටියා අවුරුදු 4කට ආසන්න කාලයක්.එතකොට සීයට අවුරුදු 85ක් විතර.සීයයි ආච්චියි දිගමට හිටියෙ ලොකු අම්මා ලඟ.පුංචි කාලෙ ඉදලා ලොකු අම්මගෙ දුවත් වැඩිපුරම හැදුනෙ සීයයි ආච්චියි එක්ක.එයාට හරිම ආදරෙයි දෙන්නම.
මේ සිද්ධිය උනු කාලෙ අක්කා පාඩම් කරනවා උසස්පෙලට පාඩම් කරන කාලේ.සීයා ඉදපු ඇද තිබුනෙ හරියටම ගෙදර මැද සාලයත් එක්ක දොර කෙලින්ම.ඒ කියන්නෙ දොර ඇරපු වෙලාවක එලියෙ ඉදන් බැලුවොත් සීයා ඇදේ ඉන්නවා පේනවා.ඒ දොරේ උඩට අර කැටයම් බීරළු මොකුත් දාලා නෑ.
මේ කියන දවසෙ අක්කා රෑ වෙනකල් පාඩම් කරලා.රෑ 1ට විතර වතුර තිබහක් ආපු නිසා මැද සාලය හරහා කුස්සියට ගිහිල්ලා වතුර බොන්න.වතුර බීලා එනකොට මෙයාට හරියටම අර දොරට උඩින් හරිම ලස්සන තරුණ පිරිමි කෙනෙක් සීයා දිහා බලන් ඉන්නවා පෙනිලා.ඒ කෙනාගෙ විස්තර කිව්වොත් එයාට තිබුනු සමේ පැහැය කිසිම දවසක සැබෑ මනුස්යෙකුගෙ මෙයා දැකලා නෑලු.රන්වන් පාට හමක්ලු ඇස් දෙක හරිම වෙනස් කොන්ඩෙ තද කලු පාට.මෙයා කෑ ගහලා.හැමෝම අවදි වෙලා බැලුවත් කිසිම කෙනෙක්ගෙ සලකුණක් වත් නැතිලු.හැමදේටම වඩා සාමාන්‍ය මනුස්සයෙකුට නම් දොරටත් උඩින් බලන්න මොකක් හරි උඩ නඟින්න ඕනනේ.ඒක ලොකු දොරක්.එලියෙ කිසිම දෙයක් තිබිලා නෑ එහෙම උඩ නඟින්නවත්.කිසිම සද්දයක් ඇහිලත් නෑ.
ඔය සිද්ධිය නිසා අක්කා සෑහෙන බයවෙලා පන්සලේ හාමුදුරුවෝ ලඟටත් ගෙනිහින් තිබුනා.හාමුදුරුවෝ සීයට කියන්නෙ විලියම් අයියා කියලා.හාමුදුරුවෝ නැන්දා එක්ක කියලා තිබුනා “විලියම් අයියා යන්න ලංවෙලා වැඩිපුර ආදරේ කෙනෙක්ට ඒක දැනුම් දීලා ” වගේ කියලා.
ඒ වගේම සිදුවීම වෙලා දවස් 4ක් යද්දි සීයා නැති උනා.අදටත් හිතාගන්න බෑ.අක්කා කියනවා ජීවිතේ දැකපු ලස්සනම මනුස්සයාලු ඒ එබීගෙන හිටියෙ.දෙවිකෙනෙක් වගේ කියලා එයා කියන්නෙ ඒ තරම් අසාමාන්‍ය රූපයක්ලු.
උපුටා ගැනීම: Hansi Liyanage