පාළු රත්රීන් වල අදටත් මරලතෝනි ඇසෙන, මිලියන දෙකකට වඩා ජනයා මරා දැමුනු, කාම්බෝජයේ “මරණයේ බිම්කඩ”
20 වන සියවස යනු එතෙක්, මෙතෙක් ඉතිහාසය තුල විවිධාකාර වූ ඒකාදිපති පාලකයන්, ජන සංහාරකයන් ආදීන් බිහිවු සියවස ලෙස හැදින්වීමේ වරදක් නැත. මොවුන් අතින් කිසිදු හේතුවක් නොමැතිව තම ජීවිතය අවසන් කරන්නට සිදු වූ ජනතාව මිලියන ගානක් වෙනවා. මෙම ජනසංහාරකයන් අතරින් ඉදිරියෙන්ම සිටින්නෙක් ලෙස පොල් පොට් හදුන්වා දෙන්න පුලුවන්.
පොල් පොට් කියන්නෙ 1975 සිට 1979 වර්ශය දක්වා කාම්බෝජය මෙහෙය වූ කොමියුනිස්ට් කෙමර් රූජ් රජයේ දේශපාලන නායකයා. මොහුගේ පාලන කාලය තුල ආසන්න වශයෙන් කාම්බෝජ වැසියන් මිලියන දෙකකට අධික ප්රමානයක් ඝාතනයට ද, කුසගින්න, ලෙඩරෝග හා අධිකව වැඩ කිරීම හේතුවෙන් ද මරණයට පත් වෙලා තියෙනවා.
මොහු 1951 පිහිටුවන ලද ප්රෝටෝ කොමියුනිස්ට් කෙමර් මහජන විප්ලවවාදි පක්ෂයට (KPRP) සම්බන්ද වූ අතර KPRP පක්ෂය මාක්ස් – ලෙනින් වාදය යටතේ නැවත ප්රතිසන්විදානය කරමින්, කෙමර් රූජ් ගරිල්ලා හමුදාවද පිහිටුවා ගෙන තියෙනවා. වැඩි වශයෙන් මෙහි සාමාජිකයන් ස්ටාලින් වාදය යොදා ගනිමින් මතවාදීව අන්තවාදයට නම්මවා ගැනීමද සිදු කෙරුනා.
සෙමෙන් ආරම්භ වූ විප්ලවය කල් යත්ම, මොවුන් විසින් කාම්බෝජයේ හතරෙන් තුනක ප්රමානයක් පාලනය කරන තත්වයට පත් වෙනවා. මොවුන්ට චීන කොමියුනිස්ට් පක්ෂයෙන් හා මාඕ සේතුන්ගෙන් දැඩි සහයෝගයක් ලැබෙනවා. අවසානයේ 1975 අප්රේල් වන විට, දරුණු ලෙස පැවති සිවිල් යුද්ධය අවසන් වූ අතර කෙමර් රූජ් හමුදාව යුද්ධය ජයග්රහණය කරනවා. මෙම ගැටුම් අතර තුර කාම්බෝජ ජාතිකයන් මිලියන භාගයක් මරණයට පත්ව තිබුණද, දරුණුම ව්යසනය තවමත් උදාවී තිබුණේ නැ.
බලයට පත්වු වහාම මිලියන ගනනින් ජනයා නගර වලින් පලවා හැර ගම්බද ප්රදේශ වල වාර්ගික ගොවිපලවල් වල වැඩ කිරීමට බලෙන් යොදවා ගන්නවා. මොහුට අවශ්ය වූනේ අන්තවාදි මාඕවාදයේ ප්රතිපත්ති මත පදනම් වූ සහ සංස්කෘතික විප්ලවයේ බලපෑම මත පදනම් වූ සමාජවාදි ගොව්ජන ජනරජයක් පිහිටුවීමට.
ඊට අමතරව පුනරුත්ථාපන ක්රියාවලියක් යැයි පවසා හිටපු (විශ්රාම ලත්) සිවිල් සේවකයින්, වෛද්යවරුන්, ගුරුවරුන්, සහ වෙනත් වෘතිකයින්, ඔවුන්ගේ දේපල බලෙන් පැහැර ගෙන කුඹුරු වල වැඩ කිරීමට බලෙන් යොදවනවා. මෙසේ පැමිනි පිරිස් අතරින් බොහෝ දෙනෙක් මරණ දණ්ඩනය, සාගින්න, රෝග හා අධික වැඩ නිසා මරණයට පත් වෙනවා.
ඕනෑම ආකාරයක බුද්ධිමතෙකු යැයි සිතු සියල්ලන්ම ඝාතනය කරනවා. ලක්ෂ සංඛ්යාත උගත් මද්යම පාන්තිකයන් විශේෂ මද්යස්ථාන වල වධහිංසාවට ලක් කරනවා. මෙහිදී මොවුන්ගේ ප්රදාන ඉලක්ක බවට පත්ව ඇත්තේ බුද්ධිමතුන්, නගර වැසියන්, වියට්නාම ජනවාර්ගිකයන්, සිවිල් සේවකයින්, සහ බෞද්ධ භික්ෂූන් ආදීන්. මෙයට හේතු වූනේ මොවුන්ට විරුද්ධව කැරැල්ලක් ඇති වේ යැයි තිබු බිය.
පැවති බන්ධනාගාර 196 ක් අතුරින් එක් ප්රදාන බන්ධනාගාරයක් ලෙස දැක්වෙන නොම් පෙන් හි එස් 21 කෙතරම් ප්රකට වීද යත් එහි සිරගත කරන ලද 20,000 පමන පිරිසකගෙන් අවසානයේ දිවි ගලවාගෙන ඇත්තේ මහල්ළන් හත් දෙනෙකු පමනයි.අනිකුත් සියළු දෙනා වද හිංසා පමුණුවා මරණයට පත් කර, රට පුරා විසීරී ඇති සමූහමිණිවලවල් වල මිහිදන් කරලා තියෙනවා.
2009 වන විට කාම්බෝජ ලේඛන වල සමූහ මිණිවලවල් 23,745 ක් සිතියම් ගත කර ඇති අතර, ඝාතනය කිරීම ජන සංහාරයේ මරණ වලින් 60% පමන වන බවත්, අනෙකුත් පුද්ගලයන් කුසගින්න, වෙහෙස හා රෝග වලට ගොදුරු වීමෙන් මරණයට පත්ව ඇති බව ගනන් බලා තියෙනවා.
මෙලෙස මියගිය මිනිසුන්ගේ සිරුරු දහස් ගනන් හමුවන වර්තමානයේ චොවුන්ග් ඒක් නම් ප්රදේශය ‘මරණයේ බිම්කඩ’ ලෙස හැඳින්වනවා. එහි වගාව සදහා, ලිදක් හැරීමට, ගෙයක සෑදීමට හෝ නිකමට පොලව හෑරුවත් මිනිස් ඇටසැකිලි හමුවෙන බව කියනවා. ඊට හේතුව දරුවන් ගැහැණුන් මහල්ලන් ලක්ෂ ගණනින් ඒ බිමෙහි වැළලී සිටීමයි. එහි ඔනෑම බිම් අගලක මිනිස් ඇටකටු පවතින බැවින්, මිනිස් ඇටකටු නැති ඉඩමක් නම් හොයාගන්න අමාරු බව කියනවා.
සමහරු දවල් කාලයේදී පොලව තැනින් තැන හාරා මිනී ඇටසැකිලි හොයනව බවත් සදහන් වෙනවා.. ඒ ඔවුන් පැළඳ සිටී රත්තරන් ආභරණ සොයා ගන්න. සමහරුන් එලෙස රත්තරන් ආභරණ සොයා ගන්න වාසනාවන්ත වෙනවා. නමුත් එය බොහොම අමාරු කාර්යයක් බව බොහෝ දෙනෙක් පවසනවා. ඒ දවස් ගනන් හාරා සිය ගානක් ඇටකටු ගොඩ දැම්මත් රත්තරන් ආභරණ හමු නොවන නිසා. මේ වැඩේ නිරත වන්නේ දුප්පත් මිනිස්සු.
රත්තරන් හමුනොවුන විට නැවත වලවල් වසා දමනවා. සමහරු එලෙස වසා දමන්නෙත් නෑ.. මේ නිසා එම ප්රදේශයේ අක්කර ගනන් කැලෑවල තැනින් තැන ගොඩ දැමූ මිනී ඇටකටු සහ වලවල් දකින්න පුලුවන්… කොහොම නමුත් දවල්ට එහෙම කලාට රාත්රියේ මිනිස් පුලුටක්වත් ඒ පැතිවලට යන්නේ නැති බව සදහන්.. ඒ පාළු රාත්රීන්වල මෙම බිම්කඩෙහි මර ලතෝනි ඇසෙන බවට අසන්නට ලැබේන නිසා. ඒ වගේම සංචාරක ආකර්ෂණයක් ඇති මෙම ප්රදේශයේ හොල්මන්, අවතාර දැක්කා කියන සංචාරකයොත් ඉන්නවා.
භයවෙලා ගෙවල් දාල ගිය මිනිස්සු, වගේම එහි පැමිනි සංචාරකයනුත් ඉන්නවා.. ඒ පිලිබදව ඔවුන්ගේ අන්තර්ජාලයේ දැමූ අදහස් වලත් සදහන් වෙන්වා. දහස් ගණනක් මරා දැමූ බිමක එවැනි දෑ සිදුවෙනවාය යන්න පුදුමයක්ද නොවේ. කොහොම නමුත් කාම්බෝජයේ සිදුවූ ඝාතන දෙවන ලෝක යුද සමයේ හිට්ලර් සිදුකළ ඝාතනවලට දෙවැනි නැතැයිද කියැවේනවා.
උපුටා ගැනීම: රාම් වණා