දවස පහුගිය බදාදා… ස්නායු ශල්ය වාට්ටුවේ මගෙ oncall දවසක්… ඔන්න හිටිය ගමං මට ඇමතුමක් එනවා ETU එකේ ඉන්න ඩොක්ටර් කෙනෙක්ගෙං.. මල්ලි මාස පහක පොඩි එකෙක් ආවා පොල් ගෙඩියක් ඔලුවට වැටිලා….
මාස පහක පොඩි එකෙක් කිව්ව ගමං පොඩි එකාට කොහොමද අහන්නත් නොහිටි මම හැරෙන තැපෑලෙං ETU එකේ…
නිකමට හිතන්න මොන තරං ලොකු අහම්බයක්ද කියලා ??? මාස පහක පොඩි එකෙක්.. පොල් ගෙඩිය වැටෙන වෙලාවෙම ඒ ගහ යට ඉන්න එක… ඒ මදිවට වැටෙන්නෙ ඔලුව උඩටම…
දඩි බිඩියේ ගත්ත CT එක දැක්කමය් අපට තරු පෙනෙන්නෙ… පොඩි එකාගෙ ඔලු කට්ට පුපුරලා බරපතළ විදිහට.. ඒ මදිවට මොලේ තැලීමක්… අන්තිම බරපතල තත්වයක් 

අසුරු සැනින් ප්රතිකාර පටං අරගෙන පොඩි එකාව HDU එකට ඇඩ්මිට් කරනවා. තරමක් හොඳ අතට එන පොඩි එකාට පාන්දර දෙකට විතර ෆිට් එන්න ගන්නවා. ඊටත් පස්සෙ මෙයාව ventilate කරන්න (බට දමා මැශින් එකක ආධාරයෙන් කෘතිමව ශ්වසනය ලබා දීම ) ICU එකට දානවා. ඒ මේ අතර බොහොම කැපවීමකින් කරන ප්රතිකාර එක්ක පොඩ්ඩා හොඳ අතට හැරෙමින් ඉන්නවා.
නිකමට බලමු මේක මොන තරං අහම්බයක්ද කියලා. ඒත් මේකේ තියෙන නරකම කතාව තමය් මේ දවසේ මම බැලුව මේ සිද්දියම වෙන තුන් වෙනියා වුන එක. ඒ වගේම පෙරේදා උදේ ආයෙත් මම මේ සිදුවීමට මූන දුන්න අවුරුදු දාහතක පොඩි එකෙක්ව බලනවා…
ඉතිං මම මේක දාන්නෙ අපේ අයට කරන පොඩි දැනුවත් කිරීමක් විදිහට . අපි නිකමට වත් නොහිතන අහම්බ වුනත් ඒවා ඒ තරං දුලබ ඒවා නොවන බව කියන්න. මේ දවස් වල හුලං තදය්. ඒ නිසා මේ කතාව හොඳටම හිතට ගන්න කියලා ඉල්ලනවා. ඊලඟ ගොදුර ඔබ හෝ ඔබගේ ආදරනීයෙක් වෙන්න පුලුවන්. ඒ නිසා පුලුවන් තරං පරිස්සං වෙන්න මොකද ඔබගේ ජීවන ඉරණම තීන්දු කරන අහම්බය සිද්ද වෙන්නෙ පූර්ව දැනුවත් කිරීමක් එක්ක නොවන නිසා..
උපුටා ගැනීම: Wasantha B Herath