විවාහ මංගල්යයක් කියන්නේ නිකලැල් ආදරය සහ ප්රීතිය පිරිලා ඉතිරිලා යන විශේෂ උත්සවයක්.
ඒත් ජපානයේ මාකෝ කුමරියට ඇගේ විවාහය දවසේ එහෙම ප්රීතියක් දැනුනද.. කියන එක නම් සැකයි. මොකද මාකෝ කුමරිය එයාගේ විශ්වවිද්යාලය පෙම්වතා එක්ක දීගෙක යන්නේ සම්ප්රදායට පයින් ගහලා. ඒ නිසා විවාහය දවසෙම ඇගේ රාජකීයත්වයත් අහිමි වුණා.
30 හැවිරිදි මාකෝ කුමරියට එයාගේ පෙම්වතා කෙයි කොමුරෝ මුණ ගැහෙන්නේ ටෝකියෝ ජාත්යන්තර කතෝලික සරසවියේදී. මාකෝ කුමරිය රජ පවුලේ සාමාජිකාවක් වුණත්, කෙයි කොමුරෝ සාමාන්ය පවුලක කෙනෙක්. ඒ නිසා පෙම් පළහිලවුව පටන් ගත්ත දවසේ ඉඳලා මේ දෙන්නට සෑහෙන්න ප්රශ්න ආවා.
මාකෝ කුමරියගේ තාත්තා තමයි ජපානයේ ඔටුන්න හිමි ෆුමුහිතෝ කුමරු. එයාගේ අම්මා නරුහිතෝ අධිරාජයගේ ලේලියක්. එහෙත් රජ පවුලේ තමන්ගේ තනතුර, රාජකීයයෙක් විදිහට තමන්ට පැවරුණු රාජකාරී, නිල මාළිගය විතරක් නෙමෙයි, තමන්ගේ පවුලේ සාමාජිකයනුත් අතහැරලා “ආදරය” තෝර ගන්න මාකෝ කුමරිය අවසානයේදී තීරණය කළා.
ජපානයේ දකින්නට ලැබෙන දැඩි නීති රීතිවලට අනුව කාන්තාවකට ජපන් ඔටුන්නට හිමිකම් තහනම්. ඒ වගේම රජ පවුලේ කාන්තාවක් සාමාන්ය පිරිමියෙක් සමග විවාහ වුණොත් ඇයට ඇගේ රාජකීයත්වය අතහැර දැමීමට සිදුවෙනවා.
අනෙක් අතට ජපන් රජ පවුල රාජ්යත්වය සමග බැඳුණු සම්ප්රදායන් සහ නීති රීති අනුගමනය කළ යුතු බවට ජපන් ජාතිකයොත් ඉතා දැඩිව විශ්වාස කරනවා. ඉතිං මාකෝ කුමරිය මේ විදිහට රජ පරම්පරාවට පිටතින්, සාමාන්ය කෙනෙක් සමග විවාහ වීම ගැන මේ වන විට ජපන් ජාතිකයන් අතර විශාල කම්පනයක් ඇති කර තියෙනවා.
මාකෝ කුමරිය උපත ලැබුවේ 1991 ඔක්තෝබර් 23 වැනිදා. ජපානයේ ඔටුන්න හිමි ෆුමිහිතෝ සහ කිකෝ කුමරියගේ වැඩි මහළු දරුවා තමයි මාකෝ කුමරිය. වැඩිමහල් දරුවා විදිහට උපත ලැබුවත්, ජපානයේ නීති රීතිවලට අනුව මාකෝ කුමරියට ජපන් ඔටුන්නට හිමිකම් කීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.
දැන් මාකෝ කුමරිය රජ පවුලෙන් පිට සාමාන්ය පවුලක තරුණයෙක් හා විවාහ වුණු නිසා ඇයට අඩුම තරමේ රජ පවුලේ වාසගමවත් පාවිච්චි කරන්න අවසර නැහැ. ඒ වෙනුවට මින් ඉදිරියට ඇයට පාවිච්චි කරන්න වෙන්නේ ඇයගේ සැමියගේ වාසගම. කොහොමත් ජපන් නීතියට අනුව ජපන් කාන්තාවකට පාවිච්චි කරන්න අවසර තියෙන්නේ එක වාසගමයි. ඒ නිසා බහුතරයක් ජපන් කාන්තාවෝ විවාහ වෙන කොට ඒ අයගේ පවුලේ වාසගම අතහැරලා දානවා.
මේ විවාහය නිසා මාකෝ කුමරිය වෙනුවෙන් රාජකීය මංගල භෝජන සංග්රයක් පැවැත්වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි, ඇගේ විවාහයේදී මංගල චාරිත්ර කිසිවක් සිද්ධ වුණෙත් නැහැ. අනෙක් අතට මාකෝ කුමරියගේ විවාහය ගැන බහුතරයක් ජපන් ජාතිකයන් සතුටට පත්වෙන්නෙත් නැහැ. ඒත් මේ විවාහය ගැන මාකෝ කුමරිය නම් ඉන්නේ ගොඩාක් සතුටෙන්.
“මට නම් කෙයි සන් කියන්නේ මිල කළ නොහැකි වස්තුවක්. අපි දෙන්නා හිතන විදහට විවාහය කියන්නේ අපගේ හදවතට ආදරය කරමින් ජීවත් වීමට අවශ්ය කරන තේරීමක්…” විවාහයෙන් පස්සේ, හැමදේම නැති වුණා කියලා දැන දැනත් මාකෝ කුමරිය එයාගේ පෙම්වතා සහ විවාහය ගැන කිව්වේ ඒ විදිහට.
“මම මාකෝ ට ගොඩාක් ආදරෙයි. මම ජීවත් වෙන්නේ එක ජීවිතයි… ඉතිං ඒ ජීවිතය මම ගොඩාක්ම ආදරය කරන කෙනෙක් එක්ක ගෙවන්නයි මට ඕනේ… ’ එහෙම කියන්නේ කෙයි කොමුරෝ.
ජපන් නීතියට අනුව අධිරාජ්ය පවුල සහ මාළිගය අතහැරීම වෙනුවෙන් මාකෝ කුමරියට ජපන් යෙන් මිලියන 140 ක මුදලක් වන්දි වශයෙන් ලැබෙනවා. රුපියල්වලින් ගණන් හැදුවොත් ආසන්න වශයෙන් රුපියල් කෝටි 26 ක් විතර. ඒත් ඒ වන්දියට හිමිකම් කියන එකත් මාකෝ කුමරිය ප්රතික්ෂේප කෙරුවා. ඒ ගැන පුදුම වෙන්න එපා. මොකද ආදරයේ හැටි එහෙම තමයි.



– අනිල් කරුණාරත්න –