මරු ෆිල්ම් එක නේද? (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඉසුරු දැඩි චකිතයකින් යුතුව වට පිට බලා අඩි ඉක්මන් කරමින් සිනමා ශාලාව තුලට ඇතුල් විය.හැකි ඉක්මනින් කවුන්ටරයෙන් පලවන පන්තියේ ටිකට් පතක් මිලදී ගෙන අදුනන කව්රුත් දකිදෝයි සැකයෙන් යුතුව බිම බලා ගෙන සිනමා ශාලාවට ඇතුල් වන දොරටුව අසල සිටින ටිකට් පරික්ෂා කරන පුද්ගලයාට ටිකට් පත පෙන්වා එම ඉරියව්වෙන්ම සිනමා ශාලාව තුලට රිංගුවේය. එසේ ගොස් තමන්ට හසුවන පළමු ආසනයේම වට පිට නොබලා ඉදගත් ඔහු සිනමා ශාලාවේ ලයිට් ඔෆ් කරන තුරු දැඩි නොයිවසිල්ලෙන් පසු විය.
විනාඩි විස්සකට පමණ පසු සිනමා ශාලාවේ ලයිට් නිවා චිත්රපටිය පටන් ගත් පසු ඔහුට දැඩි අස්වැසිල්ලක් ලැබිණි. දැන් ඔහු ඔලුව උස්සා හොදින් වට පිට බලයි. ඔහුට ඔහු ලග සිටින කෙනා පවා හරි හැටි නොපෙනෙන නිසා ලැජ්ජාශීලිත්වය සම්පුර්ණයෙන්ම නැතිවී ගොස් පුදුම සැහැල්ලුවක් දැනෙයි.
මේ අනූව දශකයයි. ඔහු යන්තමට 10 වසරට පය තැබුවා පමණි.පාසලේ ගුරුවරු පවා ප්රජනන පද්ධතිය, ලිංගික අවයව පිලිබදව ලැජ්ජාශීලී ලෙස උගන්වන අවදියක, ඒ සම්බන්ධව කතා කිරීම පවා සාපයක් ලෙස දකින පැරණි හෙළ සෙලෝලයිට් ගැමි කල්චරයක හැදුනු ඔහුට මෙසේ අපහසුවට, අසහනයට පත් වීම අරුමයක් නොවේ.ඒත් ඔහුගේ මේ සියලු භිතිකාවන්ට වඩා ටෙස්ටස්ටේරෝන් හෝමෝනය ප්රභල වී ඇත.
චිත්රපටියේ නම “ටොප් මොඩල්ස්” ය.පහතින් අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ලෙස සදහන් කර ඇත. ඒ සමග බොද කල සරාගී පින්තුර කිහිපයක් ඇත.
දර්ශනය ආරම්භ විය. එම සජීවී දර්ශන මීට පෙර ඔහු දැක නැත.ඔහුට මෙය අතිශය නැවුම් අත්දැකීමකි. ඔහුගේ සිත චමත්කාරජනක වූ උත්තේජනයකින් පිරී ඇත.ඒ අතර ඔහු ලග සිටි අනිත් පුද්ගලයා ඔහු අමතා
“මරු ෆිල්ම් එක නේද? ඇසීය.
“ඔව් මරු” ඒ ඉසුරුය.
ඉතා සුපුරුදු කට හඩකි.
සංවාදය එපමණකි. ඔහු ඒ සුපුරුදු හඩ ගැන නොසිතා චිත්රපටිය රස විදියි. විවේක කාලය ආරම්භ විය. ඔහු හැරී අසල සිටි සුපුරුදු කටහඩක් සහිත පුද්ගලයා දෙස බැලීය. ඔහු නැත. ඔහු ඉන්ටවල් එකට පෙර නැගිට ගොස් ඇත. නැවත ෆිල්ම් එක පටන් ගැනීමට ලයිට් ඕෆ් කල පසු ඔහු පැමිණියේය. ෆිල්ම් එක අවසන් විය. ඔහු නැවත සුපුරුදු පුද්ගලයා දෙස බැලීය. ඔහු ෆිල්ම් එක ඉවර වීමට ප්රථම පිටවී ගොස්ය.
ඔහු පසු දින පාසල් ගියේය. ඉංග්රීසි පීරියඩ් එක පැමිණියේය. අවුරුදු 24 ක පමණ තරුණ ඉංග්රීසි ගුරුවරයා පැමිණ ඉගැන්වීම ආරම්භ කරන ලදී. ඉසුරුගේ අප්රියතම විෂය ඉංග්රීසි ය. ඔහුට මේ දක්වා සෑම විභාගයකටම ලකුණු විස්සට අඩුය. නමුත් ඔහු සෑම විභාගයකම පන්තියේ පළමු වැනියාය. ඉංග්රීසි ගුරුවරයා කොතරම් ආදරණීය ලෙස ඔහුව උනන්දු කරවීමට උත්සහ කලද ඔහුගේ කිසිම තැකීමක් නැත.
ඉන්ටවල් එකෙහි එකවරම ඔහුට පණිවිඩයක් ලැබුණි. ඒ ඉංග්රීසි සර්ගෙන්ය. පාසලේ කැන්ටිමට එන ලෙස දන්වා ඇත. ඔහු පුදුම වී කැන්ටිම වෙත පිය නගන ලදී. සිනහමුසු මුහුණින් ඔහු පිළිගත් ඉංග්රීසි සර් අසල පුටුවේ වාඩි වෙන ලෙස පැවසුවේය. ඉන්පසු
“ඉසුරු. මොනවද කන්නේ”
ඒ සර් ය.
“මොනවත් කන්න බෑ සර්” ඒ කිසිවක් අදහා ගත නොහැකි ඉසුරුය.
“රෝල්ස් කාලා ප්ලේන් ටී එකක් බොමු ” සර්ගේ වචන ය.
දෙදෙනාම රෝල්ස් කා ප්ලේන් ටී බී අවසන් විය. එකවරම ඉංග්රීසි සර්
“මරු ෆිල්ම් එක නේද “
ඉසුරුට උන් හිටි තැන් අමතක විය. නහයෙන් කටින් දාඩිය දමා ඇත. ඔලුව විකෘති විය. කටේ කෙල සිදී ගියේය.
“ඒකට කමක් නෑ. ඕ ලෙවෙල් ඉංග්රීසි වලට “ඩ්” එකක් ගන්න ඕනෙ. ඒකයි මගේ පනිෂ්මන්ට් එක. නැත්නම් දන්නවනේ කියා ” පිටට තට්ටුවක් දමා පිට විය.
පහුවදා සිට කොල්ලා ඉංග්රීසි පීරියඩ් එකේ බරටම වැඩය. අතරින් පතර ට්රැක් පැන්නොත්
“ඉසුරු.මරු ෆිල්ම් එක නේද?” කියා ඇසෙයි. එය ඔහු නැවත ට්රැක් ඒකට පැමිණීමට හොදටම ප්රමාණවත්ය.
(අවසානයේ ඉසුරු ඉංග්රීසි වලට විශිෂ්ට සාමාර්ථයක් ලබා ගත්තේය. අදටත් ඉසුරුගේ විශිෂ්ටතම ගුරුවරයා ඔහුය)
උපුටා ගැනීම:  Isanka Darmadasa

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!