මැරුං කෑම (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මුහුණු පොතේ උඩට පල්ලෙහාට යනකොට දැක්ක පෝස්ට් එකක් නිසා කාලෙකින් කථාවක් ලියන්න කියලා අදහසක් ආවා.
මුලින්ම කියලා ඉන්නම්කො දැක්ක පෝස්ට් එක.”හොදම යාලුවා එක්ක ගිහින් කාපු හොදම කෑම එක මොකද්ද”.ඕං ඕක තමා දැකපු පෝස්ට් එක.ඇත්තම කිව්වොත් මං උන් එක්ක ගිහින් කෑවෙම හොද කටු.
2018 ගුරු පුහුණු ඩිප්ලෝමාව කරන කාලේ අපේ බැච් එකේ හිටපු හොදම තක්කඩිරාළලා ටිකට අයත් කණ්ඩායමේ එක් සාමාජිකාවක් තමයි මේ නිරාසා කෙල්ල.පාලනේ කරගත නොහැකි හිනාවයි,එක තැන ඉන්න බැරි කිරි පණු ගායයි,තක්කඩි යාලුවො ටිකයි නැත්තම් දෙයියනේ කියලා වැදගත් මනුස්සයෙක් වගේ ලෙසටම ඉන්න තිබ්බා ඉතිං.
අපේ කණ්ඩායමේ හිටපු මගේ හොදම යාලුවා තමයි “කෞ”,ඇත්තටම උගේ නම කෞෂලයා.වැඩත් ගොං,ඌත් ගොං නිසා කෞ කිව්වේ ආදරේට.
කෞවට තිබ්බා බලු පිස්සුවක්.
බලු කිව්වට පාරෙ ඉන්න නගුටු බල්ලො දැක්කම ඔරවන බ්රෑන්ඩඩ් බල්ලෙක් දැක්කම “අනා සෝයි” වගේ බලු පිස්සුවක්.ඒ උනාට එයාගෙ බෙස්ටි වෙච්ච මට බල්ලොවත් බල්ලන්ට මාවවත් කොහොමත් දිරවන් නෑ නේ.ඒ නිසා මම ඔය බලු සීන් වල නැහ්.
දවසක් දේශනයක් ඉවර වෙලා තව යාලුවො දෙන්නෙක් එක්ක අපි ගෙදර යන්න යනකොට කෑගල්ලෙ ටවුන් එකේදි මගේ සෙරෙප්පුවක පටියක් කැඩුනා .
කකුල කොර වෙච්ච අබ්බගාතයා වගේ කකුල අද්ද අද්ද හෙමීට යනකොට සත්තු විකුණන්න තියන තැනක් රොට්වයලර් වර්ගේ බලු නැට්ටෙක් ඉන්නවා පොඩි කූඩූවක දාලා. මගේ කරුමෙටයි බල්ලාගේ කරුමෙයි දෙකම ප්රභල වෙලා අපේ කෞ බල්ලා දැක්කා.
” අනා සෝයි බව්වෙක්,අනේ නිරෝ අපි පොඩ්ඩක් බලල යමු,මං අද හවසට ඇවිත් ඌව ගන්නවා” කිව්වා.
මොනා කරන්නද හත්දෙයියනේ යාලුවනේ.මාත් ඉතිං කට ඇද කරලා හරි යමංකො එහෙනම් කියලා ගියා.
සත්තු ගන්න තව මිනිස්සු ඇවිත් හිටපු නිසා මුදලාලි අංකල් අපේ පාඩුවේ බලු නිරීක්ෂණයකට ඉඩ දුන්නා.
ලද අවස්ථාවේ උපරිම ප්රයෝජනේ ගත්ත කව්වා බල්ලාව කූඩුවේ දොර ඇරලා එළියට ගත්තා.කුඩා අවදියේ පටන් බල්ලන්ගෙන් ලත් මිහිරි අත්දැකීම් රාශියක් තියෙන මං කෝකටත් පස්සට උනා.
දාරක ප්රේමේ ඉවවහා ගිහින් ඌව වඩාගන්න හදපු කව්වගේ අත හුරතලේට හපලා අර බලු නාම්බා බිමට පැනලා කඩෙන් එලියට දිව්වා.
රුපියල් 38000ක් එලියට දුවනවා වගේ හැගීමක් ආපු නිසා මං ඌව අල්ලන්න එලියට යන්න හදනකොට සෙරප්පුවේ ඉතුරුපටියත් කැඩිච්චි.දැන් සනීපයිනේ.
එලියට දුවපු බල්ලා අල්ලං මුදලාලියටම බාර දීලා සෙරප්පුවත් අතේ අරං කෑගල්ලේ ටවුම මැද්දෙන් අරකිට දෙස් දෙවොල් තිය තිය ආවා ඉතිං.
මම-: ” දැන් උබ ගාව රුපියල් තිස් අටදාහක් තියනවාද?”
කෞ-: නෑ බම්
ග්රෑන්ඩ් මදර්ගේ රෙද්ද යකොව්..මොන මගුලටද තෝ මාව ඇදන් ගියේ..
“නිකං..හී…(මාන්දමික හිනාව).
හොදම යාලුවා එක්ක ගිහිං කෑවේ නැත්තේ මැරුං විතරයි බම්😒
උපුටා ගැනීම:  නිරාශා පීරිස්

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!