මාස 4 ට කෝටි 20 ක් රටට ඉතිරි කරදුන් යුද හමු­දාවේ අලුත්ම මෙහෙ­යුම… (ප්‍රවෘත්ති)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ, ජනා­ධි­ප­ති­ව­රණ ප්‍රති­ප­ත්ති ප්‍රකා­ශය වන ‘සෞභා­ග්‍යයේ දැක්ම’ හුදු ප්‍රති­පත්ති ප්‍රකා­ශ­ය පම­ණක්ම නොවී යථා­ර්ථ­­යක් බවට මේ වන විට පත් වෙ­මින් තිබේ.

ඒ අනුව එහි සඳ­හන් දේශිය නිපු­ණ­තා­ව­න්ට ප්‍රමු­ඛ­ත්වය ­දීම වෙනු­වෙන් වූ ප්‍රති­ප­ත්තිය හුදු ප්‍රති­ප­ත්ති­ය­ක­ටම පම­ණක් සීමා නොකර 2020 ජුලි මස 1 වැනි දින ගන්නා ලද කැබි­නට් තීර­ණ­යට අනුව මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ ශ්‍රී ලංකා රියැ­දුරු බල­පත් මුද්‍ර­ණය කිරීමේ ක්‍රියා­ව­ලිය 2021 ජන­වාරි මස 1 වැනි දින සිට ශ්‍රී ලංකා යුද හමු­දාව වෙත පවරා දුන්නේ එතෙක් එම ක්‍රියා­ව­ලියේ පැවැති යම් යම් දෝෂ­යන්ට පිළි­යම් වශ­යෙනි.

මෙරට රියැ­දුරු බල­පත්‍ර නිකුත් කිරීමේ ක්‍රියා­ව­ලියේ පැවැති ආකා­ර්ය­ක්ෂ­ම­තා­වන් සහ විෂ­මා­චා­ර­යන් පිළි­බඳ පසු­ගිය සමය පුරා ජන­තා­ව­ගෙන් චෝදනා එල්ල වූ අතර ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා එම දෙපා­ර්ත­මේ­න්තුවේ නිරී­ක්ෂණ චාරි­කා­ව­ක­ටද එක් වූයේය. ශ්‍රී ලංකා ජාතික රියැ­දුරු බල­පත්‍ර නිකුත් කිරීමේ ක්‍රියා­ව­ලියේ පව­තින අකා­ර්ය­ක්ෂ­ම­තා­ව­න් හා විශ­මා­චා­ර­යන් මග­හ­රවා ශ්‍රී ලාංකීය මහ­ජ­න­තා­වට කාර්ය­ක්ෂම හා ඵල­දායි ජන­හි­ත­වාදී වන අකා­ර­යෙන් ශ්‍රී ලංකා රියැ­දුරු බල­පත්‍ර ලබා­දීම මෙම ව්‍යාපෘ­තියේ ප්‍රධාන අර­මුණ විය.

මෙම ජාතික රියැ­දුරු බල­පත්‍ර නිකුත් කිරීමේ ක්‍රියා­ව­ලිය ව්‍යාපෘ­ති­යක් ලෙස යුද්ධ හමුදා වෙතින් භාර ගැනී­මට අදාළ ශ්‍රී ලංකා යුද්ධ හමු­දාව හා මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේන්තුව අතර වන අව­බෝ­ධතා ගිවි­සුම ආර­ක්ෂක මාණ්ඩ­ලික ප්‍රධානී සහ යුද්ධ හමු­දා­පති ජෙන­රාල් ශවේන්ද්‍ර සිල්වා සහ මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේන්තුව ප්‍රධානී මෝටර් රථ ප්‍රවා­හන කොම­සා­රිස් ‍ෙජන­රා­ල්ව­රයා අත්සන් කරන ලදී.

උක්ත අර­මුණ සාක්ෂාත් කර ගනි­මින් මෙම ව්‍යාපෘ­තිය ඉදි­රි­යට පව­ත්වා­ගෙන යෑම සඳහා යද හමු­දා­පති ජෙන­රාල් ශවේන්ද්‍ර සිල්වා මහ­තාගේ උප­දෙස් මත, ශ්‍රී ලංකා යුද හමු­දාව යුද්ධ හමුදා තොර­තුරු තාක්ෂණ විස­ඳුම් මධ්‍ය­ස්ථා­නය (Army Information Technology Solutions Center (AITSC)) වේර­හැර පිහිටි මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ රියැ­දුරු බල­පත් නිකුත් කිරීමේ කාර්යාල පරි­ශ්‍රයේ සිය මෙහෙ­යුම් ආරම්භ කරන ලදී.

මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් අනු­මත කරනු ලබන රියැ­දුරු බල­පත් අයැ­දු­ම්පත් අනුව රියැ­දුරු බල­පත්‍ර මුද්‍ර­ණය කිරීම සහ ඒ සඳහා වන සංයුක්ත පරි­ග­ණක පද්ධ­තියේ තොර­තුරු තාක්ෂණ යටි­තල පහ­සු­කම් පව­ත්වා­ගෙන යෑම සහ නඩ­ත්තුව මෙම යුද්ධ හමුදා තොර­තුරු විස­ඳුම් මධ්‍ය­ස්ථා­නය මඟින් සිදු කරනු ලැබේ.

ජාල­ගත මෙම සංයුක්ත පරි­ග­ණක පද්ධ­තිය වෙත දිස්ත්‍රික්ක 24ක රිය­දුරු බල­පත් කාර්යාල වෙතින් ලැබෙන අතර තොර­තුරු ඇතු­ළත් කරනු ලබන අතර ඉන් දිස්ත්‍රික්ක 9ක පද්ධ­ති­යට අන්ත­ර්ජා­ලය (Online) ඔස්සේ සම්බන්ධ වේ. මීට පෙර අන­කුත් මධ්‍ය­ස්ථා­න­ව­ලින් ලැබෙන අයැ­දු­ම්ප­ත්‍ර­ව­ලට අදාළ රියැ­දුරු බල­පත්‍ර මුද්‍ර­ණය කිරීම සඳහා මසක පමණ කාල­යක් ගත වී ඇති අතර ඒ සඳහා මේ වන විට යුද හමු­දා­වට ගත වන්නේ සති දෙකක පමණ කාල­යකි.

දශක එක­හ­මා­ර­කට අධික කාල­යක් පෞද්ග­ලික අංශයේ ආය­ත­න­යක් හා තවත් විදේ­ශීය ආය­ත­න­යක් සමඟ එක්ව පිහි­ටුවා තිබු සමා­ග­මක් මඟින් සිදු කරන ලද මෙම සේවාව ශ්‍රී ලංකා යුද හමු­දාව සිදු­කි­රීම මඟින් ඒ සඳහා විදේ­ශ­ය­කට ඇදි­යන විශාල මුදල් ප්‍රමා­ණ­යක් ඉතිරි කැර ගැනී­මට හැකි­යාව ලැබෙන අතර ශ්‍රී ලාංකීය ආර්ථි­කය වෙත යහ­ප­තක් ඇති කිරී­මට ද ශ්‍රී ලාං­කීක පුර­වැ­සි­යන්ගේ අන­න්‍ය­තා­ව සුරැ­කී­ම­ටද හැකි වනු ඇත.

එසේම මෙම ව්‍යාපෘ­තිය ශ්‍රී ලංකා යුද හමු­දාව වෙතින් සිදු කිරීමේ දී මෙතෙක් එම ක්‍රියා­ව­ලිය පවත්වා ගෙන ගිය පෞද්ග­ලික සමා­ගමේ සේවය කරනු ලැබු සේවක සේවි­කා­වන් සිය­ල්ලන්ගේ රැකියා සුර­ක්ෂි­ත­තා­වය වෙනු­වෙන් ඔවුන්ව යුද හමුදා ස්වේච්ඡා බල­සේ­නාව වෙත බඳවා ගැනී­මට ක්‍රියා කරන ලද අතර, එහි දී ඒ සඳහා තම කැමැත්ත පළ කළ සේවක සේවි­කා­වන් 45 දෙනෙකු යුද හමුදා සෙබළ සෙබ­ළි­යන් ලෙස ස්වේච්ඡා උප­සේ­ව­යට අනු­යුක්ත කර ගන්නා ලදී. එම­ඟින් ඔවුන්ගේ සේවා වියු­ක්තිය සඳහා පිළි­යම් ද ලැබිණි.

මෙම ආය­ත­නය මේ වන විට රියැ­දුරු බල­පත්‍ර ලබා­දී­මට අදාළ වාර්තා මිලි­යන 90ක් නඩත්තු කරනු ලබන අතර එහි දත්ත ගබඩා වේර­හැර හා නාරා­හේ­න්පිට ස්ථාපිත කැර ඇත. එසේම මීට පෙර පුද්ග­ලික අයා­ත­නය රියැ­දුරු බල­පත්‍ර මුද්‍ර­ණය කිරීම වෙනු­වෙන් රජය එම ආය­ත­න­යට එක් රියැ­දුරු බල­ප­ත්‍ර­ය­කට රුපි­යල් දහ­සක මුද­ලක් ගෙවන ලදී.

යුද්ධ හමු­දාව මේ කට­යුතු භාර ගැනී නිසා එම මුදල රජ­යට අහිමි නොවේ. එය වාර්ෂි­කව ගත් විට අති­වි­ශාල මුදල් ප්‍රමා­ණ­යකි. රියැ­දුරු බල­පත්‍ර මුද්‍ර­ණය කිරීම යුද්ධ හමු­දාව භාර­ගත්තේ 2021 ජන­වාරි 1 වැනිදා සිටය. පසු­ගිය අප්‍රේල් 15 වැනි දා දක්වා යුද හමු­දාව රියැ­දුරු බල­පත්‍ර දෙලක්ෂ එක්ද­හස් අට­සිය හැත්තෑ­වක් මුද්‍ර­ණය කැර ඇත.

ඒ අනුව ගත වූ කාලයේ පම­ණක් රුපි­යල් විසි කෝටි දහ අට ලක්ෂ හැත්තෑ දහ­ස­කට ආසන්න මුද­ලක් රජ­යට ඉතිරි කැර දී ඇත. එය සුළු­පටු මුද­ලක් නොවේ. අදාළ පෞද්ග­ලික සමා­ගම රියැ­දුරු බල­පත්‍ර මුද්‍ර­ණය කරන සමයේ මස­කට රියැ­දුරු බල­පත්‍ර හත­ලිස් දහ­සක පමණ ප්‍රමා­ණ­යක් මුද්‍ර­ණය කැර තිබුණු අතර එම ප්‍රමා­ණය මේ වන විට මස­කට හැට­ද­හස දක්වා ඉහළ නැංවී­මට යුද හමු­දා­වට හැකි වී ඇත. එසේ ම මේ වන විට රියැ­දුරු බල­පත්‍ර ලබා­දීමේ එක්දින සේවය ද ක්‍රියා­ත්ම­කය.

ඔවුන්ට සියැ­රි­ය­දුරු බල­ප­ත්‍රය මුද්‍ර­ණය කිරී­මෙන් පසු කෙටි පණි­වි­ඩ­යක් මඟින් ඒ බැව් දැනු­ම්දීම ද සිදුවේ. එසේම වර්තා­ම­නායේ භාවි­ත­යට ගැනෙන චීප­යක් සහිත රියැ­දුරු බල­ප­ත්‍රය වෙනු­වට ඉදි­රියේ දී කේත­යක් සහිත රියැ­දුරු බල­ප­ත්‍ර­යක් හඳු­න්වා­දී­මට නිය­මි­තය. එම­ඟින් රියැ­දුරු බල­පත්‍ර ආශි­තව සිදු කරන ලබන අක්‍ර­මි­කතා රැසක් වළක්වා ගැනීම අර­මුණ වී ඇත. එසේම මේ වන විට රියැ­දුරු බල­පත්‍ර මුද්‍ර­ණය කිරී­මට භාවිත කරන මෘදු­කාං­ගය දකුණු අප්‍රි­කානු සමා­ග­මක් මඟින් නිෂ්පා­ද­නය කළ එකක් වන අතර ඒ සඳහා වාර්ෂි­කව අති විශාල මුද­ලක් වැය කිරී­මට ද සිදුවේ. එම මුදල ද මෙරටේ ඉතිරි කර ගැනීම වෙනු­වෙන් ඉදි­රියේ දී ශ්‍රී ලංකා යුද හමු­දාව මේ සඳහා උචිත මෘදු­කාං­ග­යක් සංව­ර්ධ­නය කිරී­මට නිය­මි­තය.

එය ක්‍රියා­ත්මක වුව­හොත් තවත් අති­වි­ශාල මුද­ලක් රජ­යට ඉතිරි කර ගත හැකි වනු ඇත. ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ දැක්මට අනුව එතු­මන්ගේ ප්‍රති­පත්ති ක්‍රියා­ත්මක කර­මින් ශ්‍රී ලංකා යුද හමු­දාව ජාතිය ගොඩ­නැ­ඟීමේ කට­යුත්තේ දී සුවි­ශේෂි දාය­ක­ත්ව­යක් ලබා දෙමින් සිටි. යුද හමු­දාව ඇතුළු ත්‍රිවිධ හමු­දාව බොහෝ අභි­යෝ­ග­යන් ජය­ග්‍ර­හ­ණය කිරීම වෙනු­වෙන් යෙද­වී­මේදී ඊට අකුල් හෙළ­මින් ඒවා නිර්දය ලෙස විවේ­ච­නය කැර ඇති පිරිස් වෙත පිළි­තුරු ලැබෙන කාලය දැන් එළඹී ඇත.

ඒ පිළි­තුරු ලැබෙන්නේ හුදෙක්ම එල්ල කළ චෝද­නා­ව­ලට පම­ණක් නොව සංව­ර්ධ­නය වෙමින් පව­තින රටක් යැයි දශක ගණ­නා­වක් හඳු­න්වන ශ්‍රී ලංකාව සංව­ර්ධ­නයේ හිණි­පෙ­ත්ත­ටම රැගෙන යමිනි.

 

 

 

උපුටා ගැනීම: Lanka Telegraph

                     – දිලංක ගුණ­ති­ලක

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!