ශ්‍රී ලංකාව යනු විවිධ සංස්කෘතිකාංගයන්ගෙන් සහ විවිධ ලෝක උරුමයන්ගෙන් සපිරි දිවයිනක්. මෙම සංස්කෘතික අංග වලින් සපිරි හෙළ ආවේණිකත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තය ඉහළින්ම පවතින රටක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්.ඒ වගේම අනාගත ලෝකයේ දී වර්තමානයටත් වඩා සංචාරක කර්මාන්තය දියුණු කිරීමට මෙන්ම හෙළ උරුමයන් ලොවට විදහා පෑම සඳහා සංචාරක කර්මාන්තය පිළිබඳව සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන අතීතයටත් වඩා අවධානයක් යොමු කිරීම දක්නට ලැබෙන කරුණක්.ඒ වගේම දැනට රටෙහි පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් රට ගොඩ නැංවීම සඳහා මහත් සේ දායකවන ඉහළම කර්මාන්තයක් වශයෙන් සැලකෙන සංචාරක කර්මාන්තය තව තවත් නව්‍ය කරණයට ලක් කරමින්,අලෙවිකරණ උපාය මාර්ගයන් යොදා ගනිමින් යොදාගනිමින් ලෝකය තුළ ඉහළම තැනකට පත් කිරීම සඳහා දැනට කටයුතු කරන අතර ඒ සඳහා හඳුන්වා දී ඇති කොළඹ විශ්ව විද්‍යාලයේ මෙම ශාස්ත්‍රපති/පශ්චාත් උපාධි ඩිප්ලෝමා වැඩසටහන සංචාරක ක්ෂේත්රය තුළ ක්ෂේත්රය තුළ ඉහළම න්‍යායාත්මක දැනුමක් සහිත ප්‍රවීණයින් බිහි කිරීමේ අරමුණින් යුතුව හඳුන්වා දී ඇත.
මෙම වැඩ සටහනේ ඇති අරමුණු මොනවාද?
- සංචාරක කර්මාන්තය පිළිබඳව ඉහළ පෙළේ තීරණ ගන්නන්,ප්‍රතිපත්ති සැලසුම් කරුවන්,පර්යේෂකයින් සහ හෝටල් කළමනාකරුවන් ඇතුළු සංචාරක ක්ෂේත්‍රයට අදාළ අලෙවිකරුවන් සඳහා අත්‍යාවශ්‍ය වන ඉහළ පෙළේ දැනුම සහ කුසලතා පූර්ණත්වය ලබාදීමේ අරමුණ ඇතිව මෙම වැඩසටහන නිර්මාණය කොට ඇත.
- ඒ වගේම ශ්‍රී ලාංකික සංචාරක ව්‍යාපාරය ලෝකය පුරාම ව්‍යාප්ත කරමින් ගෝලීයකරණයට තිරසාර අන්දමින් දායක වීම සදහා අවශ්‍ය අත්තිවාරම සපයයි.
- ව්‍යවසායකත්වය සඳහා උනන්දුවක් දක්වන අයට සංචාරක කර්මාන්තයට අදාළ අදාල ව්‍යාපාර බිහි කරමින් ජාතික මට්ටමින් එහා ජාත්‍යන්තර මට්ටමක් කරා රැගෙන යමින් අදාල අදාළ ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධනයක් ඇති කිරීමයි.ඒ වගේම ක්ෂේත්‍රයට අදාල පැනනගින ගැටළු කල්තියා හඳුනා ගනිමින් ඒවාට කාර්යක්ෂම විසදුම් සෙවීමේ කුසලතා පූර්ණ න්‍යායාත්මක දැනුම සිසුන් හට ලබා දීමේ අරමුණ මෙම වැඩ සටහනේන් සිදුකරයි.

මෙම වැඩසටහන හැදෑරීම සඳහා අරමුණු කර ගත් සිසුන් වන්නේ කවුරුන්ද ?
- සංචාරක කර්මාන්තයට අදාළ ව්‍යාපාර සිදුකරන ව්‍යවසායකයින්.
- හෝටල් කළමනාකරුවන් සහ නිලධාරීන්.
- සංචාරක ක්ෂේත්‍රයෙ ප්‍රතිපත්ති සැලසුම් කරුවන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ඊට අදාළ තීරණ ගන්නන්.
- සංචාරක කටයුතු ආශ්‍රිතව සේවයේ නිරත වන රාජ්‍ය සහ පෞද්ගලික අංශවල නිලධාරීන්.
- සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින මාධ්‍යවේදීන්,අලෙවිකරුවන් සහ විධායක නිලධාරීන්.
- ජාත්‍යන්තර සහ දේශීය ගුවන් සේවා කළමනාකරුවන්, නිවාඩු ගමනාන්ත වියාපාරිකයින්, සංචාරක ක්‍රියාකරුවන්.
- සංචාරක කර්මාන්තය ආශ්‍රිතව පර්යේෂකයින් සහ ගැටළු විසඳන්නන්.
පාඨමාලාව සඳහා ඇතුලත්වීමේ සුදුසුකම් මොනවාද ?
- පිළිගත් අවම සුදුසුකම වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිළිගත් උපාධියක් තිබීම. හෝ
- පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් තිබීම.හෝ
- උපාධියකට සමාන වන ලෙස කොළඹ විශ්වවිද්‍යාලය මඟින් පිළිගත් වෘත්තීය සුදුසුකමක් තිබීම.හෝ
- ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයේ (SLITHM) අවුරුදු තුනක ඩිප්ලෝමාව සමඟ වසර දෙකක පමණක් පශ්චාත් සුදුසුකම් සහිත කර්මාන්ත පුහුණුවක් තිබීම.හෝ
- පාඨමාලා අපේක්ෂක සිසුවා හට උපාධි මට්ටමට සුදුසු දැනුමක් හෝ කුසලතා මට්ටමක් ඇති බව පෙන්නුම් කරන වෙනත් ඕනෑම සුදුසුකමක් හෝ
පළපුරුද්දක් තිබීම.හෝ
- ඉංග්‍රීසි භාෂාව හැසිරවීම පිළිබඳ මනා දැනුමක් සහිත වීම.

සංචාර ආර්ථික සහ හෝටල් කළමනාකරණ පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවේ අන්තර්ගත විෂයන් මොනවාද ? (දළ අදහසක් ලබා ගැනීම සඳහා)
- ගමනාන්ත සංවර්ධනය සඳහා සංචාරක මෙහෙයුම.
- සංචාරක අලෙවිකරණය සහ ගමනාන්ත ප්‍රවර්ධනය.
- හෝටල් සහ නිවාඩු නිකේතන මෙහෙයුම් සහ පාරිභෝගික සේවා සංවර්ධනය.
- සංචාරක ආර්ථික විද්‍යාව.
- සංචාරක සංවර්ධනය සහ මානව සම්පත් කළමනාකරණය.
- සංඛ්‍යානමය විශ්ලේෂණය සහ ගිණුම්කරණය.
- තොරතුරු තාක්ෂණය සහ ඊ ව්‍යාපාර යෙදුම්.
- චාරිකා මෙහෙයුම්.
- සංචාරක ව්‍යාපාරයේ මාධ්‍ය සහ ප්‍රචාරණ කළමනාකරණය.
- සංචාරක කළමනාකරණය සහ මූල්‍ය කළමනාකරණය.
- සිදුවීම් කළමනාකරණය .
- සංචාරක නිෂ්පාදන සැලසුම් කිරීම සහ ගුණාත්මභාවය දියුණු කිරීම.
- වියවසායකත්ව කළමනාකරණය.
- සෞඛ්‍ය සහ සුවතා සංචාරක ව්‍යාපාරය.
මෙම උපාධි පාඨමාලාවේ කාල සීමාව කාලසීමාව වසර 2 කි.පළමු වසර පශ්චාත් උපාධි ඩිප්ලෝමාව වන අතර දෙවන වසර ශාස්ත්‍රපති උපාධිය දක්වා දිවෙයි.සෑම වසරකම ජනවාරි හිදී බඳවා ගැනීම් සිදු කරන අතර පාඨමාලාව ඉංග්‍රීසි මාධ්‍ය ඔස්සේ සිදු කරයි.වැඩි විස්තර ලබාගැනීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වෙබ් පිටුව සදහා පිවිසෙන්න.