මට හමු වූ පෙම්වතියන්…..! (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මං මනාලියන් බලන්න ගිය හැටි දැක්වෙන ආකාරයේ මේ සමූහය තුල පල කරන ලද පෝස්ට් එකට හිතුවාටත් වඩා හොඳ ප්රතිචාර ලැබුනා. ඒ නිසාම ලියන්න හිතුනා මට හමු වූ පෙම්වතියන් කිහිප දෙනෙකු ගැන….
පෙම්වතිය 01
මේ ගෑනු ලමයා අපේ ගෙදරට අල්ලපු ගෙදර හිටියේ. මට වඩා අවුරුදු 3 ක් බාලයි. ඒ කාලේ නම් ගොඩාක්ම හැඩයි. හුරුබුහුටියි. මං හොඳට හොඳට ඕලේවල් පාස් වෙලා ඒ ලේවල් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කාලේ ගෙදරට වෙලා ඉන්නකොට මගේ විභාග ප්රතිඵලය ගැන අවට අසල්වාසි හැමෝම දැනගත්තා. මං හොඳ බ්රයිට් කේස් එකක් කියලා. ඒ නිසාම අහල පහල ගෙවල් වල ඉන්න අයගේ ලමයින්ට ගණිතය විද්යා පාඩම් උගන්වන්න කියලා මට දස අතින් ආරාධනා ලැබුනා. ඔන්න ඒකෙ ප්රතිඵලයක් ලෙසයි අල්ලපු ගෙදර හිටිය ගෑනු ලමයට ටියුෂන් දෙන්න සිද්ධ වුනේ. එයාට කිවේ සුද්දි කියලායි. ඔන්න සුද්දිට හවසට ටියුෂන් දෙන්න මං යනවා එයාගේ ගෙදරට. හැබැයි කෙල්ල එච්චර දක්ෂ වුනේ නම් නැහැ. ඔන්න ඉතින් ඒ කාලේ සුද්දිව දැක්කම හිතට අමුතුම හැඟිමක් පහල වුනා. ඒත් ඒක එලියට දාගන්න බැරි ගතියක් හිටියා. සුද්දිත් මං දිහා හොරෙන් බලාගෙන ඉන්නේ. වෙනදාට වඩා ඇල්ම බැල්ම වැඩි වුනා. කෙල්ලෙක් ගැන ආදරය ඇති වෙලා එයා පෙම්වතියක් බවට පත් වුන මුල්ම අවස්තාව මෙයයි. හැබැයි හැම දේම දෙන්නගේම හිතේ තිබ්බා කියලා දැනුන. ඒක දවසක් ලස්සන කීටැක් එක එයා මට දුන්නා අදටත් මතකයි. ප්රේමය මෝරගෙන එනකොටම සුද්දිලා ගෙවල් විකුනලා එයාලගේ ගම වන නුවරටම ගියා. අහෝ මගේ ප්රතම ප්රේමයට වුන දෙයක්..ලව් එකට මාස 03 යි
පෙම්වතිය 02
උසස් පෙල නුගේගොඩ ක්ලාස් යනකොට හොඳ ෆිට් යාලුවෙක් සෙට් වුනා. මගේ ඉස්කෝලේමයි. මං හිතින් කොයි වේලෙත් රිංඟගෙන ඉන්නේ ඒ යාලුවාගේ දිහායි. ඒ යාලුවාට හිටියා නංගි කෙනෙක්. ටිකක් කලුයි . හැබැයි එයා දැකුම්කලුයි. නැටුම් කරපු නිසා ඇඟත් ගොඩාක්ම හැඩයි. ඔන්න ඉතින් යාලුවගේ ගෙදර ගිහින් එයාගේ නංගිට සෙට් වුනා.කොහොම නංගිගේ ෆෝන් නම්බර් එක හොර රහසේ ඉල්ලගෙන එයාට මෙසෙජ් කරන්න පටන් ගත්තා. ඒ නංගි ඒ වෙනකොට ඕ ලේවල් කරනවා. නම දුලාරි. ඔන්න ඉතින් මෙසෙජ් වලින් අපි ලව් කර කර ඉන්නකොට මං යවපු මෙසෙජ් නංගිගේ ෆෝන් එකේ තිබිලා මගේ යාලුවාට අතේ කෝට් වුනා. දැන් ගිනි විජ්ජුම්බරයයි.
යාලුවාටත් ගොඩාක්ම කේන්ති ගිහින් ඕලේවල් කරන කාලේ උබලා ලව් සීන් පටන් ගන්නේ ඇයි කියලා මගෙන් මුහුනටම ඇහුවා. මටත් කියන්න දෙයක් නැහැ. අන්තීමේදි යාලුවායි, දුලාරියි දෙන්නම නැති වුනා මේ ප්රශ්නය උඩ. මේ ලව් එක කෙල්ලගේ බොක්කට කොච්චර වැදුනාද කියනවා නම් පලමු පාර ඕලේවල් ෆේල් වුනා. දෙවැනි පාර ගොඩ දාගත්තා කොහොම හරි. ඒ කෙල්ල අවුරුදු 23 න් වගේ ආයේ කොල්ලෙකුට සෙට් වෙලා බැන්ද..එයාගෙයි මගෙයි ලව් එක මාස 07 ක් ගියා
පෙම්වතිය 03
මේක හරි අමුතුම මුන ගැසීමක්. මං රිලෝඩ් දාන්න කඩේකට යනකොට තව ලස්සන කෙල්ලෙක් කඩේට ඇවිත් හිටියා. නූඩ්ලස් කොන්ඩයක් තියෙනවා ඒ කෙල්ලට. ඒ ලේවල් කරලා රිසාල්ට් එන කාලේ මේක වුනේ ඒ ලමයා රීලෝඩ් එක දාගෙන එයාට දුන්න පොඩි චිට් එක බිම දාලා ගියා.මං ඒක ඇහින්ද ගත්තා. ඒ නම්බර් එකට නිකමට කෝල් එකක් අරගෙන මුට්ටිය දාලා බැලුවා වැඩේ හරි ගියා. ඔන්න සදලි මට සෙට් වුනා. ඒ වෙනකොට එයාට අවුරුදු 18 යි. අඩු වයසින් ගාමන්ට් එකක වැඩ කරන ගෑල් ලමයෙක් කිව්වා. අම්මයි තාත්තායි රට. ආච්චි ගාව හැදුනේ. එයාට මල්ලියෙක් හිටියා. ඕලේවල් වත් පාස් වෙලා නැහැ සඳලි. ඒ ලව් එක නම් මට එපා වුනා. ඒ කෙල්ලගෙන් පුදුම වදයක් තිබ්බේ. මටත් ජොබ් එකක් නැහැ ඒ කාලේ.රීලෝඩ් දාන්න සල්ලී එවන්න කියනවා. අරවා ඕනේ කියනවා මේවා ඕනේ කියනවා කන්න.කඩ චෝරු කන්න ඒ කෙල්ල පුදුම ආසාවක් තිබ්බේ. පුදුම බඩජාරි කමක් තිබ්බේ සඳලිට.මට නම් තේරුනා කොල්ලන්ව හුරගෙන කන එකියක් කියලා. අපේ ගැලපීම අහසයි පොලොවයි වගේ කියලා දැනුනා. ඒ නිසාම මාස 7 කට පස්සේ මටම එපා වෙලා ලව් එක නැවැත්තුවා එයාටම කියලා. පස්සේ ආරාංචි වුනා කුඩු බොන කොල්ලෙක් එයා බැඳලා දුක් විදිනවා කියලා. මොනවා කරන්නද… නොගැලපෙන කෙනෙක් බැඳලා මං දුක් විදින්නද..
මේ පෝස්ට් එකට ඔබගේ ප්රතිචාර හා ලැබෙන අදහස් අනුව මේකේ ඊ ලඟ කොටස ලියන්න බලාපොරොත්තු වෙනවා.නැවත හමුවෙමු.
උපුටා ගැනීම: සංකල්ප හේරත්

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!