මට මේකට දාන්න මාතෘකාවක් නෑ……  (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මට මේකට දාන්න මාතෘකාවක් නෑ……
My nursing diaries වගේ එකක් ගැළපෙනවා…Nursing undergraduate කෙනෙක් විදියට මම තාම ඉගෙනගන්නවා..සායනික පුහුණුවෙදි මගේ හිත සසල කරපු තාමත් මතක් වෙනකොට හිත බරවෙන පුංචි වගේ පෙණුනට ගොඩක් ලොකු ඒ සිද්දී ටික මට ගොඩක් දෙනෙක් එක්ක බෙදාගන් ඕනෙ..
පෙබරවාරි මාසෙදි කවදහරි වාට්ටුවට ආව, ඇදුමෙන් පීඩා විඳින වසන්තට අම්මයි තාත්තයි නෑ..හැබැයි ඔවුන් ජීවත්ව ඉන්න කාලෙ හොඳ රැකියාවල් කරපු අය. හැබැයි ඔවුන්ගෙ මරණින් පස්ස්සසෙ වසන්ත තනි වෙනවා… එයා තැන් තැන් වල කුලියට උයනවා. ඇත්තටම ඔහු නෝන්ජල් අහිංසකයෙක්. මේක ලියන මම වත් ඒ වගේ පිරිමියෙක් කසාඳ බඳින්න කැමති වෙන්නෙ නෑ.. මම දන්නෙ නෑ හේතුව. ඒත් මං ළං වෙලා ඔහුගෙන් විස්තර අහලා කන්න පුලුවන් මොනවද මං ගෙනත් දෙන්නම් ඇහුවම ඒක අර හොල්ලලා බොන යෝගට් එකක් කිව්වම තේරුණා ඒ කියන්නෙ yoghurt drink එකක් කියලා. ඊට පස්සෙ ඔහු අත් දෙකින් කඳුලු පිහ පිහ අඬන්න ගත්තා. ඔහු දන්නෙ නෑ මමත් ඇඬු බව. ඔහු අඬන්න ඇත්තෙ කාත් කවුරුවත් නැතිව තනි වෙලා හිටපු ඔහුට මොහොතකට හරි ලැබුණු ආදරය නිසා වෙන්න පූලුවන්.. අසරණයෙක් ලෙඩ වුණාම තව ගොඩාක් අසරණයි..
අද දවසට සායනික පුහණුව ඉවර වෙලා එළියට එනකොට OPD එකට ආව කාගෙ හරි අම්ම කෙනෙක් බිම වැටිලා. වටේ ඉඳපු අය විස්තර අහනවා..කඳුලු පිහ එයා අඬනවා. පොඩි වෙච්ච පොඩි පොතක ගෙදර නොම්මරේ කියලා එකක් ලියන් හිටියා. ඒකට කෝල් කරන්න එපා එන්න කෙනෙක් නෑ බස් එකට ගිහින් දාන්න දෙයියෝ කිය කිය එයා අඬනවා. වටේ එකතුවුණ නළවපු සනසපු එයාව බලෙන් රෝද පුටුවක ඉන්දන් තුවාල වලට බෙහෙත් දාන්න එක්ක ගිය අයට එයා අඬන ගමන් පින් දෙනවා..ඇය වකුගඩු රෝගියෙක්. යන්න වාරු නැතිව ඇය වැටිලා තිබුණෙ. කතාවෙන් හැසිරීමෙන් තේරුණෙ ඇය තනි වෙලා බව. ලේලි ගෙදර ඉන්න බව කිව්වත් කෝල් කරන්න ඇය කැමති වුණේ නෑ.. ඒ අම්මගෙ අසරණ කඳුලු තාමත් මගේ ඇස් තෙත් කරනවා.
දවල් කෑම වෙලාවෙදි මාලු හොදි ටිකක් වැඩියෙන් දාන්න කිව්ව සීයට උපස්තායක සේවකයා සැර වෙනවා මට ඇහුණා. එහෙම වැඩියෙන් දාන්න මේක ගෙදරද?? ඒ සීයා එක්ක ඊට කලින් කතා කරලා හිටිය හින්දා සහ ඔහුට මං එක්ක ගොඩක් දේවල් බෙදාගන්න ඕනෙ වුණ හින්දා ඔහුත් හරි අසරණයි කියලා මං දැනන් හිටියා. හිත හරි බරයි තාම.
රෝහල් වාට්ටු වල ඒ බිමේ අඩුම දේ තමයි සතුට. ඒ හැමතැනම තියෙන්නෙ දුක. බර වෙච්ච හිස් වෙච්ච සුසුම්.. මේ ලෝකෙ කොහෙදි හරි මුණ ගැහෙන අඳුනන නාඳුනන හැමෝම වෙනුවෙන් අපි සංවේදී වෙමු…අපිට පොඩි වචනයක් වෙන සමහර දේවල් මිනිස්සු පිළිගන්නෙ මහමෙරක් ගානට.. අපි හැමෝම දුවනවා තමයි. ඒත් ඒ දුවන ගමනෙදි අවස්තාවක් මුණගැහුණොත් තව කෙනෙක්ට පිහිට වෙන්න ඒ අවස්තාව ප්රයෝජනයට ගමු.. මට චෝදනාවක් නෑ මිනිස්සුන්ගෙ නපුරුකම් ගැන..හැමෝටම පීඩනේ..
රෝහල් වාට්ටු ඇතුළෙදි මං ඉගෙනගත්ත වැදගත්දෙයක් තියෙනවා. මං හිතන්නෙ රෝහලකට යන හෙදියක්, doctor කෙනෙක්, සුලු සේවකයෙක් වුණත් ඒ දේ ඉගෙනගන ඒ ආකල්පෙන් එතනට යන් ඕනේ..ඒක තමයි..
හිනා වෙන හීනි ඇස් වලට වඩා බයෙන් ලොකු වුණ කඳුලු පිරුණු ඇස් වලට අපි ගොඩාක් ආදරය කරන් ඕනෙ..
ඒක මගේ හිතට කා වද්දපු ඒ කඳුලු පිරුණු ඇස් වලට දහස් වාරයක් ස්තූතියි.!!!
උපුටා ගැනීම:  Ahasdi Anuththara

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!