අපේ ගේ මිදුලෙම ලොකු කොස් ගහක්.ගමටම කොස් බෙදන්නෙ එයා.මටනම් ඉතින් එයා හරිම අාදරෙයි.මන් එයාට අාදරේට කෙල්ල කිව්වා.හැමදාම එලිවෙන ජාමෙට මන් කොස් කෙල්ලට කියනවා ඔන්න අදනම් මට බෑ අතුගාන්න.කොළ හලන්න එපා.කියලා.එයා නැලවෙනවා.හින් සැරේ හොරෙන් වගේ කොළයක් දෙකක් බිමට දාලා බලනවා.උදෙන්ම හුරතල්වෙන්නයි මේ.මමත් එයාට හිනාවක් දාලා කුස්සියට යනවා ගෙදර ඉන්න දරුවන්ට මහත්තයට තේ හදන්න කෑම උයන්න.ගෙදර වැඩ සේරම කරලා ඉදලත් අරන් මිදුලට එන්නෙ.
ඔන්න බලන්න මේ ගෑනි හරිම නරකයි.මිදුලෙන් එකයි කොස්කොල.එ් මදිවට අලි වැල ගෙඩියකුත් අතඅැරලා නොදන්නව වගෙ තව මට හිනත්වෙනවා.මන් ඉතින් එයාට බැන බැන කොල අතුගානවා.
ටිකක් වෙලා යනකොට මම අතු ගාපු හරියෙ හැඩ බලන්න පිටිපස්ස හැරිලා බැලුවා.
අනේ මේක කරන්න බෑ.මේකි අායෙමත් කොල දෙක තුන හලලා.මන් ඉවසගෙන අායෙමත් අතුගාන්න පටන ගත්තා.
වැල ගෙඩිය වැටුන සුවඳට මහපාරෙ ලගින පිං ගොනාත් එනවා.
එයා අලියෙක වගෙ.ඉතිං පිනා අාව ගමන් වැල ගෙඩිය කටට දෙකට බරස්බරස් ගාල කනවා.මන් දැන් මිදුල අතුගාල ඉවරයි. දැන්
මන් ගේ පිටිපස්සට යන්නෙ මගෙ වගාව බලන්න.එයාලටත් රෑ තිස්සෙ කරදරලු.ගිය ගමන් කේලමි කියනවා.ගොලුබෙලිරාලලා පැලවලට වැඩක් දිලා.දුකේවත් බෑ.
මෙන්න මගෙ දුක සැප බලන්න අපේ පිං හාමිත් එනවා.එයාට කොස් කෑවම තිබහ.ඉතිං මං එයාට හාල්පානුවතුර හදලා තියෙන්නෙ.හරියට මට පඩිගෙවනවා වගේ.මෙයාල වැඩ පවරන්නෙ.පිංහාමි බ්රෑස් බ්රෑස් ගාලා සද්දෙට බිලා ඉවර කරනවා එක හුස්මට.දැන් ඉතින් එයා අාපහු යන්න හදන්නෙ කියන්න වගෙ මගෙ දිහාට හැරිලා බලනවා.මේ පිංගෙ ඔලුව අතගාන්න කියලා.
හරි හරි මන් එයාවත් අතගාලා කතාබහ කරනවා.එයා යන්නෙ ඉතිං මගෙඑලවලු පැල ලගින් සිරුවට අඩිය තියලා.
දැං ඉතින් මටත් බඩගිනි.
උපුටා ගැනීම: Priyanthi Abegunawardana