අපි ඇල්කොහොල් (alcohol) අඩංගු පාන වර්ග කොච්චර රස වින්දත් කවදා හරි කල්පනා කරලා තියනවද අපි මත් වෙන්නේ කොහොමද කියල?
*අපේ සිරුරට කොච්චර alcohol ප්රමාණයක් දරාගන්න පුලුවන්ද?
අපේ සිරුර alcohol දකින්නේ විසක්(poison) විදිහට.සිරුරට ඕනි වෙනවා ඒ විස ඇගෙන් අයින් කරන්න.ඉතින් අපේ අක්මාව ඇල්කොහොල් ඩයිහයිඩ්රොගනීස් (alcohol dehydrogenase) කියන එන්සයිමය(enzyme) නිදහස් කරනවා අපේ පද්දතියට.එමගින් alcohol ඇසිටැල්ඩිහයිඩ්( acetaldehyde ) නම් තරමක් විස සහිත සංයෝගයකට පරිවර්තනය කරනවා. Hangover එක දැනෙන්නත් මේ සංයෝගය බලපානවා.
ඉන් පසුව ඇසිටැල්ඩිහයිඩ්( acetaldehyde )සංයෝගය ඇසිටික් අම්ලය(acetic acid) බවටත්, ඇසිටික් අම්ලය(acetic acid) මේද අම්ල, කාබන් ඩයොක්සයිඩ් හෝ ජලය බවට බෙදී යාමක් සිද්ද වෙනවා.
මෙමෙ ක්රියාවලිය සාර්ථකව සිද්ධ වෙනකල් අපිට මත් ගතියක් දැනෙන්නේ නෑ .
අපේ අක්මාවට දරාගත නොහැකි තරම් අපි alcohol පානය කලොත් අපිව මත් (drunk) වෙන්න පටන් ගන්නවා.
*ඇයි අපි වෙරි වෙන්නේ?
අපි අධික ලෙස මත්පැන් පානය කල විට අමාශය තුල ඇති alcohol / ethanol අපේ රුධිර සංසරණ පධ්දතියට ඇතුල් වෙලා මුළු සිරුර පුරාම ගමන් කරනවා.නමුත් අපිට වෙනසක් තේරෙන්නේ alcohol සහිත රුඩිරය මොලයට ඇතුළු උනායින් පසුවයි.
alcohol මොලයට ඇතුළු වූ පසු හොඳ ඩොපමයින්(dopamine) මුදා හැරීමට හේතු වන අතර ස්නායු ප්රතිග්රාහක සමඟ සම්බන්ධ වේ.මෙම ප්රතිග්රාහක අතුරින් එතනෝල් විශේෂයෙන් නියුරෝන උද්දීපනය කරන ස්නායු සම්ප්රේෂක ග්ලූටමේට්(glutamate) සමඟ බන්ධනය වේ. එතනෝල් ග්ලූටමේට්(glutamate) ක්රියාකාරී වීමට ඉඩ නොදෙන අතර උත්තේජකවලට ප්රතිචාර දැක්වීමට මොළය මන්දගාමී කරයි.
එතනෝල් ගැමා ඇමයිනොබියුට්රික් අම්ලයට (GABA) බන්ධනය වේ. ග්ලූටමේට් සමඟ ඇති නොගැලපීම මෙන් නොව, එතනෝල් GABA ප්රතිග්රාහක සක්රීය කරයි. මෙම ප්රතිග්රාහක මගින් පුද්ගලයෙකුට සන්සුන් හා නිදිමත දැනේ. එවිට මොළයේ ක්රියාකාරිත්වය තවත් මන්දගාමී වේ.
තවත් සරල කරොත් alcohol අපේ මොලයේ සෛල අතර හොද සන්නිවේදනයක් පවත්වාගෙන යාමට බදා කරනවා.හොද සන්නිවේදනයක් නැති වීම අපේ සිරුරේ මොලය මගින් සිදුකරන ක්රියා නියමාකාරයෙන් සිදු නොවෙන්න හේතු වෙනවා.එවිට සිහි මද ගතිය, අමතක වීම, ශරීරයේ පාලනය අඩු වීම, වැනි අතුරු ප්රතිපල විශාල ප්රමාණයක් ඇත වෙන්න පුළුවන්..
උපුටා ගැනීම: විශ්ව සගරාව – Wishwa Sagarawa