නාලිකා. ඒ කිව්වේ මගෙ කලින්නම් කෙල්ල.දැන් බිරිඳ. මට මතකයි නාලිකාව හම්බුන මුල්ම දවස.විහාරමහාදේවි පාර්ක් එකේ ව්‍යායාම කරන තැන තියෙන රවුම් බංකුව උඩ.නාලිකා හිටියෙ බිම බලාගෙන. හම්බෙලා මුලින්ම කිව්වෙ අනේ මට වොශ් රූම් යන්න ඕනෙ කියලා. මන් එක්ක ගියා. අහපව් පුරුදු තැනට ආවා, ටිකකින් කිව්වා ආයෙත් වොශ් රූම් යන්න් ඕනෙ කියලා. එක්කන් ගියා…. මෙහෙම එදා හතර සැරයක් උනා….. රුපියල් අසූවක වොශ් රූම්. ඒ අපි හම්බුන මුල්ම දවස. එදා අපි නිකම් හම්බුනා විතරයි.ඒ කිව්වෙ පෙම්වත්තු නෙවෙයි.
මෙහෙම දින කීපයක් හම්බුනා. මැසේජ් වලින් කෝල් වලින් අපි පෙම්වත්තු උනා.
ඊට පස්සෙ අපේ පලවෙනි හමුව පෙම්වතුන් විදිහට.ඒ ගංගාරාමෙ පාර්ක් එකේ.මන් ටක් ගාලා කිස් එකක් දුන්නා. මේකිට ආයෙත් වොශ් රූම් යන්න ඕනෙ කිව්වා. එක්කන් ගියා. බෑග් එකයි බෝතලෙයි, කුඩෙයි මන් අතේ තියන් නාලිකා ගිහින් එනකම් එලියෙ.එදා පස් පාරයි.රුපියල් 100ක වොශ් රූම්…..
අවුරුදු තුනහමාරක් ඕන් ලව් කලා. දැන් බදින දවස. තුප්පොට්ටිය අදින්නෙ. ඔන්න රෑ එකොලහට වගේ නාලිකාගෙ අක්කගෙන් කෝල් එකක් ආවා. නාලිකා කොච්චරවත් වොශ් රූම් එකට දුවනවා, බෙහෙතක් නැද්ද කියලා.මන් කිව්වා දැන් බෙහෙත් ගන්න තැති නිසා හොදට වතුර බීලා නිදියන්න කියලා.
පහුවදා වෙඩිම. රාජගිරියෙ හෝටෙලේක. අම්මට සිරි. ෆොටෝ එකෙන් ෆොටෝ එකට වොශ් රූම් දුවනවා මේකි.කොහොම හරි පෝරුවේ ඉන්නකොටනම් කිසි අමාරුවක් උනේ නෑ.
දැන් තමා හොදම හරිය. අපිව ගිහින් දැන්මා මීගමුවට. දන්නවානේ. බීච් එක ගාව හෝටලයක්.ආව ගමන් මේකි බාතෲම් එකේ. රෑ වෙන ටිකට හය පාරක්.
රෑ යුද්දෙ පටන් ගත්තා. දෙන්නටම මාර සතුටුයි. දිව්‍යලෝකෙ යන්න ඔන්න මෙන්න තියනකොට මේකි කිව්වෙ නැද්ද වොශ් රූම් යන්න ඕනෙ කියලා.කඩාගෙන දිව්වා. මට නේද. ඇයි යකෝ. මේ මොන මගුලක්ද….
කොහොම හරි එදා ඔච්චරයි. ලැට් එකම බදාගෙන හිටපන් කියලා මන් නිදා ගත්තා.මට ඇහුනා පාන්දරත් කීප පාරක් ලයිට් පත්තු කරනවා..
හෝම් කමින් එක දවසෙත් නාලිකාගෙ එකම වැඩේ පැයෙන් පැයට වැසිකිලියට දුවන එක.මට මේ මගුල තවත් ඉවසන්න බැරි උනා.
“නාලිකා මොකද්ද මේකෙ තේරුම. ඔයාට මොකුත් ලෙඩක්ද.හම්බුන පලවෙනි දවසෙ ඉදන් අපි හිටියෙ ලැට් ළඟ.”
ලෙඩක් නෙවෙයිලු.ඒක් ඉස්සර ඉදන් එහෙමලු. ස්ට්‍රෙස් එකක් දැනුනොත් බඩ බුරුල් වෙනවලු. විභාග වලට ගියාමත් එහෙමලු.
ඒක් සාමාන්‍ය තත්ත්වයක්. අපිට පීඩනයක් දැනුනාම ආහාර මාර්ගයේ චලන වැඩි වෙන්වා.එතකොට සමහර අයට බඩ බුරුලට යනවා….
(In response to stress, a psychological reaction occurs (Fight-or-Flight Response). This response activates the release of hormones that gets the body ready to take action. At the same time, your brain sends a signal to your bowels to increase bowel movement in the large intestine. This leads to a mild case of diarrhea.)
එද ඉදන් අද වෙනකම් නාලිකාගේ ගොඩක් වැද ගත් අවස්තා වල මන් හිටියේ ලැට් එකක් ලඟ, බෑග් එක උස්සාගෙන.
බොහෝ දවස් වල දිව්‍ය ලෝකෙ පෙනි පෙනී එයා වොශ් රූම් දිව්වා. එහෙමත් දවසක තමයි……………………..
උපුටා ගැනීම: Amila Wijethilake