මධ්යකාලීන යුගය පුරා යුරෝපයේ “පිහිනීම” පරීක්ෂණය බොහෝ දුරට තහනම් කර තිබුණද, 17 සහ 18 වන සියවස්වල මායාකාරියන්ට එරෙහිව භාවිතා කර ඇත.
ඔවුන් පරීක්ෂණය කිරීමෙදී ජලය පරිශුද්ධ අංගයක් ලෙසත් එය නපුර ප්රතික්ෂේප කරන බවත් විශ්වාස කලහ – එබැවින් චෝදානාවට ලක්වූ මායාකාරියක් වතුරට විසි කරන විට මතුපිටට පාවී ගියහොත් ඔවුන් මායා කර්මය සම්බන්ධයෙන් වැරදිකරුවන් වේ.
එනම් වතුර මතුපිට පාවීම, එල්ල මරාදැමීමට හෙතු වේ.නමුත් වතුරේ ගිලී ගියොත් කොහොමත් මරනය හිමි වේ. ඒ කියන්නේ මායාකාරියක් ලෙස චෝදනා ලැබුවොත් කොහොමත් මරනය තමා හිමිවන්නේ.
වර්ෂ 1613 දී එංගලන්තයේ බෙඩ්ෆෝර්ඩ්ෂයර් හි මේරි සුටන් සහ ඇගේ මව ඔවුන්ගේ අසල්වැසියන් විසින් මායාකාරියන් බවට චෝදනා කරන ලදී. එබැවින් ඔවුන් බැඳ මෝල් වේල්ලට විසි කරනු ලැබුවේ මතුපිටට පාවීමට හැකිද බැලීමටය.
පසුව ඔවුන්ව අත පා ගැට ගසා ගිල්වා දැමිනි. නමුත් ඔවුන් මියගියේ නැත. පසුව කාන්තාවන් දෙදෙනාම එල්ලා මරා දමන ලදී. එම සිදුවීම චිත්ර ශිල්පියෙකුගේ ඇසින්….
උපුටා ගැනීම: රාම් වණා