මේ චිත්‍රය මොකක්ද සහ ඒකේ තේරුම මොකක්ද ? (සංස්කෘතිය හා කළා නිර්මාණ)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ චිත්රය මොකක්ද සහ ඒකේ තේරුම මොකක්ද කියලා ගොඩාක් අය අහලා තිබ්බා.
මේ තියෙන්නේ බි්රතාන්ය ජාතික චිත්ර ශිල්පියෙකු වන එඩ්වර්ඩ් පොයින්ටර් ඇඳපු The Cave of the Storm Nymphs කියන චිත්රය. පොයින්ටර් මේ චිත්රයේ වර්ෂන් දෙකක් ඇන්දා. එකක් 1902 දී. අනික 1903 දී. මේ චිත්ර දෙක බැලූ බැල්මට එකක් වුණත්, පොඩි පොඩි වෙනස් කම් තියෙනවා.
මේ චිත්රයෙන් නිරූපනය වෙන්නේ නිරුවත් ග්රීක අප්සරාවියෝ තිදෙනෙක් මහා සාගරයේ යාත්රා කරන නාවුකයන්ව මරණය වෙත ආකාර්ශනය කර ගන්නා අයුරුයි.
ග්රීක පුරාණ කතාවලට අනුව Sirens නැතිනම් Nymphs යනුවෙන් හැඳින්වෙන්නේ දුටුවන් වශී කරන අප්සරාවියන් කොට්ඨාශයක්. හරියට කිව්වොත් දිය කිඳුරියෝ වගෙයි. හැබැයි මේ අය දිය කිඳුරියන්ට වඩා වෙනස්. අර මාළුවන්ගේ වගේ කොටස නැහැ. ඒ වෙනුවට තියෙන්නේ ලාලිත්යයෙන් අනූන ස්ත්රී ශරීරයක්.
මේ අප්සරාවියෝ ජීවත් වෙන්නේ පාළු දූපත් අසළ තියෙන ගල් ගුහාවල. මේ ගල් ගුහා ළඟින් රුවල් නැවු යනකොට මේ අය තමන්ගේ ස්ත්රී ලාලිත්ය පෙන්නලා ඒවයේ නැවියන්ව තමන් වෙත ආකර්ශන කර ගන්නවා. ඉතින් නැවු මේ ගල් ගුහා අසළට ළං වෙන කොට විශාල කුණාටු ඇවිත් ඒ නැවු මුහුදු බත් වෙනවා. නාවුකයෝ මැරිලා යනවා. අප්සරාවියේ ඒ නැවුවල තියෙන වටිනා බඩු බාහිරාදිය ගෙනත් ඒ අයගේ ගල් ගුහාවේ තැන්පත් කරනවා.
සමහර අය කියලා තිබ්බා මේ අප්සරාවියන්ගේ පියයුරු ගොඩාක් පොඩියි කියලා. කොහොමත් හොඳින් වැඩුණු ලොකු පියයුරු තියෙන කාන්තාවෝ සාරාගී බවෙන් වැඩියි කියලා විශ්වාස කරන්නේ ශ්රී ලංකාව ඇතුළු ආසියානු රටවල ජීවත් වෙන පිරිමි විතරයි. ඒ නිසා තමයි මේ කලාපයේ නිර්මාණය වුණු කලා නිර්මාණවල ස්ත්රීන්ගේ පියයුරු ලොකුවට ඇතුළත් කරලා තියෙන්නේ. උදාහරණයකට ඕනේ නම් සීගිරි අප්සරාවන්ගේ චිත්ර ගන්න පුලුවන්.
ඒත් බටහිර රටවල පිරිමි සරාගී කියලා කියන්නේ පියයුරු බොහෝම කුඩාවට පිහිටලා තියෙන කාන්තාවන්ට. ඒ නිසා බටහිර කලා නිර්මාණවල ස්ත්රී ලාලිත්ය බොහෝ විට නිරූපනය කරන්නේ සිහින් සිරුරක් සහ කුඩා පියයුරු තියෙන කාන්තාවෝ…
No photo description available.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!