ලස්සන මුද්දක්, මුදල් පසුම්බියක්, පැරණි කාසියක් හෝ රැහැන් රහිත එයාර් පොඩ් යුගලයක් වගේ දෙයක් ඔයා යන පාරක වැටිලා තිබුණොත් ඔයා මොකද කරන්නෙ? ඒක අහුලගන්නවා නේද? ඒත් මේ වගේ ඔයාගෙ නොවන දෙයක් පාරකදි හෝ කොහේ හරි බිම වැටිලා තියනවා දැක්කොත් ඒක අහුලගන්න යාමෙන් ඔයාට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවෙන්න ඉඩ තියනවා.
ලස්සන මුද්දක්, මුදල් පසුම්බියක්, පැරණි කාසියක් හෝ රැහැන් රහිත එයාර් පොඩ් යුගලයක් වගේ දෙයක් ඔයා යන පාරක වැටිලා තිබුණොත් ඔයා මොකද කරන්නෙ? ඒක අහුලගන්නවා නේද? ඒත් මේ වගේ ඔයාගෙ නොවන දෙයක් පාරකදි හෝ කොහේ හරි බිම වැටිලා තියනවා දැක්කොත් ඒක අහුලගන්න යාමෙන් ඔයාට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවෙන්න ඉඩ තියනවා.
ඉතින් අද අපි ඔයාට කියලා දෙන්නෙ පාරේ වැටිලා තියන දේවල් අහුලගන්න යාමෙන් ඔයාට අත්විඳින්න සිදුවෙන කරදර මොනවද කියලයි.
01. මුදල් පසුම්බියක් හෝ මුදල් දැමූ ලියුම් කවරයක්
ඔයා පොලීසියට භාර දෙන්න හිතාගෙන පාරෙ වැටුණු මුදල් පසුම්බියක් අහුලා ගත්තත් ප්‍රවේසම් වෙන්න. සමහරවිට ඔයාව මොකක් හරි උගුලකට අහුවෙන්න පුලුවන්. ඔයා හොයාගත් මුදලින් අඩක් ඉල්ලා “සාක්ෂිකරුවෙකු” පෙනී සිටිය හැකි අතර, පසුව මුදල් පසුම්බියේ හිමිකරු විසින් එය හොරකම් කළා කියලා ඔයාට චෝදනා කරන්න ඉඩ තියනවා. ඔයා පසුම්බිය අහුලන වෙලාවෙ කවුරුහරි සැක සහිත කෙනෙක් ඔයා දිහා බලන් ඉන්නවා දැක්කොත් එක අහුලගන්න එපා.
02. මිල අධික පෙනුමක් ඇති ආභරණ (මුද්දක්, කරාබු)

මේකත් පරණම උපක්‍රමයක්. පාරෙ යනකොට කවුරු හරි කෙනෙක් ඔයාට බිම වැටුණු මිල අධික පෙනුමක් තියන දෙයක් පෙන්වනවා. ඒ මුද්ද ඔයාගෙ නොවුණත් ඔයා ඒක ඇහිඳගෙන අර කෙනාට කිසියම් මුදලකුත් දෙනවා. ඒත් ඊට පස්සෙ තමයි ඔයාට තේරෙන්නෙ ඒක ඇත්තටම වටින දෙයක් නෙවෙයි, බොරු ආභරණයක් කියලා.
03. හෙඩ්සෙට් හෝ ඉයර්ෆෝන්
පාරෙන් ඇහිඳගත් දත් බුරුසුවක් හෝ තුවායක් භාවිතා කරන්න අපි කවුරුත් කැමති නෑ. ඒත් ඉයර්ෆෝන් යුගලයක් කියන්නෙත් අපේ පෞද්ගලික දේවල්වල කොටසක් කියලා ඔයා දැනගෙන හිටියද? හෙඩ්ෆෝන් වල භාවිතා කරන රබර් බුෂ් තුළ බැක්ටීරියා ගොඩක් එකතු වෙනවා. පාරෙ වැටිලා තිබුණු හෙඩ්ෆෝන් හෝ ඉයර්ෆෝන්වල ඒවායේ අයිතිකරුගේ බැක්ටීරියා රාශියක් එකතු වෙලා තියෙන්න පුලුවන්. ඔයා ඒක දාගත්තම ඔයාට ඒ බැක්ටීරියා ආසාදනය වෙලා ලෙඩ රෝග ඇති වෙන්නත් ඉඩ තියනවා.
04. ආයුධ ලෙස භාවිතා කළ හැකි පිහි සහ වෙනත් දේ
ඔයාට පොලිසියත් එක්ක කිසිම ප්‍රශ්නයක් දාගන්න ඕනෙ න්ථ්නම් කවදාවත් පාරෙ වැටිලා තිබුණු පිහියක් හෝ වෙනත් ආයුධයක් අහුලාගන්න එපා. වටිනා දෙයක් අහුලාගත්තොත් සිදුවෙන දේ අපි කලින් කතා කලා. පිහි හෝ වෙනත් ආයුධයක් අහුලා ගත්තත් ඔයාට ඒ වගේම සිදුවීමකට මුහුණ දෙනා සිදුවෙන්න පුලුවන්.
ඒ විතරක් නෙමෙයි, සමහරවිට ආයුධයක් කියන්නෙ නරක අපරාධ කතාවක කොටසක් වෙන්න පුලුවන්. තුවක්කුවක් හෝ ස්නයිපර් රයිෆලයක් පාරෙ දාලා යන්න බැරි වුණත් පිහියක් පහසුවෙන්ම ඉවතට විසි කළ හැකියි. ඔයා ඒක අහුලගත්තම ඔයාගෙ ඇඟිලි සලකුණු ඒ මත රැඳෙන නිසා ඔයාව අපරාධකරුවෙක් කියලා සැක කරන්න ඉඩ තියනවා.
05. වෝකි ටෝකි හෝ වෙනත් සන්නිවේදන උපකරණ
ඔයා වෝකි ටෝකි එකක් වගේ දෙයක් පාරෙ තිබිලා අහුලගත්තොත් ඔයා නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ සැකයට හේතුවෙන්න පුලුවන්. එකවරක් මේ විදියට පාරෙ තිබිලා වෝකි ටෝකියක් ඇහිඳපු කෙනෙක් ඔහු ඉන්න ප්‍රදේශය වගේ දේවල් සඳහන් කරලා අන්තර්ජාලයේ පණිවිඩයක් යවලා තිබුණා. ඒත් අන්තිමට මේකට ඔහු වැරදිකරු වුණා.
ඔයා කඳුකර මාර්ගයක, උමං මාර්ගයක හෝ සාප්පුවක හා විනෝදයට යන තැනකදි වෝකි ටෝකි එකක් හොයා ගත්තොත් ඒක පාවිච්චි කරන්න යන්න එපා. එම ස්ථානයේ මුරකරු, පිළිගැනීමේ නිලධාරියෙකු හෝ ආරක්ෂක නිලධාරියෙකුට එය ලබා දෙන්න. නැත්නම් පොලිසියට කතා කරලා ඒ ගැන දැනුම් දෙන්න.
06. යුද්ධ ඇතිවුණු ප්‍රදේශවල තියන සැක සහිත ලෝහ වස්තු
මේ දේවල් පුපුරන සුලු උපාංග බවට පත්වෙන්න පුලුවන්. ගොඩක් වෙලාවට අත්බෝම්බ වගේ දේවල් හමුවෙන්නෙ වනාන්තරවල හා කෙත්වල පස දියවීමෙන් පසුවයි. ගෙවතු වගාකරුවන්ට හා ගොවීන්ට එයාලගෙ ඉඩම්වල තිබිලා කාලතුවක්කු උණ්ඩ හමුවෙන අවස්ථා ඕනතරම් තියනවා.
ඒ නිසා මේ වගේ වස්තුවක් දැක්කොත් ඒක අල්ලන්න යන්න එපා. ඉක්මනින් එතනින් ඉවත් වෙලා ඒ ගැන පොලීසියට හෝ හමුදාවට දැනුම් දෙන්න පියවර ගන්න.
07. පැරණි කාසි සහ කෞතුක වස්තු
සමහර රටවල නීතිය මගින් පැරණි කාසි හා කෞතුක වස්තු සෙවීම තහනම් කරලා තියනවා. බලධාරීන් “කළු” කැණීම්කරුවන්ට එරහිව පියවර ගන්නේ එහෙමයි. උදාහරණයක් විදියට, 2013 සිට ලෝහ සොයාගන්නා උපකරණ තියන අයව රුසියාවේ නීතිය කඩකරන අය ලෙස සැලකෙනවා. එ නිසා විශේෂ අවසරයකින් තොරව අවුරුදු 100 හෝ ඊට වැඩි පැරණි කෞතුක වස්තු සොයා ගැනීම හා එකතු තහනම්. එහෙම නොවුණොත්, සංස්කෘතික හා පුරාවිද්‍යාත්මක උරුමයන් විනාශ කිරීමට ඔයාව වැරදිකරුවෙක් වෙන්න පුලුවන්.
08. අල්පෙනති සහ ඉඳිකටු
පාවිච්චි කළ හැකි ඉවත දැමිය හැකි සිරින්ජයක් ඔයාගෙ දොරකඩ හෝ ගෙදර අසලදි ඔයාට හමුවුණොත් කවදාවත් ඒක අතට ගන්න එපා. අල්පෙනති හා ඉඳිකටුවක් වුණත් එහෙමයි. මෙමගින් ඔයාට ඒඩ්ස් හැදෙන්නෙ නැති වුණත් වෛරස් රෝග හෝ හෙපටයිටිස් වැළඳීමේ සැලකිය යුතු අවදානමක් තියනවා.
09. සිම් කාඩ්
මේක නම් ගොඩක් අනතුරුදායක දෙයක්. සමහර විට වැරදි වැඩකට පාවිච්චි කරපු සිම් එකක් මේ විදියට පාරේ විසිකරලා ගිහින් තියෙන්න පුලුවන්. ඒක ඔයා අහුලගත්තොත් කලින් ඒ සිම් එකේ අයිතිකාරයගෙ ඔක්කොම වැරදි ඔයාගෙ පිට පැටවෙන්න ඉඩ තියනවා. එහෙමත් නැත්නම් ණයක් අරගෙන ඒවා ගෙවාගන්න බැරුව ණය දීපු අය නිතරම කෝල් කරන නිසා සිම් එක විසි කරා වෙන්නත් පුපුවන්. ඔයා ඒ සිම් එක අහුලගත්තොත් ඒ විදියට එන කෝල්වලට උත්තර දෙන්නත් ඔයාට සිදුවෙනවා. ඒ නිසා නිකරුණේ කරදරවල පැටලෙන්න එපා.
10. කුරුළු පැටවුන්, හුරුබුහුටි දළඹුවන් හා හෙජ්හොග්
විනෝද චාරිකාවක් හෝ කඳවුරු බැඳීමේ සංචාරයක් අතරතුර, ඔයාට වන සතුන් හමුවෙනවා. කොහොම වුණත් එයාලව ඔයාගෙ අතට ගන්න එපා. කූඩුවෙන් වැටුණු කුරුළු පැටියෙක්ව අතට ගන්න එපා. එයාගෙ දෙමව්පියන් දැනටමත් එයා දිගා බලාගෙන ඉන්නෙ. ඒ වගේම චූටි කුරුළු පැටියෙක්ට සාත්තු කරන්න ඔයාට බෑ. මොකද එයාලා කන්නෙ පොඩි දළඹු පැටවුන්, පණුවන් වගේ දේවල්.
සමහ දීප්තිමත් හා ලස්සන දළඹුවන් ගොඩාක් විෂ සහිත වෙන්න පුලුවන්. ඒ වගේම හානිකර හෙජ්හොග් මගින් අප්‍රසන්න රෝග ඇතිවෙන්නත් හේතු වෙනවා.
උපුටා ගැනීම: Ceylon journal