මේ ෆොටෝ දෙකෙන් එකක ටිකක් පැහැදිලිව පේන තැනක තියෙනවා කල් ඉකුත්වීමේ දිනය සහ මිල සඳහා බෝතලය මත බලන්න කියල. හැබයි බෝතලය මත තියෙන තැන ලේසියෙන් පේන තැන්ක් නෙමෙයි. මේක මේ නිශ්පාදනයේ විතරක් නෙමෙයි. බොහෝ ඒවායේ ඉහත කරුනු සඳහන් වෙන්නෙ බොහෝවිට අපහසුවෙන් කියන්න වෙන තැනක. අපි වගේ වයසෙ අයටත් අපහසුනම් වියපත් මිනිස්සුන්ට මේක කොහොමත් කියවන්න බෑ. ඒ වගේම විශේශයෙන්ම යෝගට් වගේ දෙයක් කාල බීල බඩේ අමාරුවක් එහෙම හැදුනොත් හරිම අමාරුයි.
ඇත්තටම මේක කපටිකමක් මේ කොම්පැනිවලින් කරන. රටේ පාරිභෝගික අධිකාරියක් තිබුනට සතපහක වැඩක් නෑ. පාරිභෝගිකයන්ට කිසිම වැඩක් වෙන්නෙ නෑ. අපිත් පුරුදු වෙලා ඉන්නෙ හැම දේටම දේශපාලකයන් ට බනින්න. ඇයි රජයෙන් වැටුප් ලබන, මේ වෙනුවෙන් රාජකාරි කරන ආයතන නිලධාන්ට මේවා ගැන සොයා බලන්න බැරි. එක සැරයක් ගෙදරට ගෙනාපු මිරිස් කෑලි පැකට් එක කැඩුවම අතුලෙ පනුවො හැදිල. අදාල ආයතනයට කෝල් කලහම කිව්වෙ එන්නම් කියල, උන් තාම එනව අවුරුදු 5 වැඩියි.PHI ට කෝල් කලහම කියපු දේ තමයි , පැකට් එක කඩලනම් මොකුත්ම කරන්න බෑ කියල. එතකොට අපේ ඇස්වල ස්කෑනර්ස් තියෙන්න ඕන පැකට් කල බඩු ගනිද්දි 

. ඔන්න ඔහොම රජයේ සේවකයින් ඉන්න රටක අපී ඉන්නෙ. මොනව උනත් පරිස්සමෙන් මිලදී ගැනීම් කරන්න, විශේශයෙන්ම කන බොන දේවල්. දේශපාලකයන් ට බැනල රාජ්ය සේවකයට සුභපතල කොම්පැනි කාරයන්ව දියුනු කරමු. මේක ෆොටෝ එකක් නිසා මෙච්චරවත් පැහැදිලි. නැත්නම් මෙහෙමවත් පේන්නෙ නෑ. 
ඇත්තටම මේක සමාජ අසාධාරණයක් . 








*** කරුනාවෙන් කියන්නම් , මේකටත් දේශපාලනේ ගාවගෙන කමන්ට් දාල ඇමිනෙන්න්න නම් එන්න එපා, පාරිභෝගිකයො හැටියට මේ ගැන හිතන්න, කතා කරන්න. බැරිනම් නිකන් හිටියත් කමක් නෑ**


උපුටා ගැනීම: Nandimithra Kariyawasam