.මේ ඔහුගේ කතාවයි… (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ පින්තූරය ඔබ කොතැනක දී හෝ දැක ඇති…
1979 අප්රේල් 4 දින ඕස්ට්රේලියාවේ පර්ත් හි උපත ලබන ඔහු Heath Andrew Ledger. ලොව ප්රසිද්ධ චිත්රපට නළුවෙක්.
ඔහු කුඩා අවධියේ දෙමාපියන් අතර ඇති වූ ප්රශ්නයක් හේතුවෙන් ඔහුගේ මව සහ පියා වෙන්ව ජීවත් වෙනවා.පසුව ඔහු තම සහෝදරිය සමග වාසය කරනවා.ඇය වෘත්තියෙන් වේදිකා නාට්ය නිළියක්.පාසල් යන කාලයේ ledger නාට්ය වල රගපා ඇතත් සහෝදරිය නිසා ඔහු තවදුරටත් නළුවෙක් වීමට තීරණය කරනවා.
ඇත්ත වශයෙන්ම ඔහුට අවශ්ය වුණේ ඇමරිකාවට ගොස් දක්ෂ නළුවෙක් වීමටත් ඔස්කාර් සම්මානය දිනා ගැනීමත්. ඒත් එය පහසු කටයුත්තක් නොවන බව ඔහු දැනගෙන හිටියා.ඔහු උත්සාහය අතහැරියේ නෑ…
මේ අදහසින් ඔහු 1998 ඕස්ට්රේලියාවේ සිට ඇමරිකාවට යනවා.මුලදී ඔහුට සැලකිය යුතු චරිතයක් රගපෑමට ලැබෙන්නේ නෑ.එහෙත් ඔහුට ලැබුණු චරිතයන්ට ඔහුගේ උපරිම දායකත්වය ලබා දෙනවා වගේම ඒ ඒ චරිතයන්ට කිදාබහිමින් ඒ වෙනුවෙන් උපරිම කැපවීමෙන් වැඩ කරනවා…
ඔහුගේ ජීවිතය වෙනස් වීම ඇරඹෙන්නේ ප්රසිද්ධ අධ්යක්ෂකවරයෙක් වන ක්රිස්ටෝපර් රෝලන්ගේ The Dark Night චිත්රපටයේ චරිතයක් සඳහා ඔහුට ආරාධනා කිරීමත් සමඟ යි.චිත්රපටයක ප්රධාන චරිතයක් බලාපොරොත්තු වන ඔහු The Dark Night හි ප්රධාන චරිතය වන Bat Man ගේ චරිතය බලාපොරොත්තුවෙන් තෝරාගැනීම් සඳහා සහභාගී වෙනවා.දින කීපයකට පසු ඔහුට දැනගන්නට ලැබෙන්නේ ඔහු බලාපොරොත්තු නොවූ දෙයක්..
එම චිත්රපටයේ Bat Man සමඟ රගපෑමට සිටින The Joker ගේ චරිතය වෙනුවෙන් ඔහු තෝරාගත් බව ඔහුට දන්වනවා.එම චරිතය විකට සහ මානසිකව සෘනාත්මක අදහස් දරන චරිතයක් ..එසේම එප චිත්රපටය පුරාම දිවෙන හොදරංගන හැකියාවක් ඇති පළපුරුදු නළුවෙකු විසින් කල යුතු චරිතයක් ද වෙනවා….ඇත්ත වශයෙන්ම ඒ වන විටත් මේ චරිතයට බොහෝ ප්රසිද්ධ නළුවන් බලාපොරොත්තු තබාගෙන හිටියා.අවුරුදු 28ක් වයස ledger ව The Joker වෙනුවෙන් තෝරාගැනීම සම්බන්ධයෙන් බොහෝ අය විරුද්ධ වෙනවා.ඒත් ක්රිස්ටෝපර් රෝලන් තම චිත්රපටය සඳහා ඔහුවම තෝරාගන්නවා…
සියළු බාධක හමුවේ ledger මෙම The Joker ගේ චරිතයට අනුගත වීමට සූදානම් වෙනවා.එහි දී මාසයක් පුරාවට තනිව කාමරයකට වී ඔහු කරන්නේ The Joker වැනි විකට සෘනාත්මක අදහස් දරන්නකුගේ විලාසය ,ගති පැවතුම් ,කතා විලාසය ,ගමන ආදී සෑම දෙයක් ගැනම පොත්පත් සඟරා ච්ත්රපට යොදාගනිමින් ස්වයං අධ්යයනයක නියැලීම…උපතින්ම චරිතයට මනාලෙස අනුගත වීමට දක්ෂ ඔහු ඒ චරිතය උපරිමයෙන් ග්රහණය කරගන්නවා…ඔහු තම දින පොතේ මේ සියල්ල සටහන් කරනවා..
වරෙක ඔහු මෙහෙම කියනවා…” එය තිර රචනයට අදාල විය හැකි සියලුම විකට පොත් කියවා මගේ දෑස් වසාගෙන ඒ ගැන මෙනෙහි කිරීමකි.මම මාසයක් පමණ ලන්ඩනයේ හෝටල් කාමරයක වාඩි වී මාවම අගුලු දමා කඅඩා දිනපොතක් සාදා කටහඩවල් අත්යදා බැලුවෙමි.මම මනෝ ව්යාධියකට ගොඩ බැස්සෙමි…ඔහුගේ ක්රියාවන් ගැන හෘද සාක්ෂියක් නැති කෙනෙක්.ඔහු නිරපේක්ෂ සමාජ රෝගියෙක් , සීතලේ ලේ සහිත සමූහ ඝාතක විකටයෙක්….”
අවසානයේ ඔහු රූගතකිරීම් වලට සහභාගී වෙන්නේ තමා ඇත්තවශයෙන්ම එවැනි අයෙක්දැයි දකින්නන් සිතන තරමට චරිතයට ආවේශ වෙමින්…
ඔහුගේ එකම අභිලාෂය වුනේ ඔස්කාර් සම්මානය දිනීමත්…එහි දී තම දෙමව්පියන් නැවත එක් කිරීමත් බව ඇතැම් තැනක සඳහන් වෙනවා..
අවසානයේ ඔහු සාර්ථකව The Dark Night හි The Joker ගේ චරිතය රඟපානවා…චිත්රපටය අවසන් වුවත් ඔහුට ඒ චරිතයෙන් මිදීමට, චරිතයෙන් සම්පූර්ණයෙන් ඉවත් වීමට අපහසු වෙනවා.ඔහු මානසික වෙද්යවරුන්ගේ පිහිට පතනවා…එවගේම ඔහු කොතෙක් උත්සාහ කලත් ඔහුට අවශ්ය වූ සුවපහසු නින්දක් ලබා ගැනීමට ඔහු අපොහොසත් වෙනවා…කෙසේ වෙතත් අවසානයේ 2008 ජනවාරි 22 අධික ඖෂධ මාත්රා භාවිතයෙන් ඔහු මෙලොවින් සමුගන්නවා…😢
එහෙත් ඔහුගේ මරණයට මෙම චරිතය අදාල නොවන බව ඔහුගේ සහෝදරිය ප්රකාශ කර තිබෙනවා.
ඔහුගේ මරණය The Dark Night හි ප්රවර්ධනය සඳහා යෝධ සෙවනැල්ලක් ඇති කිරීමට සමත් වෙනවා.මරණින් මාස 6කට පසුව චිත්රපටය සිනමාහල් වල විවෘත වෙනවා.එය දින 28 ක් තුල ඩොලර් මිලිය 400 කට වඩා වාර්ථාගත දළ ආදායමක් ලබා ගන්නවා.
මරණින් පසුව ඔහුට සම්මාන 30කට අධික ප්රමාණයක් ලැබෙනවා ඒ අතර ඔහුගේ සිහිනය වූ ඔස්කාර් සම්මානය ද වෙනවා..
හොදම සහය නළුවාට හිමි ඇකඩමි සම්මානය, ඕස්ට්රේලියානු ච්ත්රපට ආයතන සම්මාන උළෙලේ දී හොදම නළුවාට හිමි ජාත්යන්තර සම්මානය 2008 දී හොදම සහය නළුවාට හිමි ලොස් ඇන්ජලීස් චිත්රපට විචාරකයින්ගේ සම්මානය,හොදම සහය නළුවාට 2009 ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය ආදී සම්මාන රැසක් ඔහුට හිමි වෙනවා…
කෙසේ වෙතත් ඒ සම්මානයන් ලබා දෙනවිටත් ඔහු මෙලොව හැරගිහින්…ඔහු පැතූ අයුරින් ඔහුට හිමි සම්මාන ඔහුගේ දෙමාපියන් සහ සමහර සම්මානයන් අධ්යක්ෂකවරයා විසින් ද ලබා ගන්නවා…
ඔහුගේ The Dark Night හි රංගනය අතිවිශිෂ්ට බව එම චිත්රපටය බැලුවොත් ඔබටත් දැනේවි…❤❤🌹🌹
Heath Andrew Ledger…Rest in Peace
උපුටා ගැනීම: විරාජිනී ගෝමස්

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!