මේ රටේ එකාලා කොරෝනා හැදිල මලත් මදි.අම්මපා
පෝය දවසේ නිවාඩුවත් එක්කම හදිසියේ යොදාගත්ත අදහසක් එක්ක ඊයේ දවසෙ අපි හතර දෙනෙක් හෝටන් තැන්නට ගියා.කොරොනා ප්‍රශ්නේ නිසා වෙනද තරම් සෙනඟක් නෑ වගේම ඒ හේතුව නිසාමද දන්නෑ වෙනද වගේ වනජීවීයෙං පොලිතින් වගේ නොදිරන දේවල් චෙක් කිරීමත් මේ වෙනකොට නැවතිලා.නමුත් ඒ නිළධාරීන් කාරැණිකව ඉල්ලා සිටිනවා එන හැමෝගෙන්ම පිටතින් ගෙනයන කිසිම දෙයක් ඇතුළේ දාළා නොඑන්නය කියල.
නමුත් තත්වය සෝචනීයයි මිත්රවරැනි
විශ්වාස කරන්න ලෝකාන්තය , බේකර්ස් මාර්ගය පුරාවට අපි එකතු කරා ෆේස් මාස්ක් 10කට වඩා.වතුර බෝතල් 3ක්(දෙකක වතුර තියෙද්දිම විසිකරලා) නානාප්‍රකාර පොලිතින් දවටන මල්ලක් පිරෙන්න.මේකේ ජරාම දේත් කියන්නම්.මේ ෆේස් මාස්ක් වලිං එකක් හැර අනිත් සියළුම ඒවා අළුත්.බොහෝවිට ඊයේ දවසේ ආපු මිනිස්සු දාලා ගියඒවා වීමට ඉඩ ඉතා ඉහළයි.
නිකමට හිතන්න දවසට අපි මාස්ක් 10කට එහාපැත්තේ පාර දෙපැත්තෙං එකතු කරානං පහුගිය ටිකේ කොයි තරම් මාස්ක් ප්‍රමාණයක් කැලේට එකතු වෙලා ඇතිද කියල.මේ මිනිස්සු සත්තුන්ටත් අන්තයි.එච්චරනං කමක් නැහැ.කවුරැ හරි ශුක්‍රාණු සුනඛයෙක් එක තැනක මළපහ කරලා ගිහිං තිබුනා.පුද්ගලිකව හෝටන් තැන්න කියන්නේ මම අතිශය කැමති පරිසරයක්.කවදාවත් මගේ බලාපොරොත්තු නොකඩපු හැම විටම මට අළුත් දෙයක් දීපු වනෝද්‍යානයක්.එහෙම තැනක මේ වගේ පහරපු කාලකන්ණින්ට අපායේ දෙන දඬුවමුත් හොදටම මදි.
අනික මිනිස්සුන්ගේ තියෙන වගකීම් විරහිත බව.හෝටන් කියන්නේ කොරෝනා ව්‍යාප්තියට හොදම ආකාරයේ දේශගුණයක් සහිත කලාපයක්..මේ වගේ තැනක තමංගේ මාස්ක් විසි කරලා යන එකා මනුස්ස භවයක් ලැබුන පෙරේතයෙක්.
හෝටන් බැරිනම් ඕන මළදානයක පළයල්ලා.ඒකට කමක් නෑ.හැබැයි ගෙනියන හැම දේම ආයිත් අරං වරෙවු.එහෙම නොකරන උංට කොරෝනා නෙමේ ඉබෝලා හැදිලයි මැරෙන්න ඕන
උපුටා ගැනීම: Dinuka Liyanage