හබලන්න ෆ්රෙන්ඩ්ස් මෙච්චර දවස් ඔයාලා උඳු වඩේ කියලා කාලා තියෙන්නෙ වෙන දෙයක්.මෙන්න මේවා තමා ඔරිජිනල් උළුඳු වඩේ.
සරලයි සුකුමයි කියලා දවස් දෙකක්ම උඳු පොඟාන දිව හපාන,
‘වඩේ හදනා සැටි මා පෙන්වමි’කියලා පංපෝරිත් ගහලා හැදුවෙ.අන්තිමට උඳු වඩේ එකේ මැද තියෙන සිදුර ගන්න බෑ.
උඳු වඩයක් උනාම ඒකේ සිදුර ඕනිම යෑ.මල විකාර.
ඇත්තටම උඳු වඩයේ හිල හැදීම කාලය ශ්රමය අපතේ යැවීමක්.මොකද වඩේ එක කද්දි වත් ඒකෙන් කිසිම ප්රයෝජනයක් නෑනේ.
ඒ නිසා මං කොහොමත් ආයේ හැදුවත් උඳු වඩේ හදන්නේ ඕම.වෙනසක් නෑ ඉස්සර හැදුවෙත් ඕම තමා.
ඔයැයිලට කියන්න දවසක් උඳු වඩේ ඔය විදියට මම හදද්දි උඳු වඩේ පහක් හයක් කාපු පොඩි එකා මගෙන් ඇහුවා
“අම්මේ මොනවද මේ?”
“ඕවා පුතේ උඳුවඩේ.”
“ඈ…….මේවා උඳු වඩේද?උඳු වඩේ නම් මැද හිලක් තියෙන්න ඕනි.ආච්චි හදන්නෙ එහෙමනේ?අනේ මට එපා.මැද හිල නැතිව උඳු වඩේ කන්න මට බෑ!”
ඕන්න ඕක එදා සිද්ද උන නිසා මං පොඩ්ඩට කීවේ නෑ මේ උඳු වඩේ කියලා.
කොහොමත් පොඩි පොඩි වෙනස්කම් කරලා නම මාරු කරලා ඔයාලත් ඕවා හදලා බලන්න අනේ නිකං ඉන්න එකේ.
අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව මොකක්ද එකක් කියලත් එකක් තියෙනවනේ.ඒ නිසා මාව ආදර්ශයට අරන් හරි ඔයාලත් වැඩ කරන්න.
අනිත් එක තමා චරිත 5ක් කතාවේ ආයේ මවගෙ චරිතේ පැහැදිලි කරන්න අටුවා ටීකා ලියන්න ඕනි නෑ.මේක කියවලා මව ගැන චිත්තාවබෝධය ඇතිකරගන්න.
එහෙනම් කවුරු හරි කීවෝත් “හිල නැති උඳුවඩේ කියලා දෙයක් නෑ පුතා…උඳුවඩේ කියන්නෙ සෙලවෙන මනසට ” කියලා ඌට කණට පාරක් ගහලා මේ පෝස්ට් එක පෙන්නන්න.
එහෙනම් මම ගිහින් එන්නම්.කියවපු සැමට ස්තූති!
පස්න තියනවද,පස්න ??
උපුටා ගැනීම: Achini Lakmini Ekanayake