පහුගිය දවස් වල ෆේස්බුක් එකේ එහා මෙහා ශෙයා උන එක්තරා පෝස්ට් එකක් මනෝජ් එයාගෙ ෆෝන් එකේ සේව් කරලා තියාගෙන නිවාඩු වෙලාවක මට පෙන්නන්න ඕනි කියලා හිතාන.
අද උදේ ඉදන් ෆෝන් එක ඔබ ඔබ හිටපු උන්දැ එක පාරටම ඒ සේව් කරපු පෝස්ට් එක ගැලරියෙ තියෙනවා දැකලා ෆෝන් එකත් උස්සන් දුවගෙන ආවා මම උය උය හිටපු තැනට.
“මට මේක කලින් ඔයාට පෙන්නන්න බැරි උනානෙ සුදු..අපි දැන් කෝටිපතියො වෙන්න යන්නෙ.”
“මොකක්ද”
“මොකක්ද තමයි.මේ බලනවකො දැනටමත් පරක්කුද දන් නෑ.යකෝ එක පාරම කෝටිපතියෙක් වෙන්න තිබ්බ චාන්ස් එක තව පොඩ්ඩෙන් නැති වෙනවා.”
“එලියට බහින්න නැතුව ගෙට වෙලා ඉදලා පිස්සු හැදිලද ඉබ්බො..එක පාරම කෝටිපතියෙක් වෙන හැටි ඕකෙ තියෙයි නම්,ඔයා ඒක නොකරම ඉදී.කෝ පෙන්නනවකෝ බලන්න.සෙට් වෙන වැඩක් නම් එකෙන්ම කරමු ඉතින් “
” ඒක තමයි අප්ප.සැක් මට මේක ඔයාට කලින් කියන්න බැරි උනානෙ. කිව්වා නම් ඔයා මෙච්වර පරක්කු වෙන්න දෙන් නෑ..සම්පතුත් ලග තියාගෙන ඔයා ක්රියාත්මක නොවුනොත් තමයි පුදුම.”
” මොන රෙද්දක්ද කියවන්නෙ.කෝ පෙන්නවකො බලන්න ඕක”
(නිරෝගී පුරුශයෙකුගේ වම් වෘශන කෝශය ලක්ශ දෙසීයකට මිලදී ගන්නා පුවතක් ඇමරිකා එකසත් ජනපදයෙන් වාර්තා වෙයි.)
ඒක දැක්කාම මට ඉහේ මලක් පිපුනා වගේ උනා ඉතින්.ඇයි යකෝ නිකම් ඉදලා ගන්න තියෙන සල්ලිනෙ..
රටාසන් එකේ මියුසික් එක හිතින් ප්ලේ කරන ගමන් ලූනූ කපකප හිටපු පිහියත් අරන් හැරුනා මනුස්සයා ඉන්න පැත්තට …
“යකෝ මම විහිලුවක් කලේ.තෝ හදන්නෙ මේකත් විකුනන් කන්නද.”
කියාගෙන පොර මිසින්.එවෙලෙ ඉදන් මනුස්සයව දකින දකින පාරට මම
“මේ විකුණමුද….”
“එකක් විකුණමුද ….”
“ඒයි විකුණමුද ….”
“විකුණමුනෙ හානෙ….” කිය කිය කනකොටත් අහනවා,තේ බොනකොටත් අහනවා,නානකොටත් අහනවා,ටීවී බලනකොටත් අහනවා.
මනුස්සයා බලු සාන්තයගෙ හිනාව දාලා ඒ හැමවෙලේම සේප් වෙනවා.
අන්තිමට හවස බලනකොට ඇදට වෙලා අහස පොලව ගැටලන්න වගේ මෑන් කල්පනාවක.
“මොනාද මනෝ ගගහා හිතන්නෙ.පාරෙදි දැක්ක කෙල්ලෙක් ගැනද”
“මගුලක් කියනවා.
මම අර පෝස්ට් එකක් තමුසෙට පෙන්නලා කරගත්ත මෝඩකමක්.යකො මම මේ කල්පනා කරන්නෙ දැන් කෝමද මම ජීවිත කාලයක්ම මේ යක්ශ ගෑනිගෙන් මගෙ ලක්ශ හාරසීය පරිස්සම් කරගන්නෙ කියලා.”
මියුසික් ….
උපුටා ගැනීම: Nirmani Sandareka