මේක මගේ කතාව.
මම මගේ ජීවිතේ චිත්රපටි දහස් ගාණක් බලලා ඇති. ඒ හැමඑකේම මගේ හිත තදින්ම අල්ලගත්ත වාක්ය තියෙන්නේ හැරී පොටර් එකේ. ඩම්බල්ඩෝර් සහ ස්නේප් ගේ කතාබහක.
පෝටර් ගේ අම්මා ලිලීට ස්නේප් තාමත් ආදරෙයි කියලා ඩම්බල්ඩෝර් දැනගත්තම ඔහු අහනවා “මෙච්චර කාලයක් ගිහිල්ලත් තාමත් එහෙමද කියලා” ඒකට ස්නේප් දෙනවා ලස්සන උත්තරයක්. එක වචනයකින්. “සදහටම” කියලා.
“After all this time?, Always” මේක තමයි ඒ දෙබස.
මේක මගේ කතාවත් වෙන්න ඇති.
මගේ ආදර කතාව පටන්ගන්නේ කැම්පස් යන්න කලින්. දෙන්නම කැම්පස් යන්න තරම් වාසනාවන්ත වුනත් එකම කැම්පස් එකකට යන්න අපේ දෛවය ඉඩ දුන්නේ නැහැ. රෑන්ක් දෙකකින් වගේ එයාට මගේ කැම්පස් එක මිස් වුනා.
කොච්චර දුර වුනත් අපේ ආදර කතාවට ඒක බාධාවක් වුනේ නැහැ. කාලයත් එක්ක අපේ බාධක එක්ක අපි ඇවිදගෙන ගියා. මේ වෙද්දී අපිට ගෙවල් වල කිසිම ප්රශ්නයක් තිබුනෙත් නැහැ.
අපේ ජීවිත වෙනස් වුනේ මම උපාධිය සම්පූර්ණ කලාට පස්සේ. අපි දෙන්නගේ උපාධි අතර මාස 6 ක විතර ගැප් එකක් තිබුණා. මම පශ්චාත් උපාධිය පටන්ගත්තා. රිසර්ච් එකකුත් එක්ක. හෙලවෙන්න වත් බැහැ වැඩ. උදේ ඉදන් රෑ වෙනකම්. සෙනසුරාදා ඉරිදා උනත් නිදහසක් තිබුණේ නැහැ. ඒත් අපි පුළුවන් හැමවෙලේම හම්බවුනා. මම ඒවා මඟහැරියේ නැහැ.
කාලයත් එක්ක මට තිබුණ පීඩනයයි වැඩයි එක්ක මම වෙනස් වුනා. මට නොදැනිම. ඒත් ඒක එයාට දැනිලා තිබුණා. මේ වෙද්දී අපි අපේ අභියෝග ජයගෙන ඉවරයි. දෙන්නම ඉගෙනගෙන, ගෙවල් වල කැමැත්ත ලැබිලා අපි දෙන්නට වෙන ප්රශ්න තිබුණේ නැහැ.
මටත් නොදැනුන මගේ වෙනස එයාට දැනිලා තිබුණා. ඒකට වෙන්න ඇති ආදරේ කියන්නේ. එයා ඒ ගැන මට කිව්වා. මම කොච්චර උත්සාහ කලත් මට ඒ වැරැද්ද හදාගන්න බැරි වුනා. මට තිබුණ මානසික පීඩනයයි වැඩයි එක්ක මම හිර වුනා.
මගේ වෙනස්වීම එයාට දරාගන්න අමාරු වුනා. එයා මේක ගැන තීරණයක් ගත්තා.
“අපි මේක නවත්තමු..”
අවුරුදු 5ක ආදර කතාවේ හැම තැනක්ම මට මැවිලා පෙනුනා. අපි ගිය තැන්, අපි කතා කරපු දේවල් ෆිල්ම් එකක් වගේ මගේ ඉස්සරහ මැවුනා. මම නවත්වන්න බෑ කිව්වා. මට ශක්තියක් තිබුණේ නැහැ එයා නැතුව ඉන්න.
එයා මට තව අවස්ථාවක් දුන්නා. ඒත් ඒ එක්කම එයාගේ වෙනස මට තේරුණා. මගේ වෙනස්වීම ගැන එයා නිතරම කිව්වා. වැඩ එක්ක තිබ්බ පීඩනයට මට එයාගෙන් ආව පීඩනයත් එකතු වුනා. මගේ තත්ත්වය එයාට තේරුම්ගන්න බැරි වෙන්න ඇති. ඒත් මම එයා ගැන හිතලා ඉවසුවා.
කාලෙත් එක්ක මට හැමදේම එපා වෙන මට්ටමකට ආවා. මගේ හැමදේකම වැරැද්දක් එයා දැක්කා. මට තවත් අමාරු වුනා. ඔය අතර වෙන කෙනෙක් මට ලංවුනා. මටත් නොදැනිම අමුතුම තැනක මම නතර වුනා. ඒක ආදරයක් නෙමෙයි. මම දිවුරලා කියන්නම්. ඒක ආදරයක් නෙමෙයි.
මේ සිද්ධිය එයාට ආරංචි වුනා. ප්රශ්න ඇති වුනා. මම පරාජය වගේම වැරැද්දත් බාර ගත්තා. සම්බන්ධය නැවතුනා.
ඔව් මම පිළිගන්නවා. සම්පූර්ණ වැරැද්ද මගේ.
මට ප්රශ්නේ වුනේ වැරැද්ද බාරගන්න එක නෙමෙයි. මම ගැන අම්මලාගේ තිබුණ ඉමේජ් එක වෙනස් වුන එක.
මම හිමින් හිමින් හිත හදාගත්තා. අවුරුදු 26 ක් වෙලත් මත්පැන් දිහා නොබලපු මම බීමට ඇබ්බැහි වුනා. දවසගානේ බොන්න පුරුදු වුනා. සිගරට් පැකට් එකක් දවස් දෙකෙන් ඉවරවෙන තරමට මගේ පීඩනය වැඩි වුනා. උපාධියේ සමහර කෝස් අවුල් වුනා. ඒත් මට ගාණක් තිබුණේ නැහැ. එයාගේ ෆොටෝ බල බල අඩන්න පුරුදු වුනා.
දැන් අවුරුදු 3 ක්, ඔව් අවුරුදු 3 ක් මම බලාගෙන හිටියා. තාමත් ඉන්නවා. හැමදාමත් ඉන්නවා. මේ අවුරුදු 3 ඇතුලේ මට ගෑණු ලමයි ඕනේතරම් හම්බවුනා. ඒත් මගේ හිත වෙනස් වුනේ නැහැ.
විවාහ යෝජනා ආවා, යාළුවෙන්න අහපු ගෑණු ලමයි හිටියා. ඒත් මම ආයෙත් දවසක ආදරේ කරන්නේ එයාටම විතරයි කියලා තීරණය කලා.
මේ කාලය තුල එයත් වෙන කාටවත් ආදරේ කරලා නෑ කියලා මම දන්නවා.
සමහරවිට අපි ආයෙත් එක්වේවි. සමහරවිට හැමදාමත් මෙහෙම ඉඳීවි. ඒත් කමක් නැහැ. පටන්ගන්න හැම කතාවක්ම ලස්සනට අවසන් වෙන්නෙ ඕනේ කියලා එකක් නැහැ නේ.
ඉතින් මම තාමත් බලාගෙන ඉන්නවා “…පසුවදන ලියන්නට එතැයි කියා…”
උපුටා ගැනීම: Tharindra Jayasinghe