“ගුවන් නියමුවෙක්ගේ බලපත්‍රය වලංගු වෙන්නේ මෙඩිකල් එක වලංගු තාක් කල් විතරයි. බැරි වෙලාවත් මෙඩිකල් ෆේල් වුනොත් ආයි ඤංපචං මොකවත් බෑ. කෙලින්ම ගෙදර. ඉතින් අපේ පයිලට්ලා මෙඩිකල් එකෙන් ගොඩ එන්න නොකරන දෙයක් නැහැ! මෙඩිකල් ලන්වෙන්කොට වතුර ගැලුන් ගණන් බොනවා, කරපිංචා සම්බෝලේ කනවා, පිට්ටනි වටේ දුවනවා, වෙද ගෙවල් හොයා හොයා යනවා. එකී මෙකී නොකී සෑම උප්පරවැට්ටියක්ම කරනවා මෙඩිකල් එක ගොඩ දා ගන්න. ඔය අතරේ ඉන්නව සිරාවටම කට්ට වෙට්ටපිත්තල වෙච්ච ටික දෙනෙක්. අදට උදාහරණ ටිකක් කියන්නම්. නැත්තම් පොතක් ලියන්න වේවි පළමුවෙනි සාම්පල් එක: දවසක් මම මෙඩිකල් ගිහින් ඇස් චෙක් කරන කාමරේ වාඩිවෙලා ඉන්නවා. මගේ ළඟ ටිකක් වයසක පයිලට් අන්කල් කෙනෙක්. ඒ දවස්වල තිබුනේ අර අකුරු තියන බෝඩ් එක. අන්කල් බෝඩ් එක දිහා ඇසිපිය නොහෙලා බලා ඉන්නවා. උන්නැහේගේ ට්‍රික් එක තමයි අර අන්තිමට චූටි අකුරෙන් තියන පේලි දෙක සුපිරියටම කටපාඩම් කරගන්න එක. ඔන්න දැන් ඇස් දොස්තරගේ චක් ගෝලය අඬගහනවා. “කම් සර්. දැන් දකුණු ඇහැ වහල අන්තිම පේලියට උඩින් තියන පේලිය කියවන්න සර්.” අන්කල් එක හුස්මට “එල්ඊඑෆ්ඕඩීපීසීටී” කියාගෙන යනවා. “ඕකේ ගුඩ්. නව් රීඩ් ද ලාස්ට් ලයින්” “පී- ඊ- ඉසෙඩ්- ඕ- එල්- සී- එෆ්- ටී- ඩී” අන්කල් සටපටසටපට ගාල කියාගෙන යනවා. දොස්තරගේ ගෝලයට පුල්ම සැටිස් . “බලන්නකෝ නේද මිස්. අද තරුණ කෙනෙකුටවත් නැහැ ඔය වගේ හොඳ විෂන් එකක්” දෙවෙනි කට්ටයා: උන්නැහේට හෙනම දියවැඩියාව. අවුරුදු විස්සක් තිස්සේ තිබුණු දෙයක්. ඉතින් මෙඩිකල් ගියාම අර චූටි කුප්පියක් දෙනවනේ යුරින් දාන්න. ආන්න හරි! ඒ පොඩි කුප්පිය තමයි. ඉතින් අපේ කපිතාන් උන්නැහේට ඔය යුරින් කර කර ඉන්න වෙලාවක් නැහැ. එයා ඉතින් ටොයිලට් එකට ගිහින්, “ගෙදරින් ගෙනාපු” යුරින් ටික – ඒ කිව්වේ එයාගේ නෙමෙයි , එයාගේ පුතණ්ඩියාගේ මුත්‍රා ටික සයන්ස් එකට අර නර්ස් නෝනා දුන්නු කුප්පියට ට්‍රාන්ස්ෆ්ර් කරනව. දැන් ටිෂු එකක් අරන් වටේ හොඳට පිහ දානවා. ෂා මාරම සැටිස්! දැන් විසිල් පාරක් ගගහ නර්ස් ස්ටේෂන් එක පැත්තේ කැරකිලා බෝතලේ බාර දෙන්න විතරයි තියෙන්නේ. සිම්පල් ප්ලෑන් එකක්! විශ්‍රාම යනකල්ම වැඩේ ගෙනිච්ච. විශ්‍රාම යන්න ඔන්න මෙන්න තියෙද්දී ලෙඩ සේරම පෙන්නලා මොකද්දෝ හුටපටයක් කරලා හෙන තඩි ඉන්ෂුරන්ස් එකක් ගත්ත. තුන්වෙනි: ඇම්ඩන්ගේ බාප්පාගේ පුතා. ඩොක්ට කියනවා “ඕකේ කැප්ටන් දැන් හොඳ හුස්මක් අරන් විනාඩියක් අල්ලන් ඉන්න බලන්න” බුවා ලොකු හුස්මක් උඩට ගන්නවා. අරන් හිමීන් සීරුවේ, ලාවට, පපුව හොල්ලන්නෙ නැතුව හුස්ම සුක්ෂම ලෙස පිටකරනවා. ඩොකා එයාගේ අතේ ඔරලෝසුව බලන් ඉන්නවා. ඔහොම හුස්ම සේරම යවල, විනාඩිය ඉවරවෙනවත් එක්කම ‘හොහ්’ ගාල ලොකු සද්දයක් දාල හුස්මක් පිටකරනවා. ඩොකා හිතන් ඉන්නේ මෙයා විනාඩියක්ම හුස්ම අල්ලන් ඉඳල තමයි ‘හහ්’ ගෑවේ කියල. “වෙරි ගුඩ් ලං කැපැසිටි” ඩොක්ට කියනව අනිත් කට්ටයා: එයා ඇම්ඩන්ගේ අප්පච්චි. එයා ලෝකෙට පෙන්නන්නේ එයා හෙනම දානපතිය කියලය. දුප්පතුන්ට පිහිට වෙන බව පෙන්නලා ලෝකේ හැම රටකින්ම මුදල් ලබා ගන්නවා. ටිකක් වගේ පිහිටත් වෙනවා. ඒ කිව්වේ දහදෙනෙකුට එන සල්ලි වලින් තුන් දෙනෙකුට විතර “පිහිට” වෙලා අනිත් ටික පොකට්ටුවට දා ගන්නවා. ඔහුගේ ධන පරිත්‍යාගයෙන් “පිහිට” ලබාගන්න කිහිප දෙනා අතර දොස්තරලා නර්ස්ල, අටෙන්ඩන්ට්ල වගේ අය අනිවා ඉන්නවා. ඉතින් උන්නැහේ තම වෘත්තීය ජීවිතය ආරම්භයෙ සිට අවසානය දක්වා කිසිදු විටෙක ලෙඩ නොවුණු ගුවන් නියමුවා හැටියට ඉතිහාස ගත වෙන බව කව්දෝ කියනවා ඇහුණා. පොරව අදහන්න වටිනවා කියලයි මම හිතන්නේ.”
උපුටා ගැනීම: Ashi Fernando