මී (පරිසරය හා ස්වභාවධර්මය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
පර සුද්දා කැපූ ,හෙල රජ දරුවන් සුරැකී පොහොර ගස හෙවත් මී ගස🔥⚡
අපේ මී ගස රජ අණින් අවසර ලබා නොගෙන කැපීම තහනමි කරපු එකම වෘක්ෂයයි.
👉දේවානම් පියතිස්ස රජතුමා රාජ ආඥාවක් පනවා මී ගස කපන පුද්ගලයින්ට මරණ දණ්ඩනය පවා නියම කලා.👈
සාමාන්යයෙන් ගස්වලින් දහවල් කාලයේදී ඔක්සිජන් මුදාහරින අතර රාත්රී කාලයේදී කාබන්ඩයොක්සයිඩ් පිට කරයි.නමුත් මී ගස දහවලත් රාත්රියේ දී ජීව ඔක්සිජන් වැඩි වශයෙන් පිට කරයි.
කෙතරමි පූජනීය වුවත් බෝ ගස කපන්නට රජුගෙන් අවසර ගත යුතු වූයේ නැහැ.නමුත් මී ගස තහනම්.
1833 සුද්දා විසින් ඉදිරිපත් කෙරූ ” කෝල්බෲක් – කැමරන් ප්රතිසංස්කරණවලින් ” පසු මී ගස කැපීම ආරමිභ වූවා.
කුඹුරේතැන තැන තිබූ දැවැන්ත මී ගස් ටික කැපුවෙි අපිමයි.සුද්දා ඒකට අපව දිරිමත් කලා .ගොවි බිමි පාලු උනාම අපි සුද්දගෙ වත්තෙ වැඩට ගියා.
🔥පුරාණේ අපේ කුඹුරු ටික පොහොර කලේ මී ගස . මී ගෙඩි කන්න ආවා වවුල්ලු වසුරු ( බෙටි ) දැමිමා.එයින් ගිනි පෙටිටි පියනක ප්රමානයක යූරියා කිලෝ දෙක තුනක ඇති රසායනික සංඝටක තිබෙනවා. 🔥
වවුල් වසුරු වල ඇති සංඝටක ස්වභාවික ව දිරාපත් වන දෑ .බැර ලෝහ එහි නැහැ.ඇමෝනියා ,යූරියා , TDM පොහොර වලින් දෙන රසායනික උත්තේජනය දෙනවා.
මී ගසට ඇදී එන වවුලන් නිසා ගොවිතැනට ඇදී එන පළිබෝදකයන් විශාල ලෙස පාලනය වන අතර මී ගසේ මල්වලට ආකර්ශනය වන මී මැස්සන් නිසා ගොයමි මැස්සන් කුඹුරට ඇදී ඒම සීමා වෙනවා.මෙලෙස ස්වාභාවික පලිබෝද පාලනය මී ගසේ ඇති තවත් එක් සුවීශේෂී ලක්ශනයක්.
සිංහල වෙදකමට අදටත් මී ඇට සහ මී මල් ලබා ගන්නවා.හෙළ රජ දරුවන් මහත් ඕනෑකමින් ආරක්ෂා කළ මී ගස වී ගොවිතැනේ දී කෘමීන් පළවා හැරීමටත්, පක්ෂීන් ආකර්ශනය කර ගැනීමටත්, පත්ර කෙත සරුකරන පොහොරක් ලෙසත් උපයෝගී විය. කුඹුරු අක්කරයකට එක් මී ගසක් ප්රමාණවත්ය. මී ඵල රස බැලීමට පැමිණෙන වවුලන්ගේ වසුරුවලින් පැළ ගොයමට අවැසි ජීවාන්තර පොහොර (නයිට්රජන්) ලැබේ. තවද ගොයමට හානිකර වූ මැස්සන් ආදි කුඩා කෘමි සතුන් වවුලන්ගේ ආහාර වීම නිසා ගොයමට සිදුවන කෘමි හානිය ද පාලනය වේ.
එමෙන්ම මී මලෙහි පැණි බීමට එන මී මැස්සන්ගේ නාදයද කෘමි හානිය අවමවන තවත් ක්රමයකි. තවද පැරැන්නෝ කෙම් ක්රමයක් ලෙස නැගෙනහිරට පිහිටා ඇති මී මුලක් කුඹුරෙහි සිව් කොනෙහි ගැසීම කරන ලදි. ඉන් බලාපොරොත්තු වූයේ කෘමි හානිය අවමකර ගැනීමයි. එමෙන්ම ගොයමට පොහොරක් ලෙස මී තෙල්හි අතුරු ඵලය වු රොඩ්ඩ භාවිතා කෙරිණි. පැරැන්නෝ මෙවැනි ප්රයෝජන රාශියක් අත්කරගත් මී ගසට විශේෂ ස්ථානයක් ලබා දී තිබුණි. නමුත් අද වනවිට මේ තත්ත්වය වෙනස් වී ඇත. නූතන ගොවිතැන තුළ කෘමීන් මර්දනය සඳහා බහුලව රසායනික පොහොර සහ කෘමිනාශක යොදා ගනී. නමුත් මෙහි අහිතකර ප්රතිඵලය වන්නේ මිනිසා රෝගියෙකු කිරීමයි.
තවද කුප්පි ලාම්පු සදහා මී ගසෙහි තෙල් භාවිතා කිරීමෙන් ඇසට සිසිලක් ලැබෙන බවද පරිසරවේදීන්ගේ මතයයි.
මෙසේ ඖෂධ හා පාරිසරික වශයෙන් වටිනාකමකින් යුත් ගසක් කපා දැමීම මොනතරම් පාපයක්ද ?

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!